(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර)
හෙල්මට් නොමැතිව යතුරුපැදියක පිටුපස අසුණේ ගමන් කළ අයෙකුගේ උප්පර වැට්ටියකට හසු වී පොලිස් නිලධාරියෙකු නිරුත්තර වීමේ පුවතකි මේ.
තම මව රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන හෙයින් ඇයට අවශ්‍ය දිවා ආහාරය සහ අත්‍යාවශ්‍ය ඔසුවක් රැගෙන තරුණයකු යතුරුපැදියෙන් රෝහලට යද්දී බස් නැවතුම් පොළක තමන්ට ගණිතය ඉගැන්වූ ගුරුවරයා සිටිනු දැක යතුරුපැදිය නතර කළ තරුණයා ගුරුවරුයා යතුරුපැදියේ පිටුපස හිඳුවාගෙන ඉදිරියට ගමන් කළේය. ගුරුවරයා ගමන්ගත්තේ හෙල්මට් නොමැතිවය.
පෙර මඟ වංගුවකදී පොලිස් නිලධාරීන් වාහන පරීක්‍ෂාවේ යෙදෙමින් සිටි අතර යතුරුපැදියේ පිටුපස හෙල්මට් නොමැතිව සිටි ගුරුවරයා දැක යතුරු පැදිය නතර කළ පොලිසිය ඒවනවිට නවතා තිබු වාහන යතුරුපැදිවල දඩ කොළ ලියමින්, ලියවිලි පරීක්‍ෂා කරමින් සිටියේය.
තමා කළ වරද නිසා ගෝලයා අමාරුවේ වැටෙන්නට යන බව දත් ගුරුවරයා පොලිස් නිලධාරියා වෙත ගොස් බැගෑපත්ව “සර් මේ ළමයාගේ අම්මා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ නතර කර ඇති නිසා අම්මාට ආහාර හා අත්‍යවශ්‍ය බෙහෙතක් හදිසියේම ගෙනියන්න වෙලා. ඒ නිසා ළමයාට අම්මාගේ බත් එකයි බෙහෙතයි දීලා ආපසු එන්න කියමු. ළමයා එනතුරු මම මෙතන ඉන්නම්.” කීවේය. පොලිස් නිලධාරියාද කෑමපාර්සලය බෙහෙත් කවරය පරීක්‍ෂා කර ඒවා භාරදී එන ලෙස නියම කළේය.
මේ අතර නවතා තිබූ වාහන පරීක්‍ෂා කර අවසන් වී ගුරුවරයයා ළඟට පැමිණි පොලිස් නිලධාරියා “ඇයි මහත්තයෝ හෙල්මට් නැතිව ආවේ. දඩයක් ලියන්නයි වෙන්නේ” යනුවෙන් පැවසුවේය. තවම යතුරුපැදිය පැමිණ නැත.
“සාජන් මහත්තයෝ මම ආවේ පයින්” කෝ මෙතන යතුරුපැදියක් තියනවයැ. මම යනවා. පයින් යන්නත් හෙල්මට් ඕනෑ දැයි සමච්චලයක් කළ ගණිත ගුරුවරයා පා ගමනින් ඉදිරියට ගියේය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුවරයාගේ උප්පරවැට්ටියෙන් පොලිසියත් හොල්මන් වෙලා
ranasin Friday, 20 December 2019 03:22 AM
පොලිස් නිලධාරීන් අනුකම්පාව නිසාම ගුරා සහ ගෝලයා විශ්වාසයට ගෙන තියෙනවා. ඔවුන්ට වංචාවක් කිරීම උප්පර වැට්ටියක් නෙවෙයි අශිෂ්ඨ ක්‍රියාවක්...
kumarage Friday, 20 December 2019 05:31 PM
මේ මොන රටේද..? අපේ රටේ පොලිසියේ කෙනෙකුට ඔහොම කිව්වා නම් කනෙන් ඇඳන් ගිහින් කූඩුවට දාන්නේ ..