(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මෑතක දී විවාහ වූ මනාල යුවළක් ළිඳකින් නාන අයුරු හැංගී බලා සිටි තරුණයකුට ගම්මුන් එකතු වී පහර දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත්දා වාර්තා විය.
සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ තරුණයෙක් විවාහ උත්සවයක් ගෙන ඉකුත්දා මනාලියක නිවෙසට කැන්දාගෙන පැමිණියේය.
මෙම යුවළ පදිංචිව සිටින ප්‍රදේශයට මේ දිනවල තරමක් වතුර හිඟතාවක් පවතින බැවින් මෙම යුවළ ඉකුත් දිනක දී ත්‍රිරෝද රථයකින් මීටර් 500 ක් පමණ ඈතින් රබර් ඉඩමක පිහිටා ඇති ඇති පොදු ළිඳකට දිය නෑමට ගියහ.
මනාලයා යට ඇඳුමක්ද මනාලිය චීත්තයක් ද ඇඳ පෙම්බස් දොඩවමින් සිනාසෙමින් දිය නාමින් සිටිය දී මනාලිය මනාලයාට කියා ඇත්තේ රෙදි කැබැල්ලකින් පිට අතුල්ලා දෙන ලෙසය.
පසුව මනාලිය රබර් වත්ත දෙසට නැමී මනාලයාට පිටේ කුණු ඇතිල්ලීමට අවස්ථාව දී තිබුණාය. තරුණ මනාලයා මනාලියගේ පිට අතුල්ලමින් සිටින අවස්ථාවේ දී රබර් වත්තේ ගසකට මුවාවී තමන් දෙස බලා සිටින හිසක් මනාලිය දැක්කාය. මනාලිය ඒ බව තරුණ මනමාලයාට පැවසුවාය. පසුව තරුණ මනාලයා දිවගොස් දිය නාන දෙස බලා සිටි තරුණයා අල්ලාගෙන මනාලිය රැගෙන ගොස් තිබූ අමතර චීත්තයෙන් රබර් ගසක ගැට ගැසීය. පසුව ඔහු දුරකථනයෙන් සිය මිතුරන් කිහිප දෙනෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පැවසීය. එම ස්ථානයට පැමිණි තරුණ පිරිස ගස් බැඳ සිටි තරුණයාට හොඳටම අතින් පයින් සංග්‍රහ කළහ. එහිදී තරුණ පිරිස් ගස් බැඳ සිටි තරුණයා පොලිසියට බාරදීමට යෝජනා කළහ. මනාලයා ඊට මැදිහත්වී තරුණයාගේ වයස කීයද යන්න විමසීය.
ඔහු එහිදී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 28 ක් බවය. තමන්ගේ වයස අවුරුදු 28 ක් බව සිතූ මනාලයා තරුණයාට අනුකම්පා කර පසුව අතහැර දමා යන්න කියා යළි ඔවැනි දේවල් නොකරන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජෝඩුවක් පෙම් සයුරේ ගිලෙද්දී තරුණයෙක් අම්බානක කාලා