ගවයකු සොරකම් කරගෙන ගිය පුද්ගලයකු එම ‘ගවයා විසින්ම පොලිසියට අල්ලාදීමට’ ක‍්‍රියාකිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ රසවත් පිළතුරක අත්තක් පිළිබඳව කියැවෙන ප‍්‍රදේශයකිනි.
මේ ගවයා හිමිකරුවාට කීකරු වුවත් අන් අයට පන්න පන්නා පහරදෙන ගණයේ එළ ගවයෙකි. පසුගියදා ගවයා බැඳි ලණුවත් සමගම ඌ අතුරුදන්ව තිබුණි. වටපිටාවේ හැම තැනම සෙව්වත් ගවයා හමුවී නැත. මේ අතරතුර අසල්වැසි ඥාති නිවෙසක හෙදියක කීවේ පෙර දින එළ ගවයකු පහරදීම නිසා තුවාල ලද අයකු තමා සේවය කරන රෝහලට ගෙනා බවකි.
ඔත්තුව ඔස්සේ ගිය ගව හිමියාට මේ තම ගවයා සොරකම් කළ පුද්ගලයා බව දැනගත හැකිවිය. ඔහුගේ නිවෙස සොයා රහසේම ගියවිට ගවයාට ද හොඳටම පහර දී මස් කඩයට දැක්කීමට සූදානම්ව තිබූ බව දැනගත් ගව හිමියා දැන් නීතියේ පිළිසරණ සොයමින් සිටිනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභය, දකුණේ හරක් ඔක්කොම ඔය වගේද? (නි)
මේවා දිට්ඨ ධම්මවේදනීය කර්ම (නි)
මෙන්න නියම ගවයෙක්! (නි)
හරකා වුණත් ඌ කරලා තියෙන්නේ නුවණක්කාර වැඩක් (නි)
ඉතින් සමාව දුන්නා නම් ඉවරනේ (අ)
අපේ ගෙදර සුරතලයට හදපු පෝනියෙකුත් රෑ හොරු අරගෙන ගිහින් තිබුන. පිටස්තරයෙකුට තියා අපිටවත් පිටේ නගින්න බැහැ කකුල් දෙකෙන් ගහනවා. හොරු කඹ මිලදී අරගත් කඩ වල හෝඩුවාවෙන් අපි හොයාගත්ත. ගගකිනුත් එගොඩ කරලා පල්ලියවත්තක බැඳලා හිටිය. ඒ වෙනකොට හොරු ඇතිවෙන්න උගෙන් ගුටි කාල තිබ්බා.අපි හොරුන්ට අනුකම්පා කර සතා ගෙදර ගෙනාවා. පැමිණිල්ලත් පොලිසියෙන් අස් කරගත්තා. (කෞ)
පොලීසිය, හරක් හොරාව අත් අඩංගුවට ගන්න නීතිපති උපදෙස් එනකම් බලං ඉන්නව ඇති (බ)
කළ කළ දේ පළ පළ දේ. සෑම්, ඔබගේ අදහස් වටිනවා. (නි)
හැටේ දශකයේ මත්තේගොඩ/ සියඹලාගොඩ ප්‍රදේශයේ වයසක ගුරු මාතාවක් තම දරුවෙකු සේ ආදරයෙන් ඇතිදැඩි කළ හරකා සොරාගෙන මරා කෑ දෙදෙනෙකුට අත්වූ ඉරණම ඒ පළාතේම ප්‍රසිද්ධයි. පිහියකින් බෙල්ල කැපීමට යාමේදී මේ සුරතලයට හැදුනු සතා පිහිය සහිත අත ආදරයෙන් ලෙව කෑ බවත් කියවෙනවා. දක්ෂ රා මදින්නෙකු වූ එම තැනැත්තා අතුරේ යාමේදී අත් ලනුව කැඩී බිම වැටීමට යනවිට කකුලේ මහපට ඇඟිල්ලෙන් පහළ ලණුවේ එල්ලී නොවැටී සිටීමට උත්සාහ කිරීමේදී ඉනේ තිබුන මල් කපන පිහිය බෙල්ලට වැටී බෙල්ල කැපී මියගියා. අනික් පුද්ගලයා වෙලක් මැදදී (කිසිම වැස්සක් නැති වෙලාවක) අකුණක් වැදී මිනියවත් හඳුනාගන්න බැරි තරමට පිච්චී මියගියා (නි)
පොලිසිය අල්ලන්නේ හොයාගන්න අමාරු අපරාධ විතරද මන්දා. (නි)
සොයමින් ඉන්නේ මොකටද? පොලිසියට ගිහින් රාළහාමි කෙනෙක් එක්ක හොරාගේ ගෙදරට ගියා නම් ඉවරනේ. (නි)
ලෙහෙසි නැහැ, ඔය හරකා දකුණේ එකෙක්! (නි)
නියමයිනේ! (නි)
හරකනේ බලනකොට නියම වැඩකාරයා! (නි)
නුවණක්කාර හරකෙක් (නි)
බෙලිඅත්ත පැත්තේ ගවයෝ තාමත් උත්සහා කරන්නේ පන්න පන්නා පහරදෙන්න (හේ)
ෂා අපරාදේ හරකා හරියටම හරක් හොරාට ඇනලා නැහැ (හේ)
ඔය වෙලාවට තමයි කැලේ නීතිය අවශ්‍ය වෙන්නේ !!!!!(ම)
පොලිසිය සමඟ ගිහින් අල්ලාගන්නනේ තියෙන්නේ (නි)
අපරාදේ! තව දෙපාරක් ඇන්නා නම් ආයෙත් මේ ලෝකේ බත් නොකන්න තිබුණා (නි)