එදා වැසි සහිත දිනයකි. වේලාව රාත‍්‍රී හතට පමණය.
”ඉක්මනට මොකක් හරි අරන් එන්න” බිරිඳ කාමරයේ සිට කෑමොර දෙන්නට වූවාය. නිසැකවම කාමරය තුළ සර්පයෙක් ඇතැයි සිතූ සැමියා වහාම මුගුරක්ද රැුගෙන කාමරයට දිවීය. කාමරයේ සිටියේ විශාල ගරුඬෙකි. හෙතෙම රැුගෙන ගිය මුගුරෙන් ගසා ගරුඬා මරා දැමීය.
ශබ්දය ඇසී එතැනට පැමිණි කුඩා දියණිය, ගරුඬා පොඩිවී මැරී සිටිනු දැක හඬන්නට වූවාය. ”ඇයි තාත්තේ මේ සතාව මැරුවේ. පව්නේද සත්තු මරන්න. ඇය ප‍්‍රශ්න කළාය. කිසි දිනක සතෙක් මරා නොමැති පියාද ඇයගේ ප‍්‍රශ්නයෙන් නිරුත්තර විය.
”ඒ වුණාට මූ කෑවොත් එහෙම”. මව පැවසූ විට ”එයාව මරන්නේ නැතිව කොස්ස ළඟට කිට්ටු කලාම එයා කොස්සට නඟිනවා. එතකොට එයාව ඈතට විසි කරන්න තිබුණානේ” දියණිය පැවසුවේ ඉකි ගසමිනි.
”හරි ආයේ මම සත්තු මරන්නේ නැහැ පුතේ” යැයි කියමින් දියණියගේ හිස අත ගාමින් පොරොන්දු වූ පියා, ”එන්න අපි කෑම කන්න යමු” පැවසීය. ”අද මට කෑම එපා” දියණිය කුසගින්නේ නිදන්නට වූවාය. වාර්තා වූයේ වේයන්ගොඩ ප‍්‍රදේශයෙනි.
ක‍්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුසිත මාත් කැමතියි මේ ප්‍රතිචාර කියවන්න රුපවති එක්ක එල්ලිලා ඉන්න ඒවා එහෙම කියවන්න (බ)
සරත් ,ගොඩ දවසකින්. සතුටුයි. ඒ වුණාට පාත්තයා කියලා කියන බව දැන් දැනගත්තේ (නි)
නොකිළිටි පුංචි සිත් ඇත්ත ඇති සැටියෙන් දකිනවා. දුරදිග සිතන වැඩිහිටි සිත් බොහෝවිට දකින්නේ සංස්කරණය කළ දෙයක්. (නි)
දහඅටපාලි නටන්න බැහැ පිටබැද්දර ජයා. ඒක දහඅට වන්නම... අනේ ..! (නි)
දියණියගෙන් මතක හිටින පාඩමක් ලැබිලා තියෙන්නේ (නි)
පියා හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති (නි)
දැන් අපි මොනවා කිවුවත් සතාට පණ දෙන්න බැහැනේ. පුංචි දෝණිට දැන් ඕක අමතකවෙලත් ඇති. (නි)
අනේ රූපවතියේ, වන්නම් තියෙන්නේ උඩරට සම්ප්‍රදායේ, පාලි තියෙන්නේ පහතරට සම්ප්‍රදායේ (නි)
තාත්තා හොඳ මහත්මයෙක්. ආර්ය ගුණ ඇති උත්තමයෙක්. තමන්ගේ පුංචි දුව කියපු දේ පිළිගත්තා (නි)
මෙන්න නියම දරුවෝ! (නි)
මම නම් කැමති මේ ප්‍රතිචාර කියවන්න. හරි රසවත් (නි)
ඔය ගරුඬා බැරිවෙලාවත් අර ළමයාව කෑවා නම් ඔක්කොම බනීවි දෙමව්පියන්ට නොසැළකිල්ල කියලා (නි)
ගරුඩෙක් කෑවොත් කරන වෙදකම මොනවද? දන්නා කෙනෙක් පල කරන්නකෝ. (බ)
පත්තෑයෙක් කෑවොත් නම් රතු ළුෑණු ගෙඩියක් ඇතිල්ලුවත් ඇති. ඒත් ගරුඬා ඊටවඩා ගොඩක් විසයි. ගරුඬරාජ කොල තලලා විස ගලක් එක්ක තියලා බඳිනවා සතියක් විතර යනතුරු (නි)
ගොඩක් දවසකින් හොද මාතෘකාවක්!(හේ)
ජයා, සන්නි 18යි පාලි 12යි මා දන්නා තරමට. (නි)
ගරුඬෙක් කෑවොත් වෙදකමක් අවශ්‍යද? (නි)
ඔය බැද්දේ දුවපැනපු මට මේ මොන වන්නමක්වත් බැරුව ගියා ජයා අයියේ..! (නි)
පුදුමත් හිතෙනවා රූපවතී නංගියේ (නි)
ඒ නංගිට හොද හිතක් තියෙන හින්දා තමා ඒ වගේ දෙයක් එයාගේ තාත්තට කිව්වේ. මොනා වුනත් හොද නංගියෙක්. (අ)
හරිම විෂ සතෙක්. මාස තුනකට අධික වේදනාවක්.වසරක් යනතුරු වේදනාව ටික ටික තිබුනා. (නි)
මේ දියණිය පොඩි වුණත් කොච්චර හොඳද? (නි)
අසේවනාච බාලානං .., පණ්ඩිතානංච සේවනා'' ... උතුම් පාඩමක් අපි හැම දෙනාටම (නි)
මේක උතුම් පාඩමක් අපි හැමදෙනාටම (නි)
ඒ සතා කෑවා නම් කට්ටියට බණ මතක්වෙයි. අනෙක් අතට මේ බත් කන අපිම සත්තු කී දෙනෙක් නම් මරලා ඇද්ද? (නි)
ආදර්ශවත් දරුවෙක් (නි)
පියා පවුලේ ආරක්ෂාව ගැන සිතුවා, දරුවා අවිහිංසාවාදය අනුව හිතුවා. ආදර්ශවත් පවුලක් (බ)
අසෝක රළපනාව, සොයුර මා දන්නා තරමින් ගැරඩියෙක් කියන්නේ නපුරු සතෙක් නොවේ නමුත් බැරිවීමකින් මා දන්නා කෙනෙක් ගැරඩියෙක් සපා කෑමෙන් පසු ඇයගේ ශරීරයේ බුමිතෙල් ගැවෙන්න බැරිලු දැවිල්ල ගන්නවලු ..(බ)
හොඳ දියණියක් (නි)
චන්දි,ගරුඬවයි ගැරඬියවයි අඳුරන්නෙ නැද්ද? (නි)
චන්දි, ගැරඬියෙක් නෙමෙයි, ඒ ගරුඬා. (නි)
දරුවාගේ ගුණයහපත්කම පියාටත් ලැබුනා නම් කොච්චර හොඳද? (නි)
කාලෙකට පස්සේ ඇවිල්ලා චන්දි මොනවද මේ ලියන්නේ? (නි)
ගරුඬා කියන්නේ පත්තෑයාට නොවෙයි නේද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඇත්ත නේන්නම්. මට වැරදිලානේ. අයියෝ සමාවෙන්න (නි)
මේ පත්තෑයෙක් කියලා කිව්වා නම් චන්දිට තේරෙයි (නි)
චන්දි හින්දා හොඳයි. රූපවතී අතින් මේ වරද වුණා නම් කට්ටිය එහෙනම් දහඅටපාලි නටනවා. (නි)
පිටබැද්දර ජයා.., සමාවෙන්න කියලත් ඇයි මේ තරහින් වගේ.., ඇත්තටම අජිත් ඔයා හරි..(බ)
ගරුඬ කියන්නේ පාත්තයෙක් වුනාට වෙන ජාතියක්, ගරුන්ඬො ලොකුයි , දිගයි , කොළ පාටයි (අ)
චන්දි, ඒ පාත්තයෙක් නොවැ. අපි ඉස්සර පොල් අතු වියද්දී ඕනෑතරම් පාත්තයෝ අතේ යනවා. උං එහෙම කන්නේ නැහැ. (අ)
අනේ මන්දා කට්ටියට අද මොනවා වෙලාද කියලා. චන්දි කියනවා ගැරඬියෙක්ලු. සරත් කියනවා පත්තෑයෙක්ලු. අනේ මන්දා තව මොක්කු ඒවිද කියලා. (නි)