(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
දකුණු පළාතේ එක්තරා පාසලක දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරියකගේ තැපැල් ඡුන්ද අයදුම්පත ප‍්‍රතික්‍ෂේප වීමත් සමග පන්ති කාමරයේදී අපූරු සිදුවීමක් සිදුවිය.
එම ගුරුවරිය ඉකුත් වසරක ඡුන්ද අනුක‍්‍රමික අංකය සටහන් කිරීම නිසා තැපැල් ඡන්ද අයදුම්පත ප‍්‍රතික්‍ෂේප කර ඇති බව දන්වා එව් ලිපියද රැගෙන ගුරුවරිය පන්තියට ගියාය. කෙසේ හෝ ඇයගේ එම ලිපිය පන්තියේදී බිමට පතිත වී තිබුණි. එය අහුලාගත් සිසුවකු පාඩම යන අතරේ එම ලිපිය යහළුවන් අතින් අත යැවීය.
එදින ගුරුතුමිය පාර්ලිමේන්තුවට මහජන ඡුන්දයෙන් මන්තී‍්‍රවරු තෝරා ගැනීම පිළිබඳව පාඩමක් කරමින් සිටියාය. පන්තියේ සිසුවෙකු නැගී සිට ගුරුතුමියගෙන් ප‍්‍රශ්නයක් විමසීය. ”මිස් තැපැල් ඡුන්දයක් අවලංගු වීමට බලපාන හේතු මොනවාද?”
පන්තියේ අනෙක් සිසුන්ද සිනා සෙන්නට වූ නිසා සිදුවී ඇති දෙය ගුරුතුමියට තේරුම් යාමට වැඩි වෙලාවක් ගත නොවිණ.
ප‍්‍රශ්නය ඇසූ සිසුවාට තද පිළිතුරක් දුන් ගුරුතුමිය පොත් ටිකත් රැුගෙන යන්නට ගියාය.
දින කිහිපයක් පන්තියට නොපැමිණි ඇගේ ගැටලූව උසස් පෙළ අංශ ප‍්‍රධාන ගුරුවරයාගේ මැදිහත්වීමෙන් පසු සමථයකට පත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසවත් කතාවක්. මටත් සුන්දර පාසල් කාලය මතක්වුණා (නි)
අපේ කාලයේ (දැනට දශක 2, 3 කට පෙර) නම් ඔය වගේ වැඩක් කරන්න අපට හයියක් තිබුනේ නැහැ. ඒ බයටද ගෞරවයටද කියන්න දන්නෙත් නැහැ. ඒත් අපිට වැරදුනෙත් නැහැ. (නි)
ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියනවා, නමුත් උපහාස-අපහස හොඳ මදි (අ)
ළමයි ඔය විදියට ගුරුවරුන්ගේ අඩු පාඩු දැකල හෑල්ලු කරන්න හොඳද? (නදී)
ගුරුවරියන්ට, කොහොමටත් ගැටළුවක් ඇතිවුන විටකදී පහසුවෙන් ගැලවෙන විදිහ දන්නේ නැහැ. ප්‍රශ්නය තවත් දුර ගෙනියනවා මිසක්. (නදී)
ගුරුවරු වෙන්නෙත් මිනිස්සුමනේ. ඒ හින්දා තමන් අතින් වැරද්දක් උනාම පිලිගන්න ලජ්ජා වෙන්න ඕන නෑ. ඡන්දය අවලංගු වෙන්න පරණ අංකය යෙදීම හේතුවක් කියල සුහදව කිව්වා නම් සිසුන් හා ගුරුවරිය අතර තිබෙන සම්බන්ධය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.(නදි)
සමන්, අන්න එ්ක තමයි කරන්න තිබුනේ. වැරැද්දක් උනා. ඒක විස්තර කරලා කියන්න තිබුනේ. උද්දච්චකම ඊට ලොකුයිනේ.(නදී)
ගුරුවරියක් කියන්නෙත් මව් කෙනෙක් කියා තේරුම් ගෙන කටයුතු කරන එක හොඳයි නේද දරුවනේ. එපා අම්මාවරුන් විහිලුවට ගන්න (නදී)