ගොවියකු කුඹුරට යද්දී රැගෙන ගොස් නියරක් උඩ තැබූ සිය ජංගම දුරකථනය බැල්ලියක සොරාගෙන විත් කැලෑවක අතහැර දමා තිබිය දී සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ පුවතක් සාලියවැව යාය හත ප‍්‍රදේශයෙන් පසුගිය දිනක වාර්තා විය. එම වාර්තාවට අනුව මෙදින උදෑසන තම කුඹුරට ගොස් ඇති මෙම ගොවි මහතා සිය අත වූ ජංගම දුරකථනය නියරක් මත තබා කුඹුරට ජලය හැරවීමේ කටයුත්තෙහි නිරතවී ඇත. මේ සඳහා ඔහුට පැය දෙකක පමණ කාලයක් ගතවී තිබේ. තමන් ආ කාරණය එසේ අවසන්කොට ආපසු නිවසට යාමට සූදානම් වූ ගොවි මහතා දුරකථනය ගැනීම සඳහා එය තැබූ තැනට ගොස් බැලූවත් එය පෙනෙන්නට නොතිබීම නිසා මදක් කල්පනාකොට ඇත්තේ යම් හෙයකින් එය මෙතැන නොව වෙනත් තැනකවත් තැබුවාද යන සිතිවිල්ලක් ඇතිවූ නිසාය. ඒ අනුව ඔහු කෝකටත් කියා කුඹුරේ සෑම නියරකම වාගේ ඒ මේ අත ඇවිදිමින් දුරකථනය සොයන්නට විය. නමුත් දුරකතනය තියා ඒ ගැන හෝඩුවාවක්වත් දැන ගන්නට මෙහිදී ඔහුට හැකිවී නැත. දුරකතනය කිසිවෙකුත් සොරාගන්නට විදියක් ද නැත. හේතුව අතරමග ගෙවත්තක සිට ඔහු පසුපසින් කුඹුරට පැමිණි බැල්ලියක හැර වෙනත් කිසිවෙකුත් කුඹුරෙහි නොසිටි නිසාය. නමුත් එම බැල්ලිය ද දැන් පෙනෙන්නට නැත. මෙහිදී කෝකටත් කියා ගොවි මහතා කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි තම නිවසට ආපසු ගොස් වෙච්ච දේ බිරියට ද පවසා පසුව ඇයත් සමග නිවසෙහි තිබූ තවත් දුරකතනයක් ද රැගෙන නැවතත් කුඹුරට පැමිණ ඇත. කුඹුරට පැමිණි ඔහු එසේ රැගෙන ආ දුරකතනයෙන් නැතිවූ දුරකථනයේ අංකයට ඇමතුමක් ගෙන ඇත. එවිට එම දුරකථනය තවමත් කි‍්‍රයාත්මක වන බවට තහවුරු වී ඇත. නමුත් එය කුඹුරු සීමාව තුළ නොවන බව වැටහී ගියේ ඒ ආකාරයට මුළු කුඹුරේම ඇවිද ගියද එහි හඬ පිටතට නොඇසුණු නිසාය. උත්සාහය අත් හරින්නට ද හිතක් පහළ නොවූ තැන මොහොතක් කල්පනා කළ ගොවි මහතා මුලින්ම තමන් පසුපසින් කුඹුරට පැමිණි බැල්ලිය කොහේදැයි සොයන්නට තීරණය කළේය. ඒ අනුව බිරිය එක් මාර්ගයකිනුත් ගොවි මහතා තවත් මාර්ගයකිනුත් ආපසු නිවසට ගමන් කිරීමට කතිකා කර ගත්හ. දෙවනුවට ගෙනා දුරකතනය ද කි‍්‍රයාත්මක කරමින් මෙසේ ඉදිරියට ගමන් කරමින් සිටි ගොවි මහතාට එක්වරම මග අයිනේ කැලෑ රොදකින් නැතිවූ දුරකථනයේ නාදය ඇසී ඇත. ඒ අනුව වහාම ඒ දෙසට ගිය ඔහුට බිම නාදවෙමින් තිබූ තම නැතිවූ ජංගම දුරකථනයත් ඒ ආසන්නයට වී දුරකථනයෙන් පිටවන හඬට සවන්දීගෙන සිටින බැල්ලියවත් දැක ගැනීමට ලැබී ඇත. ”බැල්ලි තමයි ෆෝන් එක ගෙනිහින් තියෙන්නෙ. ඒක එයා හපල පිටුපස කොටස ගැලවිලයි තිබුණෙ, හොඳ වෙලාවට බැටරිය ගැලවිලා තිබුණෙ නෑ, එහෙම වුණා නම් ෆෝන් එක හම්බ වෙන්නෙ නෑ. සමහරවිට මම ඒකට කෝල් නොගත්ත නම් එයා ඒක එයාලගෙ ගෙදරටම අරන් යයි. කොහොම වුණත් දුරකථනයට අමතර කොටස් දමන්න රුපියල් 300ක් විතර වැය වුණා. මදෑ ඔයින් ගියා” එම ගොවි මහතා එසේ කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ රහක් නෑ.....!
ඇත්තටම අද ජංගම දුරකථනය වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ වගේ අය තමයි (දී)
නියම කතාව...
ලස්සන කතාව,..මේකේ හිනායන්නේ කොහෙද දන්නේ නෑ.......!!!
මොකටද නියර උඩින් තියලා ගියේ...ෆෝන් එක සාක්කුවෙ දාගෙන හිටියනං හරිනේ..
සමහර විට බැල්ලිගේ පෙම්වන්ත බල්ලා බලාගෙන ඉන්නවද දන්නේ නෑනේ බැල්ලි කෝල් කරනකල්
බලුකතා විකාර...
බැල්ලිත් ආස ඇති කෙටි පණිවුඩ යවන්න...
බල්ලොත් එක්ක බෑ........
අනේ ලස්සන කතාව. මේ වගේ ඒවා පලකරන්න....
වෙන මුකුත් නැද්ද ?????
මදෑ ඔයින් ගියා
දැන් බල්ලොත් දුරකථන පාවිච්චි කරනවා ඇති...
ෆෝන් දැන් බල්ලට ගිහින් නේ...
අනේ අනේ හෑන්ඩ්ෆෝන් වලට ගිය කලක්
මාරයිනේ...මේ දෙන්න හොඳයි CID එකට. බඩුත් එක්ක හොරු හොයා ගනීවි.
අනේ ඉතින් එයාටත් චැට් කරන්න හිතෙන්න ඇති..ආදරේටනේ ඉතින්....
දැන් ජංගම දුරකථන බල්ලො පාවිච්චි කරන තරමටම හෑල්ලු වෙලා..
ප්‍රවේසමින් ෆෝන් පාවිච්චි කරද්දි....
ෂා... මරු බලු කතාව
මෝඩ ගොවියා !!!!!!
හිනා නෑ....
මේකේ හිනායන තැන කියන්න පුඵවන්ද ?...
මේකනම් බොරුවක්ද කොහෙද ?????
එයාගේ පෙම්වතාට කතාකරන්න වෙන්න ඇති..
ජංජාලයයි.......
බල්ලෙකුට කෝල් එකක් ගන්න වෙන්න ඇති ගන්න ඇත්තේ
හදිස්සියට කෝල් එකක් ගන්න හිතෙන්න ඇති...
ලස්සන කතාව ... , ෆෝන් එක මස් කට්ටක් වගේ පේන්න ඇති.
දෙයියෝ සාක්කි. නඩුවක් දැම්මනම් හරි....
බල්ලෙක්ට කෝල් එකක් දෙන්න ගන්න ඇත්තේ.