IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


චීන රොකට්ටුව වැටෙනවාට බයේ ගේ ඇතුළේ හැංගිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
   අභ්‍යාවකාශයේ දී කැඩී වෙන් වූ රොකට්ටුවේ කැබැල්ල හිස මත වැටෙතැයි බියෙන් නිවසට වී කල් ගත කළ පුද්ගලයකු පිළිබදව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.


රටේ ඉහළ පෙළේ ආයතන කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. චීනයෙන් ගුවන් ගත කෙරුණු රොකට්ටුවක කොටසක් කැඩී වෙන්වීම නිසා බිම පතිත වන බවට ආරංචි පැතිර යාමත් සමග ඔහු සිටියේ දැඩි කල්පනාවෙනි. ඔහු වඩාත්ම බියට පත්වූයේ එම කොටස ඇද වැටෙන සීමාවට ලංකාව ද අයත්වීම නිසාය. මේ නිසා ඔහු මොහොතින් මොහොත නවතම පුවත් බලන්නට වූයේ දැඩි විමසිල්ලෙනි. 


ඉදිරි පැය කිහිපය තීරණාත්මක බව දැන ගැනීමත් සමග ඔහු නිවසෙන් එළියටවත් ගියේ නැත. බිම ඇද වැටෙන රොකට්ටුවේ කැබැල්ලක් තම හිස මත වැටෙතැයි ඔහු දැඩිසේ බියට පත්ව සිටියේය. ඔහුගේ අසීමාන්තික බිය පහ කරන්නට බිරිය ගත් වෙහෙස ද අපතේ ගියේ ඔහු කිසිවක් කනකටවත් නොගත් බැවිනි. ගුවන් විදුලි යන්ත්‍රය හා රූපවාහිනිය නිතර ක්‍රියාත්මක කර තිබිණි. පැයෙන් පැය පුවත් සඳහා ඔහු දැඩි විමසිල්ලෙන් සවන් දුන්නේය. ඒ අතර අතේ තිබෙන දුරකතනයෙන් ද තොරතුරු බලන්නට වූයේ දැඩි විමසිල්ලෙනි.


රොකට්ටුවේ කොටස ඉන්දියන් සාගරයට පතිත වූ බව පුවත් ඔස්සේ ඔහු දැන ගත්තත් නිවසෙන් එළියට ආවේ නැත්තේ ඉතිරි වූ තවත් කොටසක් තිබුණොත් හිස මත ඇද වැටෙතැයි යන බිය නිසාමය. මෙසේ පැය කිහිපයක් ගතවිය. දැන් බිය නොවන්නැයි සැමියාගෙන් බිරිය ඉල්ලා සිටියාය. 


මෙතෙක් බැලූ පුවත් මෙන්ම බිරියගේ ප්‍රකාශය ද ඔහු පිළිගන්නට මැලිවූයේය. අවසානයේ ඔහු දන්නා අඳුනන මාධ්‍යවේදියකුට ඇමතුමක් ගත්තේය. ‘අරක වැටුණායි කියන්නේ ඇත්ත ද?“ ඔහු ඇසීය. මොකක්ද? ප්‍රති ප්‍රශ්නයක් එල්ල විය. ‘රොකට් එක අනේ‘‘ ඔහු කීය. “වැටුණා නේන්නම් අපිත් බලා සිටියේ මෙහෙට වැටෙයි කියලා. ඉන්දියන් සාගරයට වැටිලා තියෙන්නේ. කාටවත් කරදරයක් නැහැ“.යි ඊට පිළිතරු ලැබිණි.


‘‘එහෙනම් මං දැන් එළියට ආවාට කමක් නැද්ද‘යි ඔහු ඇසූ ප්‍රශ්නයත් සමග තම මිතුරාට කුමක් හෝ සිදුව ඇතැයි තේරුම් ගියේය. 
මිතුරා විමසිලිමත්වීම  නිසා මේ කතාව දැනගන්නට ලැබිණි. 

 



අදහස් (0)

චීන රොකට්ටුව වැටෙනවාට බයේ ගේ ඇතුළේ හැංගිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 447 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 905 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 866 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1156 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9493 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site