ගම්මිරිස් කැඞීමට ගිය හොරාට වත්තේම නින්දගොස් සිටියදී, ඉඩම් හිමියාගෙන් ගුටිකා පැනගිය පුවතක් අසල ගමකින් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේයි.
ඔහු අධික ලෙස මත්වතුරට ඇබ්බැහිවූ අයෙකි. ඒ සඳහා මුදල් උපයාගන්නේ කෙසෙල් කැනක්, පුවක් වල්ලක්, ගම්මිරිස් ටිකක් වැනි සුළු හොරකමකිනි. එදින ඔහු පදමට සප්පායම්වී ගෙදර යමින් සිටි අවස්ථාවේ අසල ඉඩමක තිබෙන සරු ගම්මිරිස් වගාවක් ගැන සිහිවිය. හෙට දවසේ වියදම සඳහා ගම්මිරිස් ටිකක් කඩා ගැනීමට ? බෝවී තිබූ අවස්ථාව හොඳ නිසා ගෙදර ගොස් මල්ලක් රැුගෙනවිත් වත්තට ඇතුළු විය. ටික වේලාවක් ගම්මිරිස් කඩන විට තද නිදිමතක් දැනුනේය. අතේ තිබූ මල්ල බිම එලාගෙන හාන්සිවූ ඔහුට තදින් නින්දගොස් තිබේ.
මේ දිනවල ගම්මිරිස් මිල අධික බැවින් තම වගාව ආරක්ෂා කරගැනීමට ඉඩම් හිමියා අවදියෙන් සිටී. ඔහු වත්තේ ඇවිදගෙන යනවිට තද නින්දේ පසුවූ හොරා අතටම අසුවිය. අසල තිබූ පොල්ලක් අතට ගෙන ඔහුට දිගට හරහට තඩිබාන්නට විය. වෙරි මරගාතේ සිටි හොරා ‘‘බුදු අම්මෝ’’ කියා මරහඬ දෙමින් දුවන විට කලබලය ඇසී පැමිණි අසල්වැසියෝ හොරා හඳුනාගත්හ.
දැන් ඔහු දුටුතැන ‘‘හොඳට නින්ද ගියාදැයි’’ අසද්දී කියන වචන ලියන්නට බැරිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නේ නැහැ ඔහු කළ දේ හරිය කියලා.නමුත් ඒ වාගේ අයෙක් යහමඟට යොමුකරන්නේ කොහොමද කියලා හොයලා බලන එක නේද හොඳ ? (නි)
නියම කතාවක් තමයි මේක නම් (නි)
හොරකමේ තරාතිරම ලොකු හෝ පොඩි වේවා හොරකම හොරකමයි. පොඩි පොඩි හොරකම් තමයි පහු පහු වෙද්දී ලොකු ලොකු හොරකම් වලට හැරෙන්නේ. (නදී)
ඔව් පහන්දී..හොරු කීවට ඒත් මිනිස්සුනේ..කන බොන දෙයක් නැත්නම් ඒ අයටත් දෙන එකනේ මනුස්සකම..ගම්මිරිස් ඇටයක් ගත්තා කියලා ඒ මිනිස්සුන්ව මරාගෙන කන්න හැදුවොත් හෙට ඔයිට වඩා දරුණු දෙයක් කරන්න පුලුවන්.කවුද එතකොට ඇත්තටම හොරකමට අනුබල දීල තියෙන්න. (අ)
මාධව, හොරුන්ට උදව් කරනවා වගේ ........? (අ)
මම නම් හිතන්නේ මනුස්සයා එන්න ඇත්තේ වගාව මුරකරලා දීල යන්න. අයිතිකාරය වැරදියට තේරුන් අරන් (නදී)
පව් නැති බැරි කමට වෙන්නැති. ගහන්න නෙවේ තිබුනේ කරපු වැරැද්ද පෙන්වා දෙන්නයි (නදී)
පහන්දී අක්කේ අපේ වත්ත බලාගන්න එන්න බැරිද ? (ස)
සෙල්වා, ඔයා නම් නියම පිරිමියෙක් කියලා ඔප්පු කළා. ආඩම්බරයි ! (නි)
මනෝජ් සාජා, අපිව නපුරු කරන්නේ මේ සමාජය නොවේද?නැතිබැරිකමට ඉල්ලාගෙන කාලා බඩ පුරවාගන්නවා මිසක් හොරකම නම් අනුමත කරන්නේ නැහැ, මම නම් කොතනදිවත් (නි)
සමහර විට බුලත් කඩන්න ගියාද දන්නේ නැහැ. නිදිමතයි බීමතයි නිසා වෙනස තේරෙන්නෙත් නැතුව ඇතිනේ. එහෙම නැති නම් ඇත්තටම නිදිමතටම ගියා වෙන්න ඇති (නි)
හොරු නම් එහම නිදාගන්නේ නැහැ. (නදී)
මේ පහන්දි අක්කා වාරියපොළ නේද? (නි)
පහන්දී, ඔයා වැඩකරන්නේ කොහේද? (නි)
පහන්දී හරි (නි)
ඔච්චර දරුණු වෙන්න එපා පහන්දී. (නි)
මම එහෙම වුණා නම් ගම්මිරිස් වත්තේ අයිතිකාරයා,හොඳ කඹයක් ගෙනල්ලා එළිවෙනතුරුම බැඳලා තියනවා. ඊටපස්සේ හොඳට පැහුණු ගම්මිරිස් ටිකක් අඹරලා මුළු ඇඟේම ගානවා. තවත් වරක් ගම්මිරිස් තියා වෙන දෙයක්වත් හොරකම් නොකරන්න. (නි)
අනේ මේ කුමාරි, ඔයා දන්නේ නැහැනේ ඒකෙ තියෙන සතුට (නි)
කෙනෙක් දුක් මහන්සියෙන් හිටවාගෙන තියෙන දේ හොරෙන් කන මිනිසුන්ට නම් මේක හොඳ දඩුවමක් (නි)
බේබද්දන්ට වෙරි උනාම තමන් ඉන්න තැනත් අමතකයි.ඕක පාඩමකට අරන් දැන් බොන එක නතර කලානම් අන්න මිනිහ,(අ)
පව් අප්පේ ඇයි නිදාගෙන ඉද්දී ඇහැරුවේ (නදී)
අදනම් ටිකක් හිනාගියා.මේ මනුස්සය කියපු වචන හිතාගන්න පුළුවන්.(දිල්)