උපකාරක පන්තියක් මගහැර පෙම්සුව විඳීමට ගිය පෙම්වතියන් දෙදෙනකු නිසා එසේ උපකාරක පන්තිය මගහැර පෙම්සුව විඳීමට ගිය තවත් පෙම්වතියන් තිදෙනකු කෙටුකරගත් පුවතක් දකුණේ එක්තරා නගරයකින් වාර්තා වේ. සිද්ධිය සැකෙවින් මෙසේය. එය නව යොවුන් විය ඉක්මවූ තරමක් වැඩිහිටි සිසු සිසුවියන් පිරිසක් සඳහා පැවැත්වෙන උපකාරක පන්තියකි. පන්තිය පැවැත්වෙන අතරතුර ගුරුවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ”අන්න සර්ගේ පන්තියෙ ගැහැනු ළමයි දෙන්නෙක් පන්ති කට් කරල අහවල් තැන කොල්ලො දෙන්නෙක් එක්ක ඉන්නවා” දුරකථනය ලද පණිවුඩය එයයි. සිසුවියන් කවුදැයි හඳුනා ගැනීමට දුරකථන ඇමතුමෙන් ලද තොරතුරු ප‍්‍රමාණවත් නොවීය. මෙම සිසුවියන් කොටුකර ගැනීමට කල්පනා කළ ගුරුවරයා පන්තියේ අනෙක් සිසු සිසුවියන් අමතා මෙසේ කීවේය. ”ළමයි දන්නවද මේ මොහොතේ අපේ පන්තියේ ගැහැනු ළමයි දෙන්නෙක් පන්ති කට් කරලා තවත් පිරිමි ළමයි දෙන්නෙක් එක්ක රවුම් ගහනවලූ. ඊළඟ දවසෙ ඒ ළමයි දෙන්නට මාව මුණගැහෙන්න කියන්න. නැත්නම් මම තොරතුරු ඔක්කොම ප‍්‍රසිද්ධ කරනවා කිව්වා කියලත් කියන්න.” මේ කතාව කනින් කොනින් පැතිරී ගියේය. පන්තියේ ඊළඟ දවස උදා විය. ගැහැනු ළමයින් දෙදෙනා වෙනුවට ගැහැනු ළමයින් පස් දෙනෙක් ගුරුවරයා හමුවට පැමිණ සිටියහ. මෙය ගුරුවරයාට මහත් ප‍්‍රශ්නයකි. නමුත් ඔහු ඒ බව හැඟවූයේ නැත. පසුව කරුණු විමසීමේදී අනාවරණය වූයේ එදින එම සිසුවියන් පස්දෙනාම පන්ති කට්කර පෙම්වතුන් සමග කාලය ගතකර ඇති බවයි. ගුරුවරයා හමුවෙන්න යැයි කී පුවත එකිනෙකා විසින් තමන්ට කියන ලද්දක් යැයි ඔවුන් සියලූ දෙනාම සිතූ නිසා මෙසේ පස්දෙනකුම පැමිණ ඇති බව පසුව හෙළි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ ගුරුතුමා ප්‍රේමදාස ජනපතිගේ උපදේශක කෙනෙක්ද කියලා...(ස)
නව යොවුන් ආදර පහක අවසානය..(ස)
ආදරය කරන්න කලින් ඉගෙන ගන්න ඕන දෙමාපියන් ළමුන් ගැන මිට වාඩා සොයා බැලිය යුතුයි (ස)
ඕකට තමා කියන්නේ "හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම " කියලා. වයෙසේ වරැද්දනේ...! සමාව දිය යුතුයි නේද...?(ස)
ඇයි මේ ළමයින්ට පෙම් කිරීම තහනම්? අපේ රටේ මේ ගැන කතිකාවතක් ඇති කරන්න.. ආදීනව පෙන්වාදීම පමණයි කළ යුත්තෙ.. දුනුදිය අදින්න අදින්න හීය ගිහිං වටෙන දුර ඈතයි නේද?(නු)
පෙම් සුවය කියන්නේ මොකක්ද ?? .(ස)
හැදෙන කෙනා හැදෙනවා නැති කෙනා නෑ. ඒකට ඔහොම කලබල වෙන එක තමා වරද.(නු)
සමාජයේ හරිහැටි හදුනා නොගත් පිරිසකගේ පහත් ක්‍රියා නිසා සමාජයේ වටිනා දරු පිරිසක් අහිමි වෙනවා. (නි)
අනේ ඔය ළමයින්ට ආදරේ කරන්න අවස්ථාවක් දෙන්නකෝ. (නි)
පව් අප්පා . ප්‍රභාත් කියන කතාව ඇත්ත තමයි..(ස)
දෙමාපියන් මේ ගැන දරුවන්ව දැනුවත් කල යුතුයි.(ස)
ගුරු නුවණ (නි)
පෙම්කළ වරදට මට වද දෙන්නේ, පෙම් කළ හිතකින් නොවෙන නිසා... (නි)
මේවට ගිහින් අන්තිමට බෙලිත් කපාගෙන තමයි නවතින්න වෙන්නේ. (නි)
මේකේ ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනා බෝසත් ළමා ළපටි වගෙයි. (නි)
නුවන තියෙන ගුරු තුමෙක් (දී)
පළමුව අධ්‍යාපනය ,දෙවනුව ආදරය ......(ස)
නුවන නිසාද අහම්බෙන්ද (දී)
කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කියන්නේ මේවාට තමයි. (නි)
දෙමාපියන් දරුවන් ගැන එදිනෙදා සොයාබැලිය යුතුයි (නි)
මම හිතන්නේ මේ අපේ අර රසායන විද්‍යා සර්ගේ වැඩක්.නියමයි. (නි)
ගුරුවරයාත් අනවශ්‍යය වැඩක්නේ කරලා තියෙන්නේ. උපදෙස් දීමත්, තර්ජනය කිරිමත් කියන්නේ දෙකක්. දැන් එතකොට කෙල්ලන්ට බැරිද නිදහසේ ආදරය කරන්නවත්. ඒකටත් අවසර පත්‍ර ඕනෑද? මේ ගුරුවරයාව හරි නම් හිරේ දාන්න ඕනේ කරපු දේට. සමහරැ දැන් කියයි මේක කෙල්ලෝදෙන්නගේ හොදට කරපු වැඩක්නේ කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ගුරුවරයාට මේ ගැන දෙමව්පියන්ට පැමිණිලි කරන්නයි. නැතුව මෙහෙම කරන්න නෙමෙයි. (නි)
'ගුරුවරයා පෙම් යුවළකට එලූ දැලේ පස් දෙනෙක්ම පැටළේ' කිවුවහම මට හිතුණේ වෙන දෙයක්. බැලින්නම් මේක එහෙම එකක් නෙමෙයිනේ. (නි)
ගුරුවරයා හොඳ වැඩක් කැරලා තියෙන්නේ..(ස)
ඕකට කියන්නේ වයසේ වැරැද්ද ..(ස)
වැඩේනම් හොඳයි..(ස).
උපකාරක පන්තියක උනත් හොඳ ගුරුවරයෙක්....ඔබට ස්තූතියි...(ස)
හොඳ ගැහැණු දරුවෝ ටිකක් හැබැයි..(ස)
ඒ කාලේ මමත් එහෙමයි !!!(ස)
එක ගලින් කිරිල්ලියෝ 5 දෙනෙක්..දෙයියෝ සාක්කි...(ස)
පුහුල් හොරා කරෙන් දැනේ. (ත)
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු (ත)
ආදරයයි කැස්සයි ඔහොම තමයි ළමයිනේ....හංගන්න බෑ (ස)
ඉගෙන ගන්න කාලය පෙම් කිරීමට යොදාවා ගන්න එපා . පාඩුව ඔබටයි ....(ස)
ඉගෙන ගන්න කාලේ වෙන වෙන දේවල් වලට යෙදෙවුවහම ජීවිත කාලයම පසු තැවෙන්න සිදු වෙනවා. (නි)
ආදරේ කරාට කමක් නෑ..සීමාවන් තියාගෙන.... (ස)
ගුරුවරයා යන තම සිසු දරුවන් ගැන මනා අවබෝධයකින් යුත් කෙනෙකු බව මෙයින්ම මනාව පැහැදිලි වේ (නි)
හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම (දී)
අද කාලේ ඔච්චර කීකරු දරුවන් ඉන්නවද කියලත් හිතා ගන්න බැහැ. (නි)
අපිත් මෙහෙම කළ හැටි මට මතකයි, මට හොද හැටි මතකයි. (නි)
සිරස්තලය තරමට පුවත රසවත් නැහැනේ. (නි)
පන්ති නැවැත්තුවට කමක් නෑ...සර්ගේ ගාන හරියටම මාසේ මුල දෙන්න.....(ස)
:)පිස්සු නැත්නම් ශෝක. මොනවා වුණත් අවංක කෙල්ලො ටිකක. (නි)