තම ගමට පානීය නළ ජලය ලබා දෙන්නැයි මහත් උද්ඝෝෂණයක් කොට ප‍්‍රාදේශීය දේශපාලකයකු මගින් පෙත්සමක් ද ඉදිරිපත් කළ පසු ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කොට නළ ජලය ලබාදීමට කාණු කපමින් සිටියදී නළ ජලය එපා යැයි පෙත්සම් දෙකක් ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලැබීමේ අපූරු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
නළ ජලය ලබාදීමට සියලූ කටයුතු සිදු කරමින් සිටියදී එය නවත්වන ලෙසට ලද පෙත්සම් පරීක්ෂා කළ ජල සම්පාදන අංශයේ නිලධාරීහු මෙවැනි සිදුවීමක් මේ රටේ සිදුවූ මුල්ම අවස්ථාව බව පැවසූහ.
ප‍්‍රාදේශීය දේශපාලකයකුගෙන් මේ පිළිබඳව විමසූ විට අනාවරණය වී ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිදුවිය හැකි මත ගැටුමක් මීට මුල් වී ඇති බවත් ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කට්ටියට හිතට සතුටු ඇති (නි)
බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් පුසෙක්වත් ගෙනෙන්න එපා කියලයි අපි නම් අහලා තියෙන්නේ. පේනවා නේද ඉන්දික ආඩම්බර වුණාට දකුණේ කට්ටිය කර තිබෙන දේවල්? (නි)
මේ මිනිස්සු කවදාවත් හැදෙන අය නෙමෙයි (නි)
ඇයි දකුණේ අය විතරද එහෙම වැඩ කරන්නේ? දකුණේ අය කරන වැඩ සහ කළ වැඩ ඔක්කොම එහෙම වැඩද? එහෙනම් අද ලංකාවක් නැහැ. අපි දකුණේ තමයි. අපි අපි ගැන ආඩම්බරයි. (නි)
ඇහුවොත් කියන්නේ අපි දකුණේ - කරන වැඩ වලට යනවා වමනේ!! (නි)
අපොයි අමිල, ඔය වගේ දෙයක් ඔය පළාතේ නොවුණොත් තමා පුදුම. අපේ තාත්තාගේ නෑදෑයින් ඔය කිට්ටුව තිහගොඩ පැත්තේ ඉන්නවා. එයාලා නෑදෑයන් මැරෙනතුරු බලා ඉන්නවා දේපල කුඹුරු අයිති කරගන්න. පුදුම මිනිස්සු! (නි)
මම ඉන්නේ කඹුරුපිටියේ,කුඩාගලහේනේ. මෙහෙට වතුර දෙන්න හැදුවහමත් ඔය වගේම දෙයක් තමයි වුණේ. හේතුව වුණේ ඊර්ෂ්‍යාව (නි)
හම්බන්තොට පැත්තේ ඡන්දෙ ඉල්ලුවේ නම් කවුද කියලා අපි දන්නවා (බ)
බත්තරමුල්ලේ නිවාස යෝජනා ක්‍රමයක පාරක් භාගෙට පිළිසකර කර නැවැත්වුවා. හේතුව එක්තරා තැනකින් එහා ගෙවල් ඔක්කොම ඡන්දය දුන්නේ එවකට තිබුන විපක්ෂයට කියලා. ඊටපසු ඡන්දෙදි ගෙවල් ගානේ ඡන්ද ප්‍රචාරයට පයින් ආ මැතිතුමාගේ කකුල පාරේ වළක් ඇතුළට ගිහින්. මෙන්න පසුවදාම පාර පිළිසකර කෙරුනා. (නි)
පක්ෂ දේශපාලනය දුබල කරනතුරු රටට සෙතක් නොවේ. මේ වතාවේ ඡන්දයට වැඩියෙන් වියදම් කරන්නේ කවුද කියා සොයා ඔවුන්ට ඡන්දය දීමෙන් වළකින්න. වැඩියෙන් වියදම් කරන්නේ වැඩියෙන් වංචා දූෂණ කරන අපේක්ෂකයෝ කියායි මට සිතෙන්නේ. (නි)
මම මගේ වෙළඳ ස්ථානයට වතුර ගන්න අදාළ ලිපිය ගන්න ගියවිට මගේ විවාහ සහතිකය ඉල්ලුවා. ඇයි කියලා ඇසුවාම, ඔප්පුවේ සැමියාගේ නම තිබෙන නිසා ,ඔහු පිටරට බැවින් කවදාහරි අපි දික්කසාද වුණොත් ඒ අයට ඒක ප්‍රශ්නයක්ලු. තවම වතුර නැහැ (නි)
තිබහට බොන වතුර ටිකට වඩා දේශපාලනය ඔලුවට ගෙන කටයුතු කරන මේ ගමේ ජනයා ගැන මොනවා කියන්නද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙවැනි සිදුවීමක් මේ රටේ සිදුවූ මුල්ම අවස්ථාව කිව්වාට පොඩ්ඩක් හිතලා බලන්න. අපේ රටේ අධිවේගී මාර්ග හදනකොට ඒවට විරුද්ධ වුණේ නැද්ද? වරාය, ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගන, ඈවිදින මංතීරු ආදී සෑම සංවර්ධන කටයුත්තකදීම අපේම රටේ කොටසක් ඒවට විරුද්ධ වුණා. ඒක ඒ අයගෙ දේශපාලනය. නමුත් පුදුමය කියන්නෙ ඒවාට හුරේ තියන්න ඕනෑතරම් සාමාන්‍ය ජනතාවත් සැදීපැහැදී ඉන්න එකයි. (නි)
අහන්න දෙයක්ද? ගම ගාල්ලේ කියන්නේ නිකන්ද? (නි)
මෙහෙවූ රටක් කවදා ගොඩ යයිද ? මේ ලස්නට අදහස් දාන අපේ කට්ට්ය දිහා බැලුවම රට ගැන හොඳ අවබෝදයක් ලබාගන්න පුළුවන් (අ)
ඕක මොකක්ද? ලංකාවට ප්‍රංශ රෝහල් දෙකකින් ආධාර මත අංගවිකල රෝහලක් සම්පුර්ණ වියදමින් හදල අවුරුදු 5ක් මෙහෙ අපුහුණු කරන තුරු වියදම් දරන්නත් කැමති වුනා. එත් කොමිස් නැති නිසා උත්තර නැතිවම ඒවා යටගියා. එහෙම රටක් සුවබර රටක් අපිට තියෙන්නේ. (ස)
මේ කොහෙද බැලුවා... (ර)
අණුවනකම් හැමතැනම විසිරිලා... (ර)
කොහොමද ඉතින් රට දියුණු වෙන්නේ.? (ර)
කලකට ඉහතදී පානීය ජලය ඉල්ලපු ගම් වැසියන්ට පිලිතුරු ලැබුනෙ මොන විදිහටද කියන එකත් ජනතාවට අමතක නැහැ.(අ)
ඔක්කොම ඉතින් තමන්ගේ වාසියට තමයි (නි)
වයඹ පළාතේ, එක ගමක පිහිටා තිබෙනවා සමාගමක ගබඩාවක්. එයට නිතර විශාල ලොරි යන නිසා ගමේ පාර කැඩී විශාල වලවල් හෑරී ඇත.මේ මාර්ගය එම සමාගම විසින් ඔවුන්ගේ වියදමින් පිළිසකර කර දීමට හැදුවද, බලධාරීන් සමහරු එයට ඉඩදෙන්නෙ නැතිලු.හේතුව ටෙන්ඩරයෙන් සහ මුදල් අනුමැතියෙන් වාසි ලබාගැනීමට බැරි වෙන නිසාලු. (නි)