වසර ගණනාවක් එක දිගට විදේශ රටක නිවෙසක සේවය කළ ඇය ශ්‍රී ලංකාවට පැමිණියාය.
ඉංග‍්‍රීසි භාෂාව ගැන දැනුම ඇති නිසාත් කාර්ය ශූරවූ ඇයගේ සේවය ඉතා අවංකභාවයෙන් යුක්තවීම නිසාත් දන්නා කියන නිවාස රැසක කාන්තාවෝ ඇයට තම තමන්ගේ නිවෙස්වල සේවයට පැමිණෙන ලෙස ආරාධනා කළහ.
මේ අතින් ඉතාම කරුණාවන්ත නිවෙස්හිමි කාන්තාවකගේ ඉල්ලීමට ඇය අගනුවර තැනක සේවයට නතර වූවාය.
එසේ නතර වූ ඇය පොත් කියවීමට අවශ්‍ය බවද නිවෙස් හිමි කාන්තාවට කීවාය.
විශ‍්‍රාම සුවයෙන් පසුවූ නිවෙස් හිමි කාන්තාව දිනක් ඇය පරිහරණය කළ පැරණි පොත් විශාල ප‍්‍රමාණයක්ද තවත් අලූත් පොත් කිහිපයක්ද තම නවක සේවිකාවට ගෙනැවිත් දුන්නේය.
නෑ... නෑ.... නෝනා මම කිව්වේ මේ ”බුක්” නොවෙයි... ”අයි වෝන්ට් පේස් බුක්” මැඩම්. ඇය ඉංග‍්‍රීසි බසද මුසු කොට ගෙහිමි කාන්තාවට නැවත නැවතත් කියන්නට විය.
හරි.. මම මහත්තයට කියලා හෙට ගෙනත් දෙන්නම්. දැන් මේවා කියවන්න. ඇය සේවිකාව අස්වැස්සීමට නැවතත් කීවාය.
නෑ නෑ මැඩම් මට මගේ යාලූවෝ එක්ක චැට් කරන්න ෆේස් බුක් ලොග් වෙන්නයි ඕනෑ.
එසේ කියමින් ඇය කුඩා ලැප්ටොප් පරිගණකයක් ගෙහිමි කාන්තාවට පෙන්වමින් නව තාක්‍ෂණය ගැන විග‍්‍රහයක් කරන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කය නම් අසාරය. භව නම් භයංකාරය.(නදී)
ඔහොම අය තමයි ඒ බුක් වලින්ම ජීවිතයත් නැති කරගන්නේ හෝ අනෙක් අයගේ ජිවිත නැති කරන්නේ.(නදී)
පුතා ෆේස් බූක් ඉල්ලා අම්මාට කරදර කරනු තාත්තාට ඇසුනා. තාත්තා පොත් සාප්පුවට ගොස් ෆේස් බූක් එකක් ඉල්ලුවාම වෙළඳ සහායක පරිඝනකයක් ගෙනත් දී ඕක ඇතුලේ ෆේස් බූක් එක ඇති කිව්වා. තාත්තා හිතුවේ පෙට්ටිය ඇතුලේ තිබුන මැණුවෙල් එක වෙන්නැති කියායි. කොම්පියුටර් එක තාම ගෙදර පල් වෙනවලු. පුතාට කලින් ලැප්ටොප් එකක් අරන් දීල තිබුනා.(නදී)
මොකක්ද තියන වරද ඇයි මිනිසුන්න්ට පේස් බුක් යන්න තහනම්ද? (නදී)
කාර්යශූර නම් ඉතා අවංක නම් ෆේස් බුක් යන්න දුන්නට කමක් නැහැ. නමුත් ඔය මුලින් කියපු ගුණාංග ඇති අය හරිම අමාරුයි හොයාගන්න. (නදී)
නීති සංසෝදනය කරමු, කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරමු.(නදී)
ඇත්තටම අපි මේ තීරුවට ෆේස් බුක් නිසා උන අකරතැබ්බ ගැන ලියල බලමුද හැමෝටම දැනගන්න.(නදී)
ෆේස් බුක් ගැන දන්නා අය වාගේම නොදන්නා අයත් ඉන්නවා. ඊ මේල් යැවීම සම්බන්දව නොදන්නා අයත් ඉන්නවා .(ත)
හැම කෙනකුටම මානව නිදහස ඕනෑ කරනවා. ඒක හරියට පාවිච්චි කරන්න දැනගන්න එක තමයි අවශ්‍ය වෙන්නෙ. (නදී)
සෞදි අරාබි යෙත් ගොඩාක් ඉන්නවා ඔයවගේ කට්ටිය .මටහිතෙන විදිහට 30%ක් විතර
අනේ ජිනා නොදන්නා දේවල් නොලිය ඉන්න. ඔයා මොනාද දන්නේ සෞදි අරාබිය ගැන. හිතුවද මෙහේ ඉන්නේ කුඩු බිස්නස් කාරයෝ,කැසිනෝ කාරයොයි කියලා. ඔයා දන්නේ නැතිනම් අහලා දැන ගන්න හැම දේටම සෞදිය ගාව නොගෙන.(නදී)
ස්වාමිදුවගේ අනුමැතිය ඇතුව ස්වාමියා සහ ඔවුන්ගේ පුතුන්ගේ උවමනා එපාකම් පිරිමැසූ විකාවනුත් සෞදියේ සිටින බව අපි හොදින් දන්නවා.(නදී)