(තිහගොඩ - උපසේන ලියනගම)
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දැරූ ඔහු කා අතරත් ජනප‍්‍රිය තැනැත්තෙකි. සේවාවෙන් විශ‍්‍රාම ලැබීමෙන් අනතුරුව ඔහුට මුළු දිවයිනටම සාම විනිසුරුකමක් ද ලැබිණ. ප‍්‍රාදේශීය දේශපාලකයකුගේ හිතවතකු වූ ඔහු සොයා පසුගියදා එම දේශපාලකයාගේ පාක්‍ෂිකයකු ආවේ චරිත සහතිකයක් ගැනීමටය.
ඒ තැනැත්තා සමඟ කතා කිරීමේදී ඔහු රැුකියාවකට යාම සඳහා චරිත සහතිකයක් ඉල්ලා සිටියත් ඊට කිසිසේත් නොගැළපෙන විකාර දොඩවන්නකු බව මේ නිලධාරියාට හැඟිණි. දේශපාලකයා අමනාප කර ගැනීමට බැරි නිසා චරිත සහතිකය ලියාදී අස්සනට පෙර පි.පො. යනුවෙන් එහි සටහන් කොට සම්මුඛ පරීක්‍ෂණයට පෙරදා ඒ මණ්ඩලයේ ප‍්‍රධානියාට දුරකතන ඇමතුමක් දී ‘‘මගේ චරිත සහතිකේක පි.පො. කියා ලියා ඇති සහතිකය ගණන් ගන්න එපා’’ යැයි කීය. ඇයි සර් පි.පො. කියලා ලීවේයි පරීක්‍ෂක මණ්ඩල ප‍්‍රධානියා ඇසූවිට ‘‘පිස්සු පොරක්’’ කී නිලධාරියා ‘‘මේක කාටවත් කියන්න එපා’’ යැයි ද කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියේ චරිත සහතිකයක් ඉබේම පිරිනැමෙන උදවිය අපිට සභාවේ ඉන්න ගමන් පේනවා. අපේ කාන්තා පාඨක මහත්මීන් පුල පුලා බලාගෙන ඉන්නේ ඒ කෙනාට සහතිකය පිරි නැමෙනකොට අත්පුඩි ගහන්න. (ර)
ඇත්තමයි දිලාන්, අපේ පාඨක සභාවේ අර නිතරම කඩේයන මහත්තයත් එයාගේ හාම් පුතාගෙන් චරිත සහතිකයක් ගත්තාලු. හැබැයි එකේ අත්සනට පෙර යොදල තියෙන්නේ "පි" යන්න විතරලු. (නදී)
දිලාන්, පාඨක සභාවේ ඉන්න කෙනා ලඟදි ගත්ත වෛයිද්‍ය සහතිකයේ නම් අනිවාර්යෙන්ම "පි.පො." කියල ලියල ඇති. ඒ තරමටම එයාගේ මොලේ කචල් වෙලා. (අ)
ඔය කියන පාඨක තීරයේ අපේ යාලුවා නම්, පිස්සු පොරක් නෙමේ තනිකරම පිස්සෙක්. අපේ පොරට හොඳටම පිස්සු උනත්, දැන්මම පිට රටකට පැනගැනීමට පහසු මාර්ගයක් සොයමින් ඉන්නවලු. (නදී)
මට හිතෙන විදිහට චරිත සහතිකය දුන්න කෙනත් පිස්සු පොරක් වෙන්න ඇති. (නදී)
මෙම සාමවිනිසුරු කරලතියෙන්නෙ අන්තිම පහත් ක්‍රියාවක්.කෙනෙකුගේ රස්සාවක් නැතිකරනවා කියන්නේ ලොකු පාපයක්.මෙම පුද්ගලයා සමග පුද්ගලික තරහක් හෝ ඉරිසියාවක් තිබුනද දන්නේනැහැ.(අ)
අපේ ගොඩාක් දෙනාගේ වැඩ ඔහොම තමයි. (අ)..
මොනා උනත් අන්තිම පහත් වැඩක් . කාගේහරි රස්සාවක් කරන්න තියන අවස්ථාව නැති කරන එක .(බ).