අධිකරණය තුළට යාම සඳහා කඩිනමින් පැමිණි පුද්ගලයකු උසාවි දොරටුව ළඟදී පරීක්‍ෂාවට ලක් කෙරිණි.
ඔහු ළඟ ජංගම දුරකථනයක් තිබූ හෙයින් අධිකරණය තුළට දුරකථන රැගෙන ඒමට අවසර නැති බැවින් ඇතුළුවීමේ දොරටුව අසල සිටි පොලිස් නිලධාරියා ඔහුව දැනුම්වත් කළේ නීතිය ගැනද පවසමිනි.
එහෙත් එම පුද්ගලයා ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීය. ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත කර අධිකරණය තුළට රැගෙන යාමට උත්සාහ දරමින් පොලිස් නිලධාරියාට නොයෙක් තර්ක ඉදිරිපත් කළේය.
පොලිස් නිලධාරීන්ගෙන් කිසිම සහයක් ලැබෙන පාටක් නැත. ඔහුට අධිකරණය තුළට යෑමේ අවශ්‍යතාව දැඩිව දැනේ.
කරන්න කිසිම දෙයක් නැත. පොලිස් නිලධාරීන්ගෙන් සහනයක් ලැබෙන පාටක් ද නැත. අධිකරණ භූමියට ඇතුළුවන දොරටුව අසලට එක්වරම පැමිණි මෙම පුද්ගලයා අත තිබූ ජංගම දුරකථනය පොලොවේ ගසා දැමුවේ කෝපයෙනි.
දුරකථනයේ කෑලී සීසීකඩ විසිර ඇත. පසුව ඔහු දුරකථන කෑලි අහුලා ගෙන අධිකරණය තුළට කඩිනමින් දුව ගියේ තවත් ප‍්‍රමාද වුවහොත් අධිකරණයෙන්ද දඩුවම් ලැබෙතැයි පවසමිනි.
මේ ගල්කිස්ස අධිකරණය අසලදී වූ සිදුවීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියක් වගේ තැනකට තනියම ගියාම හදිසි උදව්වක් ඉල්ලන්න ජංගම දුරකතනය අත්‍යවශ්‍යයි. ඒත් උසාවි තුළට ජංගම දුරකතන ගෙන යාම තහනම් කරලා. උසාවි ඇතුලෙ දුරකතන පාවිච්චි කරන එක වැඩ කටයුතුවලට බාධාවක් තමයි. හැබැයි දැන හඳුනන කවුරුවත් නැති පළාතක උසාවියකට දුරකතනයක් රැගෙන ගියාම ඒවා ආරක්ෂාවට තියන්න තැනක් නැති නිසා මිනිස්සු හරි අසරණ වෙනවා. වටිනා උපකරණයක් ආවට ගියාට තියලා යන්නත් බැහැනේ. (අපිට එහෙම වුනාට නීතීඥයො නම් ඒව ගෙනිහින් උසාවි ඇතුළෙ කතා කරනවා පේනවා.) දුරකතනවලින් මිනී මරන්න බැහැනේ. ඒ නිසා දැන්වත් කරන්න තියෙන්නේ "උසාවියක් තුළ දුරකතන පාවිච්චි කළොත් බරපතල දඩයක් හෝ උපකරණය රාජසන්තක කරන බවට නියෝගයක් නිකුත් කිරීම"යි. එතකොට කාටවත් කරදරයක් නැතිව ප්‍රශ්නය විසඳෙයි. (නි)
වෝල්ටර්, ඔයා ගොයම් ගස් කතාව, අලියා ගිනිපෙට්ටියේ හිටිය කතාව දන්නවා වුණාට අළුත් අය දන්නෙ නැහැ (නි)
කුකුල් කේන්ති කාරයෙක්ද කොහෙද? දැන් රාළහාමිට පාඩමක් ඉගැන්නුවා කියලා හිතන්න ඇති. මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
කොහිල කැඳ කටුත් එක්ක දෙන දන්සැලට එන්න මහත්තයෝ. අපි සෙල් පරීක්ෂා කොරන්නේ නැහැ. (නි)
හරි චන්ඩියෙක්නේ
මේ දුරකතනයේ අන්තර්ගතය ගැන සැකයි?(අ)
පොළොවේ ගැහුවට දුරකතන ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මොලේ තියෙන වැඩක් කරලා තියෙන්නේ (නි)
මගේ ජාතියේ කෙනෙක්.... (දී)
මොලේ තියෙන වැඩක්ද එයා කළේ? (නි)
එයාට හොඳ නම් අපිට මොකෝ? (නි)
මාටින්ගෙ ජාතියෙ කෙනෙක්. දකුණෙ කෙනෙක්ගෙන් හොඳට කාලා දැන් තරහ පිටකරගන්න විදියක් නැතුවද කොහෙද? (නි)
නීතියට ගරු කළා නම් වැඩේ ඉවරයිනේ.රාලහාමි හරි (නි)
ඇයි අපිට උසාවි අවශ්‍ය? එක එක උසාවි අලුතින් අරිනවා කියන්නේ ධර්මද්දීපයේ සංවර්දනයද ? නීතිඥයෝ අමුලික බොරු කාරයෝ වෙති. ගොයම් ගසත් කමත් භාසාවත් අලියා ගිනි පෙට්ටියත් දන්නේ නැති අය මොනවද දන්නේ ? (නදී)
දකුණ ගැන මහා ඉහලින් කතා කරන්නේ දකුණ ගැන නොදන්නා අය වෙන්න ඕනෑ (නි)
අර මාටියා(මාටින්) නමින් පෙනී ඉන්න මනුස්සයා පුත්තලමේ වෙන්න ඇති (නි)
ෂුවර් එකටම මාටින්ගෙ ජාතියෙ කෙනෙක් (නි)
අහො! මාටින් නොදිටි මොක් පුර! කරයි ගොන්කං වෙන්ඩ පොර! දකුනට....!!! (නි)
එතන ඉන්න රාළහාමිලා පෝන් භාරගන්නේ නැහැ. සමහර උසාවි ළඟ නම් පෙට්ටි කඩ තියනවා සල්ලි ගෙවලා පරිස්සම් කරන. ඔය උසාවිය ළඟ එහෙම තැනකුත් නැතුව ඇති. උසාවි යන්නත් ඕන නම් පෝන් එක තියල යන්න තැනකුත් නැත්නම් වෙන මොනව කරන්නද?(නදී)
මාටින් ඓය ගොන් වැඩ කරන අය ඉන්න බලන් යනකොට ගාල්ල නේද ඔයත් එහද
මාටින් ඔබ කියන්නේ දකුණේ මෝඩයෝ ඉන්නවා කියලද ?(නදී)
ලොකු වීර වැඩක් කරලා (දී )
මොකද්ද ඒ වැඩේ තේරුම
එයාට අං තටිටුවත් පමනයි නැත්තේ. (නි)
දුරකතනයේ සද්දේ නැති කර ගත්තානම් මොකද වෙන්නේ (දී)
රාළහාමිට දීල යන්න තිබුනේ. අරන් ගිය කියල නඩුකර තුමාට කතාකරන්නද.(ස)
මෙයාගෙයි ගෙදර වලන් පිඟන් පොළොවේ ගහන මොඩයෙකුගෙයි අතර වෙනසක් තියෙනවා. මෙතන මෙයාටම කැලි අහුලන්න වුනා. ගෙදර නම් බිරිඳ අහුලනවා. (දී)
මෝඩ කම තමයි ප්‍රදර්ශනය කරන්නේ (දී)
ඕවිටිගල පැත්තේ එක්කෙනෙක් වගේ (නි)
ඕෆ් කරගෙන යන්ද දුන්නම ඉවරනේ, පාවිච්චි කළොත් බර දඩ ගහන්න තියෙන්නේ (නි)
මහා මෝඩ මිනිහෙක් තවත් දඩුවමක් දුන්නනම් තමා හොද.පොලිස් නිලධාරියා අකුරටම නීතිය ඉටු කරා වෙනවා. (දී)
දැන් කාටද පාඩුව.. නඩු වලට ගෙවන්නයි ෆෝන් ගන්නයි වැඩ දෙකක් නොවැ පුතේ. (ස)
අනිවාර්යයෙන්ම දකුණේ කොල්ලෙක් වෙන්න ඇති (නි)
කෙනෙක් නඩුවකට යන්නේ මානසික පීඩාවෙන්. ප්‍රශ්න වලට මැදි වුන වෙලාවක්. අනික, පුංචි මිනිසාට තමා හැම දේම. (ස)
අනුකම්පා හිතෙන කතාවක්. නඩු කොච්චර කල් යනවද. නඩු කියන අය තමා ඒකේ රගේ දන්නේ. (නි)
ඇයි ඕයි, බැටරිය ගලවලා එතන එන්න ආරක්ෂක නිලධාරියාට දීලා යන්න තිබුනානේ. (ස)
මෝඩ කමට බෙහෙත් නැහැ (දී)
නියම කොල්ලෙක්. මාත් කරන්නෙ ඕකම තමා. (නි)
මොකද්ද ඒ මනුස්සයාට වෙලා තියෙන්නේ (දී)
ලංකාවේ හා ලෝකයේ අත්‍යාවශ්‍ය උපකරණයක් වන ජංගම දුරකථන හා ඒ හා සමාන වටිනා උපකරණ භාවිතය ශීඝ්‍රයෙන් ඉහල යන යුගයක එය ජංගමව සෑම තැනකටම ගෙන යාමට ඉතා හොද ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අධිකරණයට ජංගම දුරකථනය බාධාවක් බැවින් එය ක්‍රියා විරහිත කිරීම උපදෙස් දීම මැනවි. හදිසියේ හෝ ක්‍රියාත්මක වුවහොත් ඊට අදාල දඩ නියම කල හැකියි. බලය නොව මොලය පාවිච්චි කර ක්‍රමවේදයක් සකසමු (නි)
ටිකක් අමුතු කට්ටිය තමයි කැලණියේ ඉන්නේ
පළාතේ වරද තියෙන්නේ
ඔව් ඉතින් නඩු වැටෙන්නෙත් ඔහොම අයට තමයි (නි)
ඔය "කෙලින්" වැඩ කරන අය තදයෙක් ආවා නම් කොහොමද නැමෙන්නේ. ගල්කිස්සේ මුහුදු හුළඟට නැවෙන පොල්ගස් පරාදයි. (නි)
ඔතනට හිරුනිකා එහෙම ගියානම් දුරකතනය උස්සගෙනම පස්සෙන්ම දුවයි.(නදී)
ඉක්මන් කේන්ති කාරයෝ නිතරම පාඩුකරගන්නවා.(නදී)