චිත්රපටයක් නැරඹීමට ගිය තරුණ පිරිසකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව සත්‍ය පුවතක් කුරුණෑගලින් වාර්තා විය.
තාරුණ්‍යය පිළිබඳ හැඟීම් දනවනසුළු පේ‍්‍රම වෘත්තාන්තයක් ගැන කියවෙන හින්දි ජනප‍්‍රිය චිත‍්‍රපටයක් නගරයේ සිනමාහලට ඇවිත් යන ආරංචිය ප‍්‍රදේශයේ තරුණ පිරිසකගේ කණ වැකිණි.
ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටි එම චිත‍්‍රපටය පැමිධෑම පිළිබඳව සතුටට පත් තරුණයන් හත් අට දෙනෙක් එය බැලීමට යාම සඳහා දිනයක් කතාබහ කරගත්හ. කතා කරගත් පරිදි යතුරුපැදිවලින් ගමන්ගත් පිරිස සිනමාහල වෙත ළඟා වන විට චිත‍්‍රපටය පටන්ගෙන තිබිණි.
චිත‍්‍රපට ශාලාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කර තිබුණු දැවැන්ත ජනප‍්‍රිය නළු නිළි යුවළකගේ ඡුායාරූප දැකීමෙන් තරුණ පිරිසගේ සිත් තව තවත් නොසන්සුන් විය. ප‍්‍රවේශපත් මිලදීගෙන කඩිමුඩියේ සිනමා ශාලාව කරා පියනැඟූ පිරිස ”එන්න එන්න මල්ලිලා ෂෝ එක දුවලා විනාඩි10 ක් විතර ඉක්මනට එන්න ඇතුළට” ශාලා සහායක දුවමින් විදුලි පන්දම දල්වා අඳුරු ශාලාවට පිරිස කැඳවාගෙන ගියේ කඩිනමිනි.
ඒ වනවිටත් තිරයේ ප‍්‍රදර්ශනය වෙමින් තිබුණේ ජනප‍්‍රිය නිළියගේ හා නළුවාගේ පේ‍්‍රම ජවනිකාවකි. තරුණ පිරිසගේ ඇස් දිවගියේ ඒ තිරය වෙතය. විදුලි පන්දමේ එළියෙන් අසුන් පෙළක් දැකගත් තරුණයෝ තිරයෙන් ඉවත් නොකළ දෑසින් යුතුවම අසුන්වල වාඩිගත්හ. ‘‘බුදු අම්මෝ..... කොන්ද’’ ශාලාවේ පිටුපසින් ඇසුන අඳෝනාවට කවුරුත් බියවූහ. ශාලාවේ පිටුපස විදුලි ආලෝකයද දැල්විණි.
ශාලාවේ පිටුපසම පේළියේ වාඩිවීමට ගිය තරුණයන් දෙදෙනකුම අසුන්වල යැයි සිතා තිරය දෙස බලාගෙන වාඩිවී ඇත්තේ බිමය. කොන්ද අල්ලාගෙන බිමින් නැගිටින තරුණයෝ නිහඬවම නැවත අසුන් මත වාඩි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියේ ඉඳල එක පාරටම කළුවරට ගියහම් අඳුරට හුරු වෙන්න ටිකක් වෙලා යනවනේ , පවු කොල්ලෝ දෙන්නා , මීට පස්සෙවත් නිලියෝ දිහා බලද්දී ප්‍රවේසමෙන් පුතේ ! (ර)
ලොකු දෙයක් බිම වාඩි වුන එක. බැරි වෙලා වැරදීමකින් කලුවරේම බවලතෙකුගේ ඔඩොක්කුවට එහෙම වැටුනානම් කොන්දක් නැතිව යන්න වෙන්නේ. (ර)
මමනම් නෙවේ ඔන්න .....?(හේ)
මදැයි ඔයින් ගියා.. බිමට වැටුන නිසා හොදයි. (ර)
අයියෝ පිස්සෝ ටිකක්නේ.(හේ)
මේ වගේ ෆිල්ම් පිස්සොන්ට නම් වෙනවා.(හේ)
ඉස්සර අපේ ගම්පලාතේ පාලිත කියල චිත්‍රපටි පිස්සෙක් හිටිය , ඔහු එකම චිත්‍රපටිය බලන්න හැමදාම චිත්‍රපටි ශාලාවට යනවා ,දන්නා අදුනන අයත් අතින් ටිකට් අරන් දිල ඇතුලට ගෙනියනවා , ච්ත්‍රපටිය පටන්ගත්තට පස්සේ ක්‍රිකෙට් තරඟයක විස්තර විචාරකය වගේ චිත්‍රපටිය ගැන කමෙන්ට්‍රියකුත් දෙනවා , සමහර වෙලාවට අනිකුත් ප්‍රේක්ෂකයන්ගෙන් ගුටි කන වෙලාවලුත් තිබෙනවා (බ)
මේක එම තරුනයන්ගේ විහිලුවක්. කමක් නැහැ කවුරුත් මේවගේ තැන් වලට යන්නෙ විනෝදාශ්වාදය ලබන්න නේ. ඉතින් මේ වගේ අහින්සක විහිලුවක් කරලා අනුන්වත් හිනස්සලා තමනුත් සතුටු වෙන එකේ වරදක් නැහැ.(හේ)
අපි පොඩි කාලේ සත ගානට ගැලරියේ පිචර් බලපු හැටි මතක් වෙනවා.. (බ)
ඉස්සර තිබුනා "අදට වැඩිය හෙට හොඳයි" කියලා චිත්‍රපටයක්. මේක බලන්න කුරුණෑගල ප්‍රදේශයේ ගමක තරුණ පිරිසක් පාපැදි වල ගියා. හැබැයි ගියේ රාත්‍රියේ 9:30 ට. ගිහින් දැන්වීම බැලුවහම කියලා තියෙන්නේ 'හෙට හොඳයි' කියලනේ. ඒ නිසා ආපහු ගෙදර ඇවිල්ලා තියනවා. මේ ගම ඔය වැඩ වලට ප්‍රසිද්ධ ගමක් (නි)
කියනකොටම මම හිතුවේ කරුවෙලේම කාගේ හෝ ඔඩොක්කුවක ඉඳගෙන හොඳ සාත්තුවක් ලැබිලා කියලා (නි)
රූපවතී නම් හොඳට හොයලා බලලානේ වාඩිවෙන්නේ. (නි)
ඉතින් ප්‍රේමදාස පහුවෙනිද හරි ඒ චිත්‍රපටිය බැලුවද?(අ)
තාමත් චිත්‍රපටි බලන්නේ හෝල් වලද? බලන්නකො ගෙදර ඉඳලා ඔන්ලයින් (නි)
හිනා කාල පන යනවා (බ)