කාල සටහන අනුව තම පන්තියට නියමිත ගුරුවරයෙක් නොවීය. කාර්යාලයට ගිය පන්ති නායක හා උප නායක යන දෙදෙනාට බරපතළ වරදක් කළාසේ සලකා කාලපරිච්ඡේද දෙකක් තිස්සේ පාසල් බිමේ කොළ රොඩු ඇහිඳින ලෙස ඒ මහා දිසාපාමොක් අණ කෙළේය.
නිදහස් අධ්‍යාපනයත් සමග බිහිවූ නමගිය පාසලකි. වසරේ අඩක් ගෙවී ඇතත් තවම පන්ති කාල සටහන දොසින් යුක්තය. මේ නිසා බොහෝ දිනවල පන්තිවල අධ්‍යාපන කටයුතු අඩාල වෙන්නේ, කාල සටහන නිවැරදි කරන්නට කාටවත් දෙන්නේ නැතිලූ.
හයවැනි ශ්‍රේණියේ පන්තියකට ඉකුත් සතියේ දිනක උදේම නියමිත පාඩම වූයේ බුද්ධාගමයි. ගණිත ගුරුවරයා පන්තියට ආවේය. ඔහු පාඩම පටන් ගන්නට හැදුවා පමණි. බුද්ධාගම ගුරුතුමාද ආවේය. ඒ අතර මේ දෙදෙනාට වෙනත් පන්ති දෙකක වැඩ පැවරී ඇති බව ද දැනගන්නට ලැබීමෙන් පසු දෙදෙනාම පන්තියෙන් පිටව ගියහ. විදුහල්පතිට කියා විසඳුමක් ලබා ගන්නාලෙස ඒ දෙන්නා පන්ති නායකයාට උපදෙස් දුන්නේය.
ඒ අනුව පන්ති නායකයා උප නායකයා සමග දිසාපාමොක් හමුවී මේ බව කීවේය. කිසිදු සොයා බැලීමකින් තොරව ”තමුසෙලා බොරු කියනවා” යි චෝදනා කළ දිසාපාමොක්වරයා මේ දෙදෙනාට වත්තේ කොළ රොඩු ඇහිඳින්නට අණ දුන්නේය. ඔවුන් නිසි පරිදි වැඩ කරනවාදැයි බලන්නට තම හිතවත් සේවකයකුට බාර කළේය. සිසුන්ගේ වැඩ බලන්නට බාර කළ සේවකයා ඇතුළු දහතුන් දෙනෙක් වත්තේ පිටියේ වැඩට මෙම විදුහලේ සේවක මණ්ඩලයට ඇතුළත්ව සිටිති. එසේ සිටියදී සිසුන්ගෙන් නිතර වැඩ ගැනීම මේ දිසාපාමොක්ගේ සිරිතලූ. එහි ලොකු රහසක් තිබෙනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමිකව අනියම් සේවකයින්ගේ චෙක් රෝලක් පවත්වාගෙනයන හැඩයි. අනේ වාසනාවන්. (අ)
මේක කතාවක්ද ප්‍රවෘතියක්ද හෙළිදරව් කිරීමක්ද ?? මටනම් පැටලෙනවා නේ. (අ)
ලංකාවේ අධ්‍යාපනය බාරදීල තියෙන්නෙ රයිගමයටයි, ගම්පලයටයි කියල ඔයාල දන්නෙ නැද්ද?(නදී)
අනේ මම අදනේ දන්නේ අපේ ඉස්කෝලේ වගේ තව ඉස්කෝල තියනවා කියලා.(නදී)
මේවා සුළුවෙන් තකන්න නරකයි.දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීම හරිද? බලධාරීන් මේවට නිසි පියවර ගන්න (නි)
කවුද මේ විදුහල්පති ? සොයා බලා දැඩි දඬුවම් ලබා දෙන්න.(අ)
දිසාපාමොක්? මහා දිසාපාමොක්??? ගුරුවරයා සහ විදුහල්පතිවරයා ලෙස භාවිතා කිරීම ඉතා ප්‍රමාණවත් වේ. (ත)
දිසාපාමොක් විදුහලේ සේවක මණ්ඩලයත් එක්ක එකතුවෙලා පාසැලේ සම්පත් විකුනගෙන කනවද දන්නේ නැහැ. හැබැයි ඔය වගේ ගුරුවරුන් නැති පන්තිකාමර වල සිටින ළමයින් ව බලෙන් විවිධ දේවල් වලට යොමු කිරීම ඉස්සරත් සිදු වුනා.(නදී)
මේ දිසාපාමොක් උන්නැහේ අර ගුරුතුමිය දනගස්සපු පළාත් බබාගේ පරම්පරාවෙ කෙනෙක් වෙන්න ඇති. (අ)
පාසලේ නම විදුහලතිගේ නම සදහන් කරන්නේ නැත්තේ මොකෝ?මේ විදුහල්පති වෙරිමතින් ඉදලද දරුවන්ට තමුසේ කියලා කතා කරන්න?හොද දිසාපාමොක්. (නි)
වැලිගම සුමංගල බාලිකාවෙත් සනීපාරක්ෂක කම්කරුවෝ 5 ක් දේශපාලන පත්වීම්. ළමයින්ට කියල කාණු සුද්ද කරවන්නේ. ඒ අය ඉන්නේ ගුරුවරුන්ට කඩේ යන්න. එළවළු ටික ගෙදර ගිහින් දෙන්න. මොන ඇමතිද මේවා හොයන්නේ. මාතර කලාප අධ්‍යයාපන අධ්‍යක්ෂකට කිව්වම මම හෙමිහිට හොයල බලන්නම් කියල අවුරුද්දකටත් වැඩියි.(නදී)
අද තනතුරු දෙන්නේ සුදුසු කම්වලට නෙමේ පන්දමටනේ, එහෙම වෙනකොට මේ වගේ දේවල් අරුමයක් නෙමේ.(නදී)
ගුරු විස්තරයි, පංති විස්තරයි, විශය විස්තරයි එවනවා නම් කාල සටහන හදලා එවන්නම් (නි)
ඕක තම අද රටේ තත්වය.පැමිණිලි කාරයෝ හිරෙය්. විත්ති කාරයෝ නිදහස්.
ඕක තම අද රටේ තත්වය. පැමිණිලි කාරයෝ හිරේ. විත්ති කාරයෝ නිදහස්. (ස)
මේ තුමා නගරසභාවට කඩේ යන ලොක්කෙක් වගේ පෙන්නේ.(නදී)
මොකක්ද අප්පේ දිසාපාමොක්ට ඔය පාසැල තුල තියෙන රහස ? (නි)
මොකද්ද ඉස්කෝලේ? (නි)
මේ විදුහල්පතිට දඩුවමක් විදියට එයා ලවුවා කොළ රොඩු ඇහිලුවත් දවසක්ම ඒත් කමක් නැහැ. දරුවන් පව් (නි)
මෙවැනි විදුහල්පතිවරුන් සේවයෙන් පහ කලයුතුයි පාසල් ළමුන් ගැන දෙමාපියන් සෙවිල්ලෙන් සිටිය යුතුයි (අ)
මේ විදුහල්පතිට ගෙදර ප්‍රශ්නයක් ඇති ඒකයි මෙහෙම කේන්ති ගිහින් පාසැලට එන්නේ.(නදී)
විදුහල්පති වරුන්ට පාරේදී පහරදීම පුදුමයක් නොවෙයි මේ සිදු වන දේවල්වල හැටියට. (නි)
දෙමපියෝ දහසක් බලාපොරොත්තු තියාගන දුක් විදාගන ළමයි පාසල් යවනවා. මෙහෙම ගුරුවරු නිසා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා . මේ වගේ දේවල් සොයා බල විනයානුකුලව කටයුතු කරනවා නම් ඉදිරියේදී මේවගේ දේවල් සිදු නොවේවි. (නි)
මේ වගේ විදුහල්පතිවරුන් ඉන්න ඉස්කෝල ලංකාව ගොඩක් තියෙනවා. හැකි ඉක්මනින් බලදාරින් මේවට පියවර ගත යුතුයි . පාසල් කඩන් වැටෙන්න හේතුව මේක. (නි)
නෑ නෑ පාසල නොවෙයි එතුමා කලින් නගර සභාවේ කුණු ඇදපු කෙනෙක්. එහෙම කුණු අදිනකොට එයාට කුනුගොදක තිබිල හමුවෙලා එයාගේ නමට සමාන නමක් තියෙන කෙනෙක්ගේ සහතික ටික. (නදී)
නගර සබාවේ පාසලක් නම් ඔන්න කමක් නැහැ (නි)
නගර සභාවේ පාසලක්ද දන්නෙ නැහැ (නි)
පාසලේ නමින් වැඩක් නැහැනේ. අනවශ්‍ය දේවල් කරන පාසල් වලට දඩුවම් දියයුතුයි (නි)
පාසලේ නම කියන්න බැරිද? (නි)
මමත් දන්නා තරමට සමහරක් විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශ ලබාදී තිබෙන නියෝග වලට පිටින් ගොස් රාජකාරි වල නිරත වන බව නොරහසක්.ඉහල බලදාරීන්ට කොන්දක් නැත්නම් පාසල් දරුවන්ගේ දෙමුපියන්ට ඒ සදහා මැදිහත් වීමට අයිතියක් තිබෙනවා (නි)
කරුණාකර පාසලේ නම කියන්න. (ත)
පුෂ්පකුමාර මොකක්ද ඉස්කෝලේ. කියනවද නැද්ද (අ)
කතාව තවත් හොඳට ගලපන්න තිබුන.., අදහස හොන්දයි පැහැදිලි මදි. (අ)