IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගෘහ සේවිකාවගෙන් වැටුපට අමතරව අමුතු ඉල්ලීමකුත්

වසර ගණනාවක් එක දිගට විදේශ රටක නිවෙසක සේවය කළ ඇය ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඉංග‍්‍රීසි භාෂාව ගැන දැනුම ඇති නිසාත් කාර්ය ශූරවූ ඇයගේ සේවය ඉතා අවංකභාවයෙන් යුක්තවීම නිසාත් දන්නා කියන නිවාස රැසක කාන්තාවෝ ඇයට තම තමන්ගේ නිවෙස්වල සේවයට පැමිණෙන ලෙස ආරාධනා කළහ.

මේ අතින් ඉතාම කරුණාවන්ත නිවෙස්හිමි කාන්තාවකගේ ඉල්ලීමට ඇය අගනුවර තැනක සේවයට නතර වූවාය.

එසේ නතර වූ ඇය පොත් කියවීමට අවශ්‍ය බවද නිවෙස් හිමි කාන්තාවට කීවාය.

විශ‍්‍රාම සුවයෙන් පසුවූ නිවෙස් හිමි කාන්තාව දිනක් ඇය පරිහරණය කළ පැරණි පොත් විශාල ප‍්‍රමාණයක්ද තවත් අලූත් පොත් කිහිපයක්ද තම නවක සේවිකාවට ගෙනැවිත් දුන්නේය.

නෑ... නෑ.... නෝනා මම කිව්වේ මේ ”බුක්” නොවෙයි... ”අයි වෝන්ට් පේස් බුක්” මැඩම්. ඇය ඉංග‍්‍රීසි බසද මුසු කොට ගෙහිමි කාන්තාවට නැවත නැවතත් කියන්නට විය.

හරි.. මම මහත්තයට කියලා හෙට ගෙනත් දෙන්නම්. දැන් මේවා කියවන්න. ඇය සේවිකාව අස්වැස්සීමට නැවතත් කීවාය.

නෑ නෑ මැඩම් මට මගේ යාලූවෝ එක්ක චැට් කරන්න ෆේස් බුක් ලොග් වෙන්නයි  ඕනෑ.

එසේ කියමින් ඇය කුඩා ලැප්ටොප් පරිගණකයක් ගෙහිමි කාන්තාවට පෙන්වමින් නව තාක්‍ෂණය ගැන විග‍්‍රහයක් කරන්නට විය.

 



අදහස් (0)

ගෘහ සේවිකාවගෙන් වැටුපට අමතරව අමුතු ඉල්ලීමකුත්

ධම්ම Thursday, 02 January 2014 02:06 PM

කාර්යශූර නම් ඉතා අවංක නම් ෆේස් බුක් යන්න දුන්නට කමක් නැහැ. නමුත් ඔය මුලින් කියපු ගුණාංග ඇති අය හරිම අමාරුයි හොයාගන්න. (නදී)

:       0       0

ආරියසේන Friday, 03 January 2014 09:49 PM

ෆේස් බුක් ගැන දන්නා අය වාගේම නොදන්නා අයත් ඉන්නවා. ඊ මේල් යැවීම සම්බන්දව නොදන්නා අයත් ඉන්නවා .(ත)

:       0       0

හේමාල් Thursday, 02 January 2014 03:06 PM

නීති සංසෝදනය කරමු, කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරමු.(නදී)

:       0       0

පිනා Sunday, 05 January 2014 08:19 PM

සෞදි අරාබි යෙත් ගොඩාක් ඉන්නවා ඔයවගේ කට්ටිය .මටහිතෙන විදිහට 30%ක් විතර

:       0       0

ලක්විඳු Monday, 06 January 2014 11:18 AM

ස්වාමිදුවගේ අනුමැතිය ඇතුව ස්වාමියා සහ ඔවුන්ගේ පුතුන්ගේ උවමනා එපාකම් පිරිමැසූ විකාවනුත් සෞදියේ සිටින බව අපි හොදින් දන්නවා.(නදී)

:       0       0

ගජබා Friday, 03 January 2014 03:58 PM

ඇත්තටම අපි මේ තීරුවට ෆේස් බුක් නිසා උන අකරතැබ්බ ගැන ලියල බලමුද හැමෝටම දැනගන්න.(නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 02 January 2014 09:49 AM

පුතා ෆේස් බූක් ඉල්ලා අම්මාට කරදර කරනු තාත්තාට ඇසුනා. තාත්තා පොත් සාප්පුවට ගොස් ෆේස් බූක් එකක් ඉල්ලුවාම වෙළඳ සහායක පරිඝනකයක් ගෙනත් දී ඕක ඇතුලේ ෆේස් බූක් එක ඇති කිව්වා. තාත්තා හිතුවේ පෙට්ටිය ඇතුලේ තිබුන මැණුවෙල් එක වෙන්නැති කියායි. කොම්පියුටර් එක තාම ගෙදර පල් වෙනවලු. පුතාට කලින් ලැප්ටොප් එකක් අරන් දීල තිබුනා.(නදී)

:       0       0

මානෙල් Sunday, 05 January 2014 11:26 AM

හැම කෙනකුටම මානව නිදහස ඕනෑ කරනවා. ඒක හරියට පාවිච්චි කරන්න දැනගන්න එක තමයි අවශ්‍ය වෙන්නෙ. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 06 January 2014 01:08 AM

අනේ ජිනා නොදන්නා දේවල් නොලිය ඉන්න. ඔයා මොනාද දන්නේ සෞදි අරාබිය ගැන. හිතුවද මෙහේ ඉන්නේ කුඩු බිස්නස් කාරයෝ,කැසිනෝ කාරයොයි කියලා. ඔයා දන්නේ නැතිනම් අහලා දැන ගන්න හැම දේටම සෞදිය ගාව නොගෙන.(නදී)

:       0       0

කුමාරි Wednesday, 01 January 2014 01:18 PM

කය නම් අසාරය. භව නම් භයංකාරය.(නදී)

:       0       0

ඩීන් Thursday, 02 January 2014 12:42 PM

මොකක්ද තියන වරද ඇයි මිනිසුන්න්ට පේස් බුක් යන්න තහනම්ද? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 01 January 2014 04:26 PM

ඔහොම අය තමයි ඒ බුක් වලින්ම ජීවිතයත් නැති කරගන්නේ හෝ අනෙක් අයගේ ජිවිත නැති කරන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 453 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 577 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1058 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 891 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2346 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 816 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site