ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම, සංශෝධනය කිරීම සඳහා ගෘහමූලික ලැයිස්තු සම්පූර්ණ කිරීමේ රාජකාරිය පැවරුණ ඔහු රජරට ප‍්‍රදේශයේ අර්ධ නාගරික බලපෙදෙසක් බාරව සිටින ග‍්‍රාම නිලධාරියෙකි.
එම රාජකාරිය ඉටුකිරීමට ඔහු මේ දිනවල ගෙයක් ගෙයක් ගානේ යතුරුපැදියෙන් යන්නේය. පසුගිය සතියේ දිනයක මේ ග‍්‍රාම නිලධාරිවරයා සිය යතුරුපැදිය නවතා නිවෙසකට ගෘහමූලික ලැයිස්තු පිටපතක් බාරදීමට ගියේය.
නිවසේ ගේට්ටුව ඇර තිබූ නිසා ඔහු යතුරුපැදියෙන් කෙළින්ම ගෙවත්තට ඇතුළුවිය. එවිට ඔහු බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණපෑමට සිදුවිය.
ඒ නිවසේ සිටි සුරතලයට ඇති නොකරන බල්ලන් කිහිපදෙනකු හදිසියේම බුරමින් ඇඟට පනින්නට ආවේය. කරකියාගත හැකි දෙයක් නොවූ ඔහු බල්ලන්ගෙන් බේරීමට ලොකු උත්සාහයක් ගත්තේය.
මේ අතරතුර ගෙහිමි කාන්තාව හා තවත් කිහිපදෙනෙක් එක්වී ග‍්‍රාම නිලධාරිවරයාගේ ඇඟට කඩාපැන්න බල්ලන් එළවාදැමූහ. එදායින් පසුව මේ ග‍්‍රාම නිලධාරිවරයා තම රාජකාරිය ඉටුකිරීමට ගෙයක් ගෙයක් ගානේ යන්නේ තම යතුරුපැදිය පිටුපස අසුණේ ලී මුගුරක් ද තබාගෙනය.
මේ ගැන ඔහු මෙසේ කීවේය. ”මා මේ මුගුර ගෙනිච්චොත් ගෙවල්වල ඉන්න බල්ලන් මගේ ඇඟට පනින්නට ආවොත් ඒකෙන් බේරෙන්න පුළුවනි. වැරදිලාවත් බල්ලෙක් හැපුවොත් කාට කියන්නද?”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අනේ මේ බල්ලොත් එක්ක මොකුත් කරන්ඩ බැහැ නේ ,ආත්ම අරක්සවටත් හොදයි නේ (දී)
දෙයියෝ සාක්කි. (ස)
මිනිසුන් නොහඳුනන ග්‍රාමයේ නොවන ග්‍රාම නිලධාරින්ව බල්ලන් හඳුනයිද ? (ස)
අපේ ගමේ ග්‍රාම සේවක යලට මහට පෙනී සිටිනවා. හදිසි වැඩකට කවදාවත් ඉන්න තැනකින් සොයා ගන්න බැහැ . (අ)
සහතික ඇත්ත මනෝජ් (අ)
බල්ලොත් එක්ක බෑ......(දී)
ඔය නිලදාරියට කවමදාකවත් බල්ලෝ ඉන්න ගේකට ඇතුල් වෙන්න හම්බවෙන්නේ නැහැ. මොකද බල්ලට හොද මතක ශක්තියක් තියෙනවා ඌට අරියාදු කරන අය ගැන. ඒ නිසා කෝකටත් ප්‍රවේසමෙන් (නදී)