දකුණු පළාතේ වෙරළබඩ ප‍්‍රාථමික පාසලකි. ඉතිහාසය ඉගැන්වූ තරුණ ගුරුතුමිය ‘‘දඩයම් යුගය’’ පිළිබඳ පාඩම ඉදිරිපත් කරමින් ඒ යුගයේ පරිසරය කියා පාන චිත‍්‍රයක්ද ඉදිරිපත් කළාය. එම චිත‍්‍රයේ ගල්ගුහාව සහ ඒ අසල සිටි බල්ලකුගේ හැඩයද ඇඳී තිබූ අතර බල්ලාගේ වලිගය අසාමාන්‍ය ලෙස උලක් මෙන් ඇඳ තිබිණි. පන්තියේ පසුපස පේළියේ සිටි සිසුන් තිදෙනකු මේ බලූ වලිගය දැකීමෙන් මහත් කුතුහලයට පත්ව බලූ වලිගයේ හැඩය ගැන තර්ක විතර්ක කරමින් බලූ වලිගවල රූප රැසක් තම සටහන් පොත්වල අඳිමින් වාද විවාද කළහ. තිදෙනාගේම පාඩම් සටහන් පොත්වල ‘‘දඩයම් යුගය’’ යටතේ ඇඳ තිබුණේ මේ බලූ වලිග පමණකි. පන්ති පරීක්‍ෂාවට ආ විදුහල්පති ඔවුන් පසුපස මේ දර්ශනය නරඹමින් සිට ඔවුන්ගෙන් පොත් ඉල්ලාගෙන ගුරුතුමියට පෙන්වා ඔයාගේ පාඩම ‘බලූ නකුට’ ගැනද කියා විමසුවෙන් ඇයට දෙවියන් සිහිවුණාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කියෙවුවහම, අනේ මන්දා මුකුත්ම ලියන්න හිතෙන්නේ නැහැ. (නි)
පවන්ගේ කතාව හොදයි වගේ..... (ස)
අපිත් කළේ ඔය මෝඩ වැඩේමනේ. (නි)
මේවගේ ගුරුවරුන්ටනේ ලංකාවේ පත්වීම් දෙන්නේ.
ඔන්න අපි කොළඹ ඉඳලා කාර්යාල චාරිකාවක් ගියා බුලත්කොහුපිටිය පැත්තේ. මේ දුෂ්කර ගම්වල පහසුකම් අඩුයිනේ. ඉතින් අපේ සහෝදරී කෙනෙකුට කිසියම් අවශ්‍යතාවයක් වෙලා ඊට සුදුසු තැනක් හෙවුවා. අපේ නඩේ ගුරා මේ පළාතේ කෙනෙක්. එයත් අපේ කාර්යාලයේම කෙනෙක්. එයා ඒක, බොහොම සුලුදෙයක්නේ නංගි කියලා ගෙවල් නැති රබර් වත්තක පාලු වංගුවක වාහනේ නවත්තන්න කිවුවා. එතන බැහැලා ඇයට උපදෙස් දුන්නා පොඩි ගස් පඳුරු කිහිපයක් අතරින් එහාට යන්න. ඔන්න අපේ සහෝදරිත් ගියා කියමුකෝ. තප්පර ගණනක් ගියේ නැහැ. කෙල්ල යටිගිරියෙන් කෑගහගෙන එළියට දුවනවා. අපි ඔක්කොම බයවුණා. මොකද සර්පයෙක් වත් දෂ්ට කරලාද දන්නේ නැහැනේ. එළියට දුවගෙන ආපු ගමන් කෙල්ල කකුල් පොළවේ හප්පා හප්පා උඩ පැන පැන අත්දෙක ගසමින් ඊ ඊ ඊ .... ගාලා යටිගිරියෙන් කෑගහන්න ගත්තා. දැන් නම් අපි ඔක්කොම බය වෙලා. හැමෝම ළඟට දිවුවා. මොකද සර්පයෙක් වත් කෑවද කියාගෙනමයි දිවුවේ. නෑ මේ මේ කකුල් දෙකේම ඊයා.... අනේ මට බෑ මට බෑ.. කියලා කකුල් පොළොවේ හප්පනවා. බොහොම අමාරුවෙන් අල්ලලා මොකද කියලා බැලුවමයි තේරුනේ. කකුල් දෙකේම කූඩැල්ලෝ නැගලා. අපිටවත් අරන්දාන්න විදියක් නැහැ. කකුල් ගස්සන නිසා. අමාරුවෙන් කියලා අල්ලාගෙන උන් කිහිපදෙනෙක්ම ඇදලා දැම්ම. ඊට පස්සේ මුළු ගමනම ඇය මුත්‍රා කරන්න ගියේ නැහැ. අදත් අපි ආයේ බුලත්කොහුපිටි යමු කිවුවහම ඒකි බණිනවා. (නි)
ඇඩෙනවා අපිට. (නි)
'ලු' යන්නෙන් අවසන් වෙන කතාවක්ද? (නි)
ගුරුතුමිය මොකද ඔය පාඩම මේ තරම උනන්දුවෙන් උගන්නලා තියෙන්නේ ? (ස)
අනේ මට ජුන්ඩක් කිතිකවන්නකෝ හිනා වෙන්න (ස)
සුනඛ පාඩමක්නේ (ස)
උණ පුරුකේ බලු වලුගේ දාලා තිබුණත් නැහැ ඇදේ ඇරෙන්නේ... (නි)
බොරු කියන්නේ මොකටද? මට නම් ඇත්තටම හිනා ගියා. (නි)
මෙන්න ලංකාවේ වැඩ... (නි)
බොරු කතා (ස)
මට අන්ටන් ජූඩ් නම් කලාකරුවා මතක් උනා..!(නු)
මේ කතාව එතරම් ගත යුත්තක් නැහැ..!(නු)
ටීචර්ට මොකද බලු නගුට එකපාරටම මතක් වුණේ? (නි)
කොල්ලෝ දන්නවා...(ස)
හඃ.. හඃ..හඃ.. හඃ... හඃ... හඃ.. හඃ.. හඃ.. හඃ.. හඃ..... (ස)
ළමා පත්තරයකට හොදයි.....(ස)
කිසි ගැලපීමක් නෑ (ස)
පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනි, වෙනදා කතාවට වඩානම් අසාර්තකයි (ස)
ලියනගම - ලියන කථා එන්න එන්නම නීරස වෙනවා. (ස)
කතාවක හා ප්‍රවෘත්තියක වෙනස නොදන්න අය මෙකට අදස් දක්වනවා හැමදාම. (ස)
අර ඉස්සර ළමයි අතර කතාවක් තිබණෙ අපි මී මූණක් ඇන්ද කියලා.. මේකත් ඒවගේ කතාවක්ද දන්නේ නැහැ..!(නු)