(තණමල්විල - සුජීව ජයවික‍්‍රම)
පළාත් ඡුන්දය පැවැත්වෙන ඌව පළාතේ බොහෝ ඡුන්ද දායකයෝ අලූත්ම කලාවකට පුරුදු වී සිටිති. එනම් එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන කටයුතු සඳහා දේශපාලකයන්ගේ සහයෝගය ලබාගැනීමට නොහොත් දේශපාලකයාගේ දත ගැලවීමටය. එවැනි එක් සිද්ධියක් තණමල්විල ප‍්‍රදේශයෙන් ද සැල විය.
මෙම පුද්ගලයාගේ නිවෙසට පැමිණි අපේක්ෂකයකුගේ පිරිසකට සිය දුක් ගැනවිල්ල වූ ස්ථීර වැසිකිළියක් නොමැති බව කී පසු ඒ සඳහා මුදලක් ද අධ්‍යාපනය ලබන දරුවන්ට පොත්පත් ගැනීමට තවත් රුපියල් 4000/-ක් ද ඊට අමතරව පෝස්ටර් මිටියක්ද දුන්නේ ප‍්‍රචාරක කාර්යාලයක් පවත්වාගෙන යාමටය.
පසුදා එම පොස්ටර් අලවා කාර්යාලයක් හැදුවේය. එහෙත් එය තිබුණේ දින තුනකි. ඊට පසු එම කාර්යාලයේ තිබුණේ එම පක්ෂයේම වෙනත් අපේක්ෂකයකුගේ ඡයාරූපයකි.
මේ ගැන විමසූ කල ඔහු මෙසේ කීවේය.
”මේ පෝස්ටර් ටික ගහගෙන ඉද්දී වෙන අපේක්ෂකයෙක් කීව අපි මෙච්චර මුදලක් දෙන්නම් කියලා. ඉතිං ඒ සල්ලි අරගෙන අර පෝස්ටර් ගලවල මේව ගැහුව. ඉතිං හෙට අනිත් පක්ෂයෙ කෙනෙක් මෙහෙම ආවොත් මම එයාලගෙ පෝස්ටරුත් ගහනවා.” ඔහු එසේ කීවේ මහ හයියෙන් සිනාසෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදිහට කියූ ඡන්දදායකයා තවමත් යහතින් ඉන්නවද? (නි)
ලංකාවේ බුද්ධිමත් ඡන්දදායකයින් ඉන්න එක ගැන රටත් වශයෙක් ආඩම්බර වෙන්න ඕනේ (නදී)
මිනිහගේ ලිපිනය ඉල්ලා ගන්න බැරි වෙයිද දන්නේ නෑ අපටත් ගමට බහින්න (නදී)
හරියට හරි. මෙච්චර කල් ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද දායකයවයි ගොනාට ඇන්දුවේ ඔබ හරි මල්ලි . ඔහොම යං , ඔහොම යං.(අ)
මිනිහා කරලා තියෙන්නේ තැනට සුදුසු විදිහට මොළය පාවිච්චි කරන එකයි. නැත්නම් කොහොමද මේ සමාජයේ අද ජීවත්වන්නේ. (නි)
ඒක තමයි දේශපාලනය කියන්නේ (නි)
සෑම්ගේ කීමට මමත් එකඟයි (නි)
පෝස්ටර් ටික ඇලෙව්වේ ගත්තු සල්ලි වලින් අටවාගත්ත වැසිකිලියේද දන්නේ නැහැ. (නදී)
සමහර දියුණු රටවල ඡන්දෙකට වියදම් කරන්න පුළුවන් මුදල සිමා කරලා තියෙනවා වගේම එ් මුදල් ලැබුන විදියත් පෙන්නන්න ඕනා. එතකොට රටේ මුදල් නාස්තිය නවතිනවා මෙන්න මේ වගේ නීති අපේ රටටත් ගේන්න කාලේ දැන් හරි (නදී)
නියමයිනේ! (නි)
හිතාගෙන ඉන්නේ අපේක්ෂකයා ගොනාට ඇදගත්තා කියලා වුණාට අන්තිමට ගොනා වෙන්නේ ඡන්දදායකයාමයි, හරියට කල්පනා කරලා ඡන්දෙ දුන්නේ නැත්තම්. (නි)
අහුවෙච්ච වෙලාවේ, දත් තිස් දෙකම ගැලෙව්වත් කමක් නැහැ. (නදී)
හොඳ වැඩේ (නි)
කල දුටු කල වළ ඉසගැනීම. (නි)
ඡන්දය අවසන්වෙලා දුන් මුදල පොලියත් එක්ක දෙන්න වේවි. (නි)
වැඩේ හොඳයි (නි)
ඔන්න ඔහොම තමා ඡන්දෙ දවසටත් කරන්න ඕනා (නදී)
හැමදාමත් වුණේ මේකම තමා.ජනතාව දේශපාලකයන් අන්දනවා දෙශපාලකයන් ජනතාව අන්දනවා .අලුත් දෙයක් නැහැ මෙතන වියදම් කරන්න කියල දෙන සල්ලි වලින් බාගයක්වත් අාධාරකරුවෝ වියදම් කරන්නේ නැහැ. (අ) සාක්කුවල දාගන්නවා
අපේක්ෂකයින් කරන්නේ ඡන්ද දායකයින්ව රවටන එකයි. ඡන්ද දායකයින්ටත් අපේක්ෂකයින් රවටන්න සම්පුර්ණ අයිතිය තියනවා. (නදී)
ඔය කොපමණ වියදම් කලත් අන්තිමේ ඡන්දය ලැබෙන්නේ ගැමියාගේ දුක හඳුනාගත්, මරණයකට , මගුලකට සහභාගිවෙන සමාජ සේවයට කැපවී සිටින දේශපාලනයෙන් මුදල් මඩි නොගැසූ ගමේම අපේක්ෂකයාටයි (නදී)
මල්ලි හරි මල්ලි. ඔහොම තමා කරන්න ඕනා. (නදී)