IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ගුරුවරයා පෙම් යුවළකට එලූ දැලේ පස් දෙනෙක්ම පැටලිලා

උපකාරක පන්තියක් මගහැර පෙම්සුව විඳීමට ගිය පෙම්වතියන් දෙදෙනකු නිසා එසේ උපකාරක පන්තිය මගහැර පෙම්සුව විඳීමට ගිය තවත් පෙම්වතියන් තිදෙනකු කෙටුකරගත් පුවතක් දකුණේ එක්තරා නගරයකින් වාර්තා වේ. සිද්ධිය සැකෙවින් මෙසේය. එය නව යොවුන් විය ඉක්මවූ තරමක් වැඩිහිටි සිසු සිසුවියන් පිරිසක් සඳහා පැවැත්වෙන උපකාරක පන්තියකි. පන්තිය පැවැත්වෙන අතරතුර ගුරුවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ”අන්න සර්ගේ පන්තියෙ ගැහැනු ළමයි දෙන්නෙක් පන්ති කට් කරල අහවල් තැන කොල්ලො දෙන්නෙක් එක්ක ඉන්නවා” දුරකථනය ලද පණිවුඩය එයයි. සිසුවියන් කවුදැයි හඳුනා ගැනීමට දුරකථන ඇමතුමෙන් ලද තොරතුරු ප‍්‍රමාණවත් නොවීය. මෙම සිසුවියන් කොටුකර ගැනීමට කල්පනා කළ ගුරුවරයා පන්තියේ අනෙක් සිසු සිසුවියන් අමතා මෙසේ කීවේය. ”ළමයි දන්නවද මේ මොහොතේ අපේ පන්තියේ ගැහැනු ළමයි දෙන්නෙක් පන්ති කට් කරලා තවත් පිරිමි ළමයි දෙන්නෙක් එක්ක රවුම් ගහනවලූ. ඊළඟ දවසෙ ඒ ළමයි දෙන්නට මාව මුණගැහෙන්න කියන්න. නැත්නම් මම තොරතුරු ඔක්කොම ප‍්‍රසිද්ධ කරනවා කිව්වා කියලත් කියන්න.” මේ කතාව කනින් කොනින් පැතිරී ගියේය. පන්තියේ ඊළඟ දවස උදා විය. ගැහැනු ළමයින් දෙදෙනා වෙනුවට ගැහැනු ළමයින් පස් දෙනෙක් ගුරුවරයා හමුවට පැමිණ සිටියහ. මෙය ගුරුවරයාට මහත් ප‍්‍රශ්නයකි. නමුත් ඔහු ඒ බව හැඟවූයේ නැත. පසුව කරුණු විමසීමේදී අනාවරණය වූයේ එදින එම සිසුවියන් පස්දෙනාම පන්ති කට්කර පෙම්වතුන් සමග කාලය ගතකර ඇති බවයි. ගුරුවරයා හමුවෙන්න යැයි කී පුවත එකිනෙකා විසින් තමන්ට කියන ලද්දක් යැයි ඔවුන් සියලූ දෙනාම සිතූ නිසා මෙසේ පස්දෙනකුම පැමිණ ඇති බව පසුව හෙළි විය.



අදහස් (0)

ගුරුවරයා පෙම් යුවළකට එලූ දැලේ පස් දෙනෙක්ම පැටලිලා

ෂෙරීෆ් Tuesday, 04 September 2012 07:37 AM

නව යොවුන් ආදර පහක අවසානය..(ස)

:       0       0

මැදගෙදර Tuesday, 04 September 2012 07:49 AM

ආදරය කරන්න කලින් ඉගෙන ගන්න ඕන දෙමාපියන් ළමුන් ගැන මිට වාඩා සොයා බැලිය යුතුයි (ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 September 2012 06:33 AM

අනේ ඔය ළමයින්ට ආදරේ කරන්න අවස්ථාවක් දෙන්නකෝ. (නි)

:       0       0

මදුරංග Saturday, 08 September 2012 12:14 PM

පළමුව අධ්‍යාපනය ,දෙවනුව ආදරය ......(ස)

:       0       0

දර්ශන Monday, 03 September 2012 09:32 AM

ඉගෙන ගන්න කාලය පෙම් කිරීමට යොදාවා ගන්න එපා‍‍‍ . පාඩුව ඔබටයි‍‍ ....(ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 09 September 2012 12:47 AM

නුවන නිසාද අහම්බෙන්ද (දී)

:       0       0

කැලුම් Monday, 03 September 2012 03:50 PM

අද කාලේ ඔච්චර කීකරු දරුවන් ඉන්නවද කියලත් හිතා ගන්න බැහැ. (නි)

:       0       0

ක්සැන්ඩර් ක්සැන්ඩර් Tuesday, 04 September 2012 04:50 PM

හැදෙන කෙනා හැදෙනවා නැති කෙනා නෑ. ඒකට ඔහොම කලබල වෙන එක තමා වරද.(නු)

:       0       0

ශෂීමාල් Monday, 03 September 2012 09:57 AM

ගුරුවරයා හොඳ වැඩක් කැරලා තියෙන්නේ..(ස)

:       0       0

ශ්‍රිනාත් දයානන්ද Tuesday, 04 September 2012 10:00 AM

ඕකට තමා කියන්නේ "හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම " කියලා. වයෙසේ වරැද්දනේ...! සමාව දිය යුතුයි නේද...?(ස)

:       0       0

කෞෂී Monday, 03 September 2012 09:57 AM

ඕකට කියන්නේ වයසේ වැරැද්ද ..(ස)

:       0       0

ශෂී Monday, 03 September 2012 10:16 AM

වැඩේනම් හොඳයි..(ස).

:       0       0

දිල්ශාන් Wednesday, 05 September 2012 08:43 AM

පව් අප්පා . ප්‍රභාත් කියන කතාව ඇත්ත තමයි‍‍..(ස)

:       0       0

නිරාන් Monday, 03 September 2012 10:26 AM

උපකාරක පන්තියක උනත් හොඳ ගුරුවරයෙක්....ඔබට ස්තූතියි‍‍...(ස)

:       0       0

රන්දික Monday, 03 September 2012 10:36 AM

හොඳ ගැහැණු දරුවෝ ටිකක් හැබැයි..(ස)

:       0       0

ලලිත් Wednesday, 05 September 2012 02:47 PM

අනේ මන්දා මේ ගුරුතුමා ප්‍රේමදාස ජනපතිගේ උපදේශක කෙනෙක්ද කියලා‍‍‍...(ස)

:       0       0

ටෝනි Saturday, 22 September 2012 06:53 AM

ගුරුවරයාත් අනවශ්‍යය වැඩක්නේ කරලා තියෙන්නේ. උපදෙස් දීමත්, තර්ජනය කිරිමත් කියන්නේ දෙකක්. දැන් එතකොට කෙල්ලන්ට බැරිද නිදහසේ ආදරය කරන්නවත්. ඒකටත් අවසර පත්‍ර ඕනෑද? මේ ගුරුවරයාව හරි නම් හිරේ දාන්න ඕනේ කරපු දේට. සමහරැ දැන් කියයි මේක කෙල්ලෝදෙන්නගේ හොදට කරපු වැඩක්නේ කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ගුරුවරයාට මේ ගැන දෙමව්පියන්ට පැමිණිලි කරන්නයි. නැතුව මෙහෙම කරන්න නෙමෙයි. (නි)

:       0       0

සනත් Thursday, 06 September 2012 11:10 PM

මේවට ගිහින් අන්තිමට බෙලිත් කපාගෙන තමයි නවතින්න වෙන්නේ. (නි)

:       0       0

පද්මි ප්‍රංශය Tuesday, 04 September 2012 11:00 AM

ඇයි මේ ළමයින්ට පෙම් කිරීම තහනම්? අපේ රටේ මේ ගැන කතිකාවතක් ඇති කරන්න.. ආදීනව පෙන්වාදීම පමණයි කළ යුත්තෙ.. දුනුදිය අදින්න අදින්න හීය ගිහිං වටෙන දුර ඈතයි නේද?(නු)

:       0       0

උදිත් Monday, 03 September 2012 05:08 PM

අපිත් මෙහෙම කළ හැටි මට මතකයි, මට හොද හැටි මතකයි. (නි)

:       0       0

ප්‍රසංග Tuesday, 04 September 2012 06:57 PM

සමාජයේ හරිහැටි හදුනා නොගත් පිරිසකගේ පහත් ක්‍රියා නිසා සමාජයේ වටිනා දරු පිරිසක් අහිමි වෙනවා. (නි)

:       0       0

පෙරේරා Monday, 03 September 2012 11:17 AM

ඒ කාලේ මමත් එහෙමයි !!!(ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 11:16 AM

එක ගලින් කිරිල්ලියෝ 5 දෙනෙක්..දෙයියෝ සාක්කි...(ස)

:       0       0

යේෂාන් Monday, 10 September 2012 09:41 PM

මම හිතන්නේ මේ අපේ අර රසායන විද්‍යා සර්ගේ වැඩක්.නියමයි. (නි)

:       0       0

ශෆීක් Monday, 03 September 2012 11:56 AM

පුහුල් හොරා කරෙන් දැනේ. (ත)

:       0       0

කවුඩා Monday, 03 September 2012 12:00 PM

පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු (ත)

:       0       0

සරසි Monday, 03 September 2012 06:37 PM

සිරස්තලය තරමට පුවත රසවත් නැහැනේ. (නි)

:       0       0

සරසි Monday, 03 September 2012 06:32 PM

පන්ති නැවැත්තුවට කමක් නෑ‍‍...සර්ගේ ගාන හරියටම මාසේ මුල දෙන්න.....(ස)

:       0       0

රුවන් Monday, 10 September 2012 10:45 AM

දෙමාපියන් දරුවන් ගැන එදිනෙදා සොයාබැලිය යුතුයි (නි)

:       0       0

සේනානායක Monday, 03 September 2012 12:49 PM

ආදරයයි කැස්සයි ඔහොම තමයි ළමයිනේ....හංගන්න බෑ‍‍ (ස)

:       0       0

සම්පත් Friday, 07 September 2012 02:16 PM

නුවන තියෙන ගුරු තුමෙක් (දී)

:       0       0

ප්‍රවීන් - මැනිලා Monday, 03 September 2012 12:51 PM

'ගුරුවරයා පෙම් යුවළකට එලූ දැලේ පස් දෙනෙක්ම පැටළේ' කිවුවහම මට හිතුණේ වෙන දෙයක්. බැලින්නම් මේක එහෙම එකක් නෙමෙයිනේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 03 September 2012 12:54 PM

ඉගෙන ගන්න කාලේ වෙන වෙන දේවල් වලට යෙදෙවුවහම ජීවිත කාලයම පසු තැවෙන්න සිදු වෙනවා. (නි)

:       0       0

පනාගොඩ Thursday, 06 September 2012 03:38 AM

පෙම්කළ වරදට මට වද දෙන්නේ, පෙම් කළ හිතකින් නොවෙන නිසා... (නි)

:       0       0

ලංකා Friday, 07 September 2012 05:00 AM

මේකේ ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනා බෝසත් ළමා ළපටි වගෙයි. (නි)

:       0       0

සරත් Monday, 03 September 2012 01:05 PM

ආදරේ කරාට කමක් නෑ..සීමාවන් තියාගෙන.... (ස)

:       0       0

විශ්ව Monday, 03 September 2012 09:23 PM

:)පිස්සු නැත්නම් ශෝක. මොනවා වුණත් අවංක කෙල්ලො ටිකක. (නි)

:       0       0

මානා Sunday, 09 September 2012 11:07 AM

කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කියන්නේ මේවාට තමයි. (නි)

:       0       0

සුභාෂිණි Monday, 03 September 2012 01:29 PM

ගුරුවරයා යන තම සිසු දරුවන් ගැන මනා අවබෝධයකින් යුත් කෙනෙකු බව මෙයින්ම ‍මනාව පැහැදිලි වේ (නි)

:       0       0

ශිරාස් Tuesday, 04 September 2012 02:02 PM

පෙම් සුවය කියන්නේ මොකක්ද ?? .(ස)

:       0       0

කුරේ නාවලගේ Monday, 03 September 2012 10:10 PM

ගුරු නුවණ (නි)

:       0       0

කසුන් Monday, 03 September 2012 01:50 PM

හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම (දී)

:       0       0

ඉශාන් Wednesday, 05 September 2012 12:36 PM

දෙමාපියන් මේ ගැන දරුවන්ව දැනුවත් කල යුතුයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 209 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1005 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1129 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site