(වියලූව වර්තාකරු)
ඡුන්ද ඔට්ටුවක් පැරදීම නිසා රසවත් ටෙලි නාට්‍ය කීපයක් බැලීමේ වරම අහිමි වූ කාන්තාවකට අල්ලපු ගෙදරට ගොස් එම කටයුත්ත ඉටුකර ගන්නට සිදු වූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
දැනගත් අන්දමට සිදුවීම මෙසේය.
ඔහුත් ඇයත් අඹු සැමියෝය. එක නිවසේ කොපමණ සතුටින් ජීවත්වුවත් ඔවුහු දේශපාලනය කළේ මේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකටය.
”මගේ අම්ම තාත්ත, පරම්පරාවම අහවල් පක්ෂයේ” කාන්තාව කීවාය.
අපෝ අපිනම් කැපුවත් ඔය පක්ෂයට ඡුන්දේ දෙන්නේ නැහැ. සැමියාද කීවේය.
මවගේත් පියාගේත් මේ දේශපාලනය දරුවන්ට ද සතුටක් ගෙන දුන්නේ ඔවුන් දෙදෙනා විටෙක කරන තර්ක විතර්ක නිසාය.
ඔය අතරේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වෙද්දී මේ දෙදෙනාම තම පක්ෂ දෙකේ අපේක්ෂකයන් ජය ගන්නා බවට උදම් ඇල්ලූහ.
‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’. ඔය අතරේ බිරිය අපූරු ඔට්ටුවක්ද ඇල්ලූවාය.
බිරියගේ ටෙලි නාට්‍ය බැලිල්ල කරදරයක් සේ සිතූ සැමියාට ද එය අපූරු ඔට්ටුවක් විය.
‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’. සැමියා ද එක පයින් ඔට්ටුව බාර ගත්තේය.
පාසල් වියේ පසු වූ දරුවෝ සාක්ෂිකාරයෝ වූහ.
ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමත් සමඟම බිරිය පරාජය බාර ගත්තාය. දින කීපයක් රූපවාහිනිය අසලටවත් ඇය නොආවාය.
බිරිය ගැන දුක සිතූ සැමියා ඇයට ඔට්ටුව පසෙක තබා රූපවාහිනිය බලන්න කීවත් ඇය ඒ අසලටවත් නොආවාය. එහෙත් දැන් ඇය හිමින් සීරුවේ තම ප‍්‍රියතම ටෙලි නාට්‍ය කීපය අසල නිවසකට ගොස් බලන බව දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ ඔට්ටු දාන්න යනවට.(හේ)
අපේ අල්ලපු ගෙදර කට්ටිය පසුගිය අවුරුදු 07 ක 08 ක සිට බැලුවේ නාලිකා දෙකයි. දැන් ඒගොල්ලන්ට බලන්න ටී.වී. චැනල් එකක් නැතිලු. ඒක නිසා ටී.වී එක දාන්නෙත් නැහැලු. (නි)
‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’ - බිරිය ‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’ - සැමියා ඒ කියන්නෙ දෙන්නම ඔට්ටු අල්ලල තියෙන්නෙ මෛත්‍රීපාලටද? (නදී)
හොඳම ඡන්ද ඔට්ටුව. ලංකාවේ කාලය කන ටෙලිනාට්‍ය. ඕවා නොබලන තරමටම හොඳයි. (නි)
අන්තිමට වෙනත් සබඳතා ඇතිවෙන්න ඉඩතිබෙන නිසා දැම්ම ඔය ළඟ ගෙදරට යන එක නැවැත්තුවොත් හොඳයි. (නි)
ඕක මොකද්ද? අපේ ඇමති කෙනෙකුත් ඔට්ටු ඇල්ලුවේ? වෙලාවට කවුරුවත් ආවේ නැහැ. ඔට්ටුවට ආවා නම් අද එයා මහපාරේ (නි)
හැබැයි ඉතින් අල්ලපු ගෙදරට වැඩිය යන එකත් එච්චර හොඳ නැහැ (නි)
මේ ඔට්ටුව තව හොඳයි . සමහරු ගෙවල් දොරවල් නේ ඔට්ටු තිබ්බේ. (හේ)
මහින්ද .මෛත්‍රී හොඳින් ඉන්නවා. ගෝලයෝ රන්ඩු කරනවා,(හේ)
කල්පනාවෙන් නැත්නම් පවුලත් අවුල් යයි. අල්ලපු ගෙදර යන්න පටන් ගත්තොත්. එහෙට යන්න ඕනවට අල්ලපු ඔට්ටුවක් වෙන්නත් පුළුවන්. (නදී)
බත් මුට්ටිය ඉදෙනකම්නේ....(බ)
බිරිඳ : ‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’ සැමියා : ‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’ මේ විදියට නම් එක්කෝ දෙන්නම ටීවී බලනවා, නැත්නම් දෙන්නම බලන්නේ නැහැ. අල්ලපු ගෙදරට මොකට ගියාද කියලා හොයලා බලන්න වෙයි. (නි)
අපරාදේ ගෙදර නෝනාට කොහෙවත් යන්න ඕනේ නැහැ. බලන්න ආයිත් හරියට. "හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’. ඔය අතරේ බිරිය අපූරු ඔට්ටුවක්ද ඇල්ලූවාය" ඉතින් මේ කියලා තියෙන්නේ දිනුවොත් එන්නේ නැහැ කියලානේ. දැන් එයා පැරදිලා හින්ද ඒ ටීවී එක බලන්න පුළුවන්නේ. (නදී)
හා හා! අල්ලපු ගෙදරට යන්න ක්‍රමයක් හදාගෙන වගේ (නි)
මේ ඔට්ටුව අල්ලලා තියෙන්නේ 'මේ ටී.වී.එකෙන් නාට්‍ය බලන්නේ නැහැ' කියලනේ. ඉතින් ඔය ටී.වී.එක විකුණලා වෙනත් එකක් ගත්තා නම් ප්‍රශ්නය ඉවරනේ? (නි)
මහත්තයෝ, ඔට්ටුව දිනුවා වගේ නෙමෙයි, බිරිඳ තනියම අහළ,පහළ ගෙවල් වලට යවන්නේ බලාගෙන (නි)
බලාගෙන... අන්තිමට ඔට්ටුව මට්ටුවක් වෙයි (නි)
අල්ලපු ගෙදර කෙනාට දැන් එපාවෙලා ඇති (නි)
ඒක නම් නියම ඔට්ටු ඇල්ලිල්ල! (නි)