ඡන්ද පෙට්ටියක බහා තිබූ ඡන්ද පත‍්‍රිකාවක් සමග බුලත් කොළයක් ද තිබී හමුවීමේ සිද්ධියක් අනුරාධපුර මැදි විදුහලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකින් ඉකුත්දා 8 වැනි දා රාත‍්‍රියේ අසන්නට ලැබිණි. මෙම බුලත් කොළය හමුවූයේ මිහින්තලය ඡන්ද ප‍්‍රදේශයේ මධ්‍යස්ථානයකින් රැගෙන ආ ඡන්ද පෙට්ටියක තිබී යැයි නිලධාරියෙක් පැවැසීය. ඡන්ද පත‍්‍රිකාව අයත් ඡන්දදායකයා තම කැමැත්ත ප‍්‍රකාශ කළ කතිර සලකුණ එහි තිබූ බවත් එහෙත් එම සලකුණු කිරීම බුලත් කොළයට නොවීම විශේෂත්වයක් විණැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි විහිළුවක් කරන්න හිතෙන්න ඇති (නි)
දෙයියෝ සාක්කිම තමයි! (නි)
රහසින් මෙහෙම දේවල් කරන්නෙ ඡන්ද පෙට්ටි මාරු කළාද කියලා දැන ගන්නයි. ගණන් කරන තැනදී බුලත් කොළය හම්බ වෙනවාද කියලා පාක්ෂිකයෝ අවධානයෙන් ඉන්නවා. හම්බ වුණා කියන්නෙ පෙට්ටි මාරු කරලා නෑ කියන එකයි. මේ විදියට විවිධ දේවල් පෙට්ටියට දාන අය ඉන්නවා. (ස)
බුලත් කොළය නවනකොට හංසයා ගැන කී බණක් මතක්වෙන්න ඇති (නි)
බුලත් කොළයට අබ සරණයි ! (නි)