චූන් පාන් චූන් වෙන්න ගොසින් බිරියට ආරංචිවීමෙන් පසු ඇයත් සැමියා සමග චූන් පාන් රථයෙන් ගොස් කෑම වර්ග අලෙවි කරන අයුරු කොළඹ නුදුරු ප‍්‍රදේශයකින් පසුගිය දා අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු විවාහකයකු වන අතර බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවෙකි. තම රථයෙන් ගොස් දිනපතා උදෑසන හා සන්ධ්‍යා කාලයේදී කෑම වර්ග අලෙවි කරමින් සිටියේය. කාලයක් යනවිට ඔහු අනියම් ඇසුරක පැටලූණි. එහෙයින් වෙළඳාම් සිදුකර නිවෙසට යන වේලාව ද දිනෙන් දින ප‍්‍රමාද විය. තම සැමියා ගැන ඇයට සැකයක් ඇතිවුවත් ඒ ගැන ඔහුගෙන් නොවිමසා රහසිගත ලෙස ඇය තම ඥාතියකු ලවා පරීක්ෂා කර බැලීය. දැනගන්නට ලැබුණේ තම සැමියා අනියම් ඇසුරකට පෙළඹී ඇති බවයි.
එම තොරතුරත් සමග කළබල නොවූ ඇය දිනක් තම ස්වාමියාගෙන් රෑ බෝවන්නේ ඇයි දැයි විමසුවාය. එවිට දැන් හැමතැනම චූන් පාන් කට්ටිය වැඩියි. ඒ නිසා කෑම ටික විකුණගන්න සෑහෙන දුවන්නත්, මහන්සි වෙන්නත් ඕනෑ යැයි පැවසීය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් බිරිය‘‘එහෙනම් මමත් ඔයත් එක්ක එන්නම්, එතකොට ඉක්මනින් කෑම ටික විකුණගන්න පුළුවන් වේවි’’ යැයි පැවසුවාය.
එයින් තැතිගත් ඔහු ‘‘ ඕනෑ නෑ මම කොහොම හරි මහන්සි වෙලා කරගන්නම්’’ යැයි කීය. ‘‘නෑ නෑ දවසක් මම එක්ක ගිහිල්ල බලමු ’’යැයි ඇය පවසා පසුදා උදෑසනම ඇයත් අවදිවී චූන් පාන් රථයට ගොඩ වූවාය. ඔහු රියැදුරු අසුනේ සිටිය දී ඇය කෑම වර්ග අලෙවිකරන්න වූවාය. වෙනදාටත් වඩා ඉක්මනින් කෑම අලෙවි විය. චූන් පාන්ට කට උත්තර නැතිවිය. රෑ බෝ නොවී සවස් යාමයේම ඔවුහු කෑම අලෙවිකර නිවෙසට ගියහ.
ඒ අනුව දැන් ඇයත් දිනපතාම චූන් පාන් රථයේ ගමන් කරමින් කෑම වර්ග අලෙවි කරන්නට විය. චූන් පාන්ගේ අනියම් ඇසුරත් එතනින් නිමාවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන් ඉතින් ෙඩිය රෑ වෙන්න කලින් දෙන්නම ගෙදර යන නිසා , ගෙදරදී දෙන්නටහෛාඳට ඉන්න පුළුවන් (බ)
ඉවසීමෙන් සැනසුම ලබාගත් බිරිඳක්. බිරින්දෑවරුන්ට හොඳ ආදර්ශයක් (ම)
එක බිරිඳක් හොඳයි. එතකොට අර අනියම් බිරිඳ ගැන මොකද කියන්නේ. (බ)
බුද්ධිමත් කාන්තාවක් (නි)
ජය වේවා දෙන්නටම! (නි)
කෙනෙකුගේ සතුට තව කෙනෙකුගේ දුකක්. සමහරු සිටිනවා සැමියා වෙනත් ස්ත්‍රියක සමඟ හාදකම් කරන අතර බිරිඳ වෙනත් මිනිසකු සමඟ හාදකම් පවත්වන. එහෙත් ඔවුන් වෙන්වන්නේ නැහැ (නි)
ඉතාම හොඳ බිරිඳක් බව පේනවා. ජය ශ්‍රී. (නි)
මේ ගෑනු කෙනා අර ලංකාවේ ප්‍රචාරය කරන කිරි හෝ තේ බොනවා ඇති. නැත්නම් මෙච්චර සුක්ෂම මොලයක් කොහෙන්ද? (බ)
ඒකට අපේ උන්දැලා? හොයන්නෙම නැති වැරදි (නි)
කොහොමද ටිකිරි මොලේ , බුද්ධීමත් කාන්තාවක් ජය වේවා (ම)
ධර්මය හා කර්මය ගැන හරිහැටි අවබෝධයක් නැති එක තමයි ඔය ඔක්කොම මෝඩකම් වලට හේතුව.....(බ)
අපරාදේ. ස්වාමි පුරුෂයාගේ චූන් එක. (ර)
බිරිඳ බුද්ධිමත් සහ ඉවසනසුළු වුණාට දැන් මේ සැමියාට කාම මිත්‍යාචාර පාපයෙන් ගැළවෙන්න බැහැ. ඊළඟ ආත්මයේ තමන්ව තලන පෙලන බිරිඳක් වුණත් ලැබෙන්නේ මෙහෙම උදවියට තමයි. විවාහය යනු එක පාර්ශවයකගේ මහන්සියෙන් පමණක් ගොඩදාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. (නි)
ව්‍යාපාරිකයක් කියන්නේ විශ්වාස කළ හැකි පිරිමි කොට්ඨාශයක් නෙමෙයි. දුප්පත් මාස් පඩිකාරයෙකු , දවසේ කුලියට වැඩ කරන කම්කරුවෙකුගේ බිරින්දෑවරු සැනසීමෙන් ජීවත්වෙනවා. සල්ලි වැඩිවෙන තරමට ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ඇහැට කනට පේන තරුණියන්. (නි)
රටේ අනෙකුත් තරුණ බිරින්දෑවරුන්ට ආදර්ශයක් වෙන්න ඕනෑ මෙවැනි බිරින්දෑවරුන්.ඉවසීම, තැනට සුදුසු නුවණ... දැන් රටේ පවතින වාතාවරණය අනුව හොඳ පියවරක් ගත් අපේ කාලයේ කාන්තාවක් (නි)
මම මේ කල්පනා කරන්නේ ඉවසීම, බුද්ධිමත්කම සහ හැදියාව බිරිඳට විතරක් තිබුනාම ඇතිද කියලා. (නි)
මොලේ ඇති ඉවසීම තිබෙන බිරිදක්... යහපතක්ම වේවා. (ම)
නුවණක් කාර බිරිඳක්.අඩදබර කරගන්නේ නැතිව, පවුලේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව තැනට සුදුසු විදිහට නුවණ පාවිච්චි කරලා ප්‍රශ්නය විසඳුවා. (ම)