IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙට මනාප ගන්න ගමටම අල්ලපු ගෙදර රඹුටන් බෙදලා

(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
තම නිවසේ සාර්ථකව වැවී තිබූ රඹුටන් පලදාව නිවෙස් හිමියා විසින් කඩා ගමටම බෙදාදීමේ සිදුවීමක් මහනුවරට නුදුරු නාගරික ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධියට මුහුණපෑ පුද්ගලයා වසරකට ආසන්න කාලයකට පමණ පෙර නිවෙසක් අලුතින් මිලට ගෙන ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකි.
එසේ පැමිණි ඔහුගේ නි​ෙවස පිහිටා තිබූ ඉඩමේ යාබද නි​ෙවසට ආසන්නයේ මනාව වැඩුණු රඹුටන් ගසක් ද විය. මෙවර එහි හොඳ ඵලදාවක් දක්නට ලැබුණු අතර, පසුගිය කාලයේ අවට සතුන්ගෙන් ආරක්ෂා කිරීමට ද නිවෙස් හිමියා ඇතුළු පවුලේ පිරිසට වෙහෙසෙන්නට ද සිදුවිය. ඒ අතර රඹුටන් ගසේ තැනින් තැන ගෙඩි ඉදෙන්නට පටන් ගත්තේය.


පසුගිය දිනෙක හදිසියේ පවුලේ පිරිස සමග නිවසෙන් පිට ගමනක් ගොස් සවස් කාලයේ ආපසු එන විට රඹුටන් ගසේ ගෙඩි කවුරුන් හෝ කඩාගෙන ගොස් ඇති බව දක්නට ලැබිණි.


සවස් කාලය එළඹ තිබූ නිසා ඒ පිළිබඳ සෙවීමට වෙහෙස නොවූ නිවෙස් හිමියා පසුදා උදයේම නි​ෙවස අවට පුද්ගලයන්ගෙන් රඹුටන් ගස සම්බන්ධයෙන් විස්තර විමසුවේය.


එසේ තොරතුරු විමසූ විට තම නිවසට යාබද නිවසේ හිමිකරු පෙර දිනයේ ගම්මානය පුරා ගොස් රඹුටන් බෙදූ බවට ආරංචියක් ලැබිණි.

ඔහු මෙවර මැතිවරණය වෙනුවෙන් කැප වී වැඩ කරන පුද්ගලයකු බවත්, පෙර දින ඔහු එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් ගම පුරා මනාප ඉල්ලා යමින් රඹුටන් බෙදූ බවටත් අසල්වැසියන්ගෙන් දැනගන්නට ලැබිණි.


නි​ෙවසට පැමිණි නිවෙස් හිමියා යාබද නි​ෙවසට ගොස් අදාළ පුද්ගලයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසුවත් රඹුටන් කැඩූ බව පිළිනොගත් අතර, දෙදෙනා අතර බහින් බස්වීමක් ද ඇතිවූ අතර, ඒ අතරේ රඹුටන් ගසේ ඉතිරි රඹුටන් ගෙඩි ටික ද කඩාගන ගමටම බෙදා මනාප ලබා ගන්නා ලෙසත් චෝදනා කළේය.



අදහස් (0)

ඡන්දෙට මනාප ගන්න ගමටම අල්ලපු ගෙදර රඹුටන් බෙදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ලොක්කාගේ කතාවෙන් පටිරෝල් වෙලා
2025 අප්‍රේල් මස 24 9 0

මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟු‍ලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 383 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 471 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 622 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 632 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 714 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site