ඇල්පිටිය ප‍්‍රදේශයේ විවාහක ගුරු මහත්මියක වූ ඇය උසස්වීමක් සඳහා ඉසුරුපායට ගොස් ආපසු ගෙදර ඒමට මාතර බලා එන සුඛෝපභෝගී බසයකට නැග්ගාය. තම ආසනයේම වාඩිවූයේ කඩවසම් තරුණයෙකි. මඳ සිනාව කතාවකට පෙරැළී පසුව එය ක්‍ෂණික පෙම් සබඳතාවකට පෙරළණි. තමා එක්දරු මවක බව කීමට ඇය කීපවරක් තැත් කළ ද ඔහුගේ තොදොල් කතාව ඊට බාධාවක් විය. ඇල්පිටිය බස් නැවතුමෙන් බසින විට ඔහු තම ජංගම දුරකථන අංකය ඇය අත තැබුවේය. ගෙදර ගිය සැණෙන් ඇය සිය සැමියාට කතාව කියා මේ ඇමතුම් අංකය පෙන්වීය. ඔහු අපූරු යෝජනාවක් කළේය. යෝජනාවට අනුව ඇය සැමියාගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ අංකය අමතා මොහොතකින් ‘‘අයියෝ සල්ලි ඉවරයි. ඒත් දිගට කතා කරන්න ආසයි. මේකට රී ලෝඩ් එකක් දාන්න පුළුවන්ද’’ ඇසුවාය. ඔහු ඉහේ මලක් පිපුනා සේ ‘‘හරි මං ඔය අංකයට දාන්නම්’’ කීවේය. ඇය දුරකථනය සැමියාට දුන්නාය. මොහොතකින් එහි මූණතේ සටහන් වූයේ රුපියල් දෙසිය පනහක යළි පූරණයක් වූ බවය. නැවත දුර කථනය නාදවිය. එවිට සැමියා කතා කළේය. ඔහු තැතිගැන්මෙන් කතා කළ විට සැමියා ‘‘සොරි රෝන් නම්බර්’’ කියා බොත්තම එබුවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාපෝ ඇත්තද? (නි)
සැමියා වෙත, ඔයිට වඩා හම්බ කරන්න පුලුවන් විදියක් මම කියන්නද? (නි)
අපෝ මෙහෙමත් කාන්තාවන් ලංකාවෙ ඉන්නවනේ.. හොද වැඩක් තමයි මහත්තයා කියපු එක.. නමුත් රීලෝඩ් කරපු වැඩේ නම් එතරම් හොද නැහැ..!(නු)
මෙයා ගුරුවරියක් කියලා කියන්නේ කොහොමද? පෙනේද සැමියා සමග එකතුවෙලා කරලා තියෙන වංචාව..!(නු)
රුපියල් 250න් බේරුණා හොදටම ඇති..!(නු)
මිනිසුන්ගේ හැගීම් සමග සෙල්ලම් කරන්න එපා..!(නු)
හොඳ පාඩමක්!. මිනිස්සු උනාම ඔයිට වඩා බුද්ධිය පාවිච්චි කරන්න ඕන. හැගීම්වලින්ම හිතන්නේ නැතුව. කාන්තා ස්ථනෝචිත නුවණට ජයවේවා!
මට දැනෙන විදියට තව සැතපුම් 10-15 ගියානම් ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙන්න තිබුණා.. ඉස්කෝලහාමිනෙත් හොදයි වගේ..!(නු)
ලගදිම මහත්තයාට නෝනා තෑග්ගක් දේවි වගේ..!(නු)
මෝඩ වැඩක් කරලා ප්‍රසිද්දත් කරලා..!(නු)
ගුරුවරියක් උනාට වැඩේ කැතැයි..!(නු)
ඇල්පිටියත් අයිති දකුණු පළාදට ද? (ත)
වැරදි වැඩක් කරලා තව මහත්තයත් එක්ක එකතු වෙලා සල්ලිත් අරගෙන. අනේ මෙහෙමත් ගුරුවරු. (ත)
මේ ගුරුවරියට හොඳ පාඩමක් උගන්වන්න ඕන. (ත)
අය්යෝ සල්ලි (නු)
එ මහතානම් වැඩක් නැහැ..... තමගේ භාර්යාවට තියෙන ගෞරවය පේනව කරපු වැඩෙන්....ලැජ්ජ නැත්ද රීලෝඩ් දාගන්න තමන්ගේ භාර්යාවත් එක්ක සම්බන්දයක් පටන් ගන්න හදපු කෙනෙකුට කියලා....කොළඹ ඉදන් මාතරට එනකන්ම ඉතින් අම්බලන්ගොඩට එනකන්ම කතා කර කර එන්න ඇත්තේ ගුරුවරියගෙත් ප්‍රතිචාර හොද උන නිසා වෙන් ඇති.හැදිච්ච කෙනෙක් නම් බනිනවා ලැජ්ජ නැත්ද හලෝ මම බැදපු අම්ම කෙනෙක් කියලා....(නු)
ලංකාවෙ ඉන්න මිනිසුන්ගේ මේ වගේ වැඩ නැතිවෙනදාට ලංකාව දියුණු වෙයි.. එතකම් බලාගෙන ඉමු..(නු)
ඔහොම ගුරැවරියක් තමයි අර පේස් බුක් එකේ පැටලිලා ලැජ්ජා වුනේ.. මේ වගේ අය හොද හෝටලයකින් කාපු දාකටත් කියයි ද දන්නේ නැහැ ඇය ගුරුවරියෙක් කියලා... අපරාදේ අර කොල්ලගේ 250.. බලමුකෝ උසස් වීම හම්බවෙයිද කියලා....(නු)
ඔන්න අපේ මැඩම්ලාගේ වැඩ දරුවනේ හොදට ආදර්ශයට ගන්න..!(නු)
අහන්න දෙයක් නැහැ ගුරුවරිය දකුණු පළාතෙනේ..!(නු)
විහිළුවටවත් වෙන කෙනෙකුට පෙමව් කරනවාට මම නම් කැමති නැහැ..!(නු)
කොහොමද දකුණෙ මොලේ..!(නු)
පේනවානේ කාන්තාවන්ගේ හැදියාව.. හොදට කතා කරන්න ඇති.. අනික හැදියාවක් තියෙන කාන්තාවක් නම් නාදුනන කෙනෙක්ගේ නොම්බර ගනීද? (නු)
කවුරු මොනවා කිව්වත් අර මල්ලි නම් ටික දවසකට හරි හොද පාඩමක් ඉගෙන ගන්න ඇති..!(නු)
මාතර බස් ඇල්පිටියට යනවා කියලා දන්නේ අදයි.!(නු)
ඕකට ගමේ අය නම් කියන්නේ වෙන දෙයක්. (නි)
කපිල නිකං විහිලු කරන්න එපා මිනිස්සු හිනසන්න....ඔයා මොකද කලු සුද්දෙක්ද බස් යන පාරවල් නොදන්න...?මාතර බස් එකක කොලඹ ඉදන් ඇවිත් අම්බලන්ගොඩින් බැහලා තමයි ඇල්පිටි යන්නේ...(නු)
සිරිපාල හොදට බලන්න මේකෙ තියෙන්නේ මාතර බසයෙන් නැගලා ඇල්පිටිය බස් නැවතුම්පොලෙන් බහින විට කියලා තියෙන්නේ.. මමත් දන්නෙ නැහැනෙ මාතර ඒසී බස් ඇල්පිටියෙන් යනවා කියලා..!(නු)
මට පේන විදියට මේ ගුරැතුමිය උගන්වන්නේ රෙදි ස්කෝලෙ වෙන්න ඇති.. කාන්තාවන්ට අවනම්බුවක්.. කමක් නැහැ එයත් දකුණෙනෙ...!(නු)
කතාවේ හැටියට ගැහැණිය අත වරදක් නැත. නමුත් මේ ක්‍රියාව කැතයි. ස්වාමි පුරැෂයා මේ කාන්තාව අයුතු ලෙස උපයෝගී කොටගෙන ඇතිබව පෙනී යයි. මෙලෙස මුදල් උපයන්න එපා..!(නු)
මිනිස්සුන්ට පාඩම් උගන්වන්න කියලා බිරිඳව විකුණලා රීලෝඩ් දාගන්න සැමියෙක්..(නු)
ගුරුවෘත්තියට ගිය කලක්.. මම ඉපදුනේ ඇල්පිටියේ..පාසල් ගියේ ජීවත්වුනේ ඇල්පිටියේ.. ඒ වගේම දෙමව්පියෝ දෙන්නත් පලාතේ හොද නම්බුකාර විදියට උන්න ගරු වෘත්තියේ ඉහළටම ගිය දෙන්නෙක්.. මෙහෙම දේවල් අහන්න අපි පව් කරලා තියෙනවා.. හරිම කණගාටුයි.. මෙතන ගුරුවරිය තමයි අන්තිම කැත වැඩේ කරලා තියෙන්නෙ.. ඊට පස්සේ එයාගේ සැමියා.. ලැජ්ජා වෙන්න ඕන පිරිමි කමටත් නිගාවක්..!(නු)
ඔවු ඔවු මොළයේ තරම පේනවා. බෙන්තර ගගෙන් එහානේ. (නි)
ෂුවර් එකටම මේ ඉස්කෝලේ හාමිනේ දේශපාලන පත්වීමකින් ආපු කෙනෙක් වෙන්න ඇති. (නි)
මේ වගේ ගුරුවරුන් තමයි මුලු ගුරු සංහතියටම අවනම්බු කරන්නේ. දෙන්නා කතරගම බස්එකේ ගියානම් අතරමග බැහැලා යන්නත් තිබුණා සමහරවිට. (නි)
ගුරුවරියත් වැරදියි මෙතෙන්දී. (නි)
මට පේන්නේ සිරිපාල තමයි 250හේ රීලෝඩ් එක දාලා තියෙන්නේ. (නි)
සැමියාට වංචා නොකරන ආදර්ශමත් ගුරුවරියක්. රුපියල් 250ක් නිසා ඔහු නැවත වැරදි නොකරයි. (නි)
සිදුවූදෙය ඒ ලෙසින්ම සැමියාට පැවසුවානේ. ඒ නිසා ඇය හොද කාන්තාවක්. (නි)
අමිලා, දැන් ඕක වෙන පළාතක වුණා නම් ඔයා ඔය වගේ කතා කියනවද? වෙනත් පළාත් වලත් ඔය වගේ වාර්ථා ඇවිල්ල තියෙනවනේ. (නි)
තව මායම් 63ක්ම ඉතුරුයිනේ. (නි)
දකුණු පළාතට විතරක් බණින්නේ ඇයි?වෙන පළාත් වල එහෙම ඒවා වෙන්නෙ නැද්ද? (නි)
කවුද දන්නෙ නැහැ රු 250 දාලා තියෙන්නේ. (නි)
මේ වගේ වැඩ කරන්නේ සිරිපාල, රොෂාන්ලා වගේ අයයි. (නි)
මගේ යාලුවෙක් කෙල්ලෝ වගේ කතකරලා ඔයිට වැඩිය රී-ලෝඩ් දාගත්තා. (නි)
ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නකල් ඕවත් වැඩද? (නි)
මේ වගේ ගුරුවරියන්ට හොද පාඩම් උගන්වන්න ඕන.. හොද කෙනෙක් නම් අංකය ගන්නෙ නැහැ.. බලෙන් දුන්නත් නැවත දෙන්න තිබුණා.. අනික කෙලින්ම කියන්නතිබුණෘ එයා බැදපු කෙනෙක් කියලා.. කොල්ලො මුලාවෙ දාන්නේ නැතිව..!(නු)
මමත් ඇල්පිටියේ. අපිටත් ලැජ්ජයි. (නි)
උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බැරි නිසා වෙන්න ඇති නම්බරය ගන්න ඇත්තෙ.. හරි අවංක බිරිදක් නොවැ.. හරි සැමියෙක් නම් කොල්ලට කතා කරලා කාන්තාව ගැන අහනවා.. එයත් ගැටේට අහුවුණා..!(නු)
දකුණෙ බොහොමයක් මේ වගේ දේවල් වලට දක්ෂයි.. මේවට මොකුත් කියන්නෙ මොකටද?(නු)
මෙයා මේක ව්‍යාපාරයක් කර ගනීද දන්නෙ නැහැ.. මහත්තයාත් කැමතියිනේ.. (නු)
කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනේ (දී)
මෙතන හොද පාඩමක් අර ගුරුවරිය උගන්වලා තියෙන්නේ. තමා එක්දරු මවක් යැයි කියද්දිත් කිට්ටු වෙන්න හදලා තියෙනවනේ. මෙතන සමහර අය අර ගුරුවරියටයි, ගුරුවරිය ඉන්න පළාතටයි බැනලා තියෙන්නේ මේ ප්‍රවෘත්තිය හරියට කියවලා නෙමෙයි. සල්ලාලයන්ට හොද පාඩමක්. (නි)
දකුණු පලාතට බනින්න බලාගෙන කට ඇරගෙන හිටපු මිනිස්සුන්ට බණින්න නිවුස් එකක් හම්බවෙලා වගේ... (නි)
බැරි වැඩ නොකරන් අරෝ (දී)
උසස්වීම ගන්න ඇත්තෙත් ඔහොමද දන්නෙ නැහැ. ඒ ගැනත් ඔය ස්වාමිපුරුෂයාට හොයලා බලන්න කියන්න. (නි)
ගුරුවරියට තිබුණේ ඔයිට වැඩිය හොද පාඩමක් අර කොල්ලට උගන්වන්න. (නි)
ගුරවරිය කරපු වැඩේ හරි, මට හිතාගන්න බැහැ ඇයි මෙතන සමහර අය ගුරුවරියට බනින්නෙ කියලා. වැරැද්ද අර තරුණයාගෙනේ. තමා එක්දරු මවක් කියලා කියන්න හදද්දිත් මනමාලකම් කරපු එකට හොඳ වැඩේ කළේ. මේ වගේ මනමාලකම් කරන අය ලංකාව පුරාම බස්වල ඉන්නවා. (නි)
අපෝ 250 මදි (දී)
කරන්න පුළුවන් දෙයක් ඕනේ කරන්න (දී)
කවුරු මොනවා කිවුවත් බලන්නකෝ ළගදිම දවසක මේ දෙන්නා රහසේ මුණගැහෙන හැටි. (නි)
උසස්වීම ගන්න ගියේ කොහොමද දන්නෙ නැහැ. (නි)
ඕක ඔතනින් නවතින්නේ නැහැ. බලමුකෝ. (නි)
දකුණේ ගමක නමක් දැක්කත් සමහර අයට තරහා යනවනේ. (නි)
මම නම් හිතන්නේ වෙන දෙයක්.. මෙයා අකමැති නම් ඇයි නම්බරය අරගෙන ආවෙ.. අනික කතාවට එනකොට අකමැති නම් නැගිටල වෙන තැනකට යන්න තිබුණානේ..!(නු)
අනේ ටීචර්, මාවත් ඔයාගේ පන්තියට ගන්නකෝ. (නි)
හැමදා නියං එකදා වැහි වළාවේ... (නි)
මේ හාදයට අහිමිවුණේ 250ත් පමණයි. (නි)
මෙහෙමත් ගැහැණු? (නි)
මේක තිහගොඩ උපසේන මහත්තයටමද දන්නෙ නැහැ වුණේ? (නි)
ගානේ හැටියට නම් බාලන්සේ ළමයෙක් වෙන්න ඕනේ (දී)
මෙහෙමත් ගැහැණු... (නි)
ගුරු ගෝල සම්භන්දය (දී)
මාරු .... මාරු .... මාරු .... නියම වැඩේ. දඩේ තමයි මදි (දී)
පොඩි කමට කරන වැඩද මේවා (දී)
හු...... හු...... හු...... හොද වැඩේ (දී)
මදැයි 250න් බේරුනා (දී)
වැඩ නැතිවට වැඩ (දී)
මිනිස්සුන්ගේ හැගීම් වලට වයස් බේදයක් නැහැ (දී)
පවු අසරණයා (දී)
වැඩ නැතිවට වැඩ (දී)
අයියෝ 250 මොකද්ද. එහෙම දඩ ගහන එක වරදට පොළඹවා ගැනීමක් (දී)
ඒක විතරද ලැබුනෙ.(නු)
නියමයි (දී)
දැන් ළමයි ගුරුවරුන්ට සලකන හැටි තමයි මේ (දී)
මම දන්නවා 250 ආපහු ගන්න හැටි. (නි)
කපටි ස්ත්‍රියක්. (නි)
දකුණට බණින්න එපා. අද ලංකාව බේරිලා තියෙන්නේ දකුණේ අය නිසයි. (නි)
250 මොකක්ද අද කාලේ? (නි)
මෝඩ ළමයි (දී)
අනේ පව් අසරණයා (දී)
මෝඩ වැඩ කරනවට හොද වැඩේ (දී)
අනේ හොදයි (දී)
තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කියලා කියනවනේ. (නි)
මොනවද මේ ගහන දඩ රු 10, රූ 250 (දී)
250 ට තව කීයක් හරි දැම්මනම් මහත්තයගෙන් නෝනවම ඉල්ල ගන්නත් තිබුණා. මෙයා ගුරුවරියන්ටත් නිගරුවක් (ස)
අනේ පව් (දී)
නියමයිනේ. (නි)
දකුණු කෙනෙක් කරොත් දෙයක් ඔහොම්මමයි (ස)
මෙයාට අහුවෙන්න එපා තවත් නම්. (නි)
අයියෝ සල්ලි තමයි
කොල්ලන්ගේ හැටි ඔහොම තමයි, (ස)
ඊලඟ දවසේ නෝනා තනියෙම යවන්නේ බලාගෙනයි... (ස)
කොල්ලා මෝඩයා (ස)