(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ගෙදර තිබෙන ග්‍රහ දෝෂය දුරු කරන්නට නිවෙසට පැමිණි දේවාලයක කට්ටඩියා බාල වයස්කාර දරු දෙදෙනා සමග ගිය පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ.
නීත්‍යානුකූලව විවාහ වී වසර 15 කට අධික කාලයක් යුග දිවියේ පසු වූ බිරියක නිවෙසේ සිදුකළ යුතු ශාන්තියක් සඳහා පැමිණි කට්ටඩියා සමග නිමේෂයක් තුළ සම්බන්ධතාවක් ඇති කරගෙන බාල වයස්කාර දියණියක හා පුතා ද කැටුව නිවෙසින් පලාගොස් ඇත.
මෙම කට්ටඩියා ද විවාහක බිරියක හා දරුවන් සිටින පියෙකි.
මෙම නිවෙස් හිමියා පවුලේ ආර්ථිකයේ ආදායම වැඩි කිරීම සඳහා කිරි එළ ගවයන් මිලදී ගෙන තම බිරියට රැක බලා ගන්නට බාර දී තිබෙන අතර නිවෙසේ තිබූ රන් ආභරණ හා කිරි ගවයන් තිදෙනාම විකුණා ඒවා ද මුදල් කරගෙන දරුවන් දෙදෙනාත් සමග සැමියා රාජකාරියේ නියැලී සිටින අතරවාරයේ පලා ගොස් ඇත.
නිවසේ කළ යුතුව තිබූ දෝෂයක් දුරු කිරීමට අවට ප්‍රදේශයක දේවාලයක කට්ටඩියා නිවෙසට ගෙනැවිත් සිදුකළ ශාන්තියක් හේතුවෙන් ඔවුන් අතරේ අනියම් සම්බන්ධතාවක් ඇතිවී තිබෙන බවට ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධව අදාළ පොලිසියට පැමිණිලිකර ඇත.
සැමියා කර තිබෙන පැමිණිල්ලට අනුව අනියම් සැමියා හා බිරිය ගෙනැවිත් පැමිණිල්ල විභාග කරන බවත් ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන ලෙසට ඔවුන්ගේ ආරක්ෂාව නීත්‍යානුකූල බාරකාරත්වයකට පත්කළ යුතු ආකාරය සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෙයි දෝස අරින්න ඇවිත් දරු පවුලම උස්සන් පැනලා