ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසුගියදා දහවල් සිරිපොද වැස්සේ තරමක වේගයෙන් ධාවනය කළ අතර එහි මගීහු කිහිප දෙනෙක් හිටගෙනද ගමන් කළහ.
හික්කඩුව ප‍්‍රදේශයේදී බසයේ සිටි මැදිවියේ කාන්තාවක් එකවරම නැගිට පිටුපස අසුණේ ඉඳගෙන සිටි වයස 40ක් පමණ වූ ජැන්ඩියට හැඳ පැළඳ ගත් මහත්මයෙකුගේ මුහුණට ඇය අත වූ බෑගයෙන් තඩිබාන්නට විය. මම අම්ම වගේ නේද? මම වාර කීපයක් බැලූව වැරදීමක්ද කියල.
මගේ පිට අතගාන්න ඕන නෑ. ඒකට මගේ මනුස්සයා ඉන්නවා. අහිංසකයෙකුට බස් එකේ යන්න නැහැ යනුවෙන් යක්ෂණියක මෙන් බෙරිහන් දෙමින් එකපිට පහර දෙද්දී ඔහු දෑතින් මුහුණ වසාගෙන බිම බලාගත් අතර බසයේ පැමිණි මගීන් බලා සිටියා මිස වචනයකුදු කතා කළේ නැත.
පසුව බසය ටික දුරක් යනවාත් සමගම බෙල් එක නාදකළ ඔහු බසයෙන් බැසගියේ මගීන් වෙත ආයාචනාත්මක බැල්මක්ද හෙළමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා නැත්නම් පුරුෂ හිංසනයක්ද (බ)
සීයට අනුවක්වගේ පිරිමි මේවා කරනවා එත් මෙතන දෙයක් වුණාද කියල කියන්න බැහැ (ම)
පිටිගල සොයුරා නොකළ දෙයකට ගුටිකාලා වගෙයි වැටහෙන්නේ (නි)
බලන්නකෝ අද කාලේ පිරිමියෙකුට නිදහසේ බස් එකේ යන්නවත් නැති හැටි!!!! (නි)
අපි නොදන්නා පිරිමි! බස් එකේ උදේ හවස යන කාන්තාවන්ගෙන් ඇහුවොත් පිරිමින්ගෙන් අතවරයක් නොවුණ කිසි කෙනෙක් නැහැ. සමහරවිට මේ මනුස්සයා හොඳ වෙන්න පුළුවන්. නමුත් අපි කොහොමද විශ්වාස කරන්නේ? (නි)
ලැජ්ජ නෑනේ අපේ මිනිස්සුන්ට.(හේ)
දැන් මෙතන කතාවේ හැටියට ගැහැණු කෙනාගේ පිටේ අත වදින්න විදිහක් නැහැ.මෙතන සමහරු ඒ ගැන අදහස් දක්වලාත් තියෙනවා.මෙතන ගැහැණු කිහිප දෙනෙක් උඩ පනිනවා තමන්ගේ පිට අතගෑවා වගේ. (නි)
සමහරු ආශාවෙන් ඉඳලත් අතගෑවේ නැහැ කියලා තරහෙන් අන්තිමට බහින්න සූදානම් වෙලා අතගෑවා කියලා ගහනවා (නි)
අපෝ! ඔය වගේ වැඩ වෙනවා හරියට. දවසක් මගේ නංගි එයාගේ මහත්තයත් එක්ක නුවර යද්දී ඔහොම දෙයක් වෙලා. පස්සේ සීට් එකේ සිටි මනුස්සයා සයිඩ් එකෙන් අතදාලා නංගිගේ ඉණ ප්‍රදේශය අල්ලනවලු. මහත්තය කලබලවෙයි කියලා නංගි කිහිපවරක් ඒ අත ගසා දැම්මත් වැඩේ නවතින්නේ නැතිලු. බැරිම තැන ඒ මනුස්සයගේ අත අල්ලගෙනම නැගිටලා හොඳටම බැනලා කම්මුල් පහරක් දීලා. බස් එකේ මිනිස්සුත් ඒ මනුස්සයට බැනලා. පස්සේ සද්දයක් නැතුව ගමනාන්තය දක්වාම ගියාලු. අදටත් නංගි ඒක මතක් කරනවා (නි)
අද කාලේ කාන්තාවකට බස් එකක යන්න හරිම අමාරුයි. හොඳ වැඩේ (නි)
අපේ නෝනත් ඔහොම තමා. ගමනක් ගියාද මුළු බස් එකේම මිනිස්සු ඇඟේ හිටියා වගේ තමා කතන්දරේ. (නි)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
මේ කාන්තාව කළ දේ මම නම් අනුමත කරනවා (නි)
සමහර කාන්තාවෝ ඉන්නවා නිකම් අත වැදුනත් ඇති බෙරිහන් දෙන්න. (බ)
මේ කතාවේ එන අසරණයා පව්. ලංකාවේ මම වැඩට යන කාලේ කොනේ සීට් එකක වාඩිවෙලා ගමන් කළේ පොතක් බලමින්.මට එහායින් හිටපු මිනිහා අතේ වැල මිටෙන් මගේ ඉන පෙදෙස තද කරමින් හිරිහැර කරන කොට බයටත් ලැජ්ජාවටත් පත් මා බහිනකම්ම හිටියේ ඉතා අපහසුවෙන්.කෙල්ල කාලේ කෙට්ටුත් නිසා හරිම අපහසුවක් දැනුනේ.මේ කතාවේ එන ගැණු කෙනා බොරුවට නේ ගහලා තියෙන්නේ. අනේ ඇත්තටම මට හිරිහැර කරපු මිනිහාට මට බැරි උනානේ බැග් එකෙන් දෙකක් ඔලුවට දෙන්න. මට ඇත්තටම වුන සිදුවීම මතක් උනා මේක බලද්දී. (බ)
මැදි වියේ කාන්තාව මොන වගේ ඇඳුමක්ද දන්නෑ දෙනෝදාහක් පිරුණු බස් එකේ ඇඳගෙන ගියේ. සමහර බවලතුන් බස් එකේ යනකොටත් ඇඳන් යන්නේ මුහුදු වෙරළට සුදුසු ඇඳුම්නේ (බ)
ගැහැණු කොතනද වරදේ නොබැඳෙන, මම නෙවෙයි ඍෂිවරයොයි කියන්නේ (ම)
හොද වැඩේ.(හේ)
ගාල්ල කොළඹ බස්වල ගමන් කිරීමේදී පිරිමින් ප්‍රවේසම් විය යුතුය. (අ)
අපේ රටේ ඉන්න මිනිසුන් ගැබිණි මවක් බස් එකක හිටගෙන යනකොටත් අහක බලාගෙන යන මිනිසුන්නේ.නැත්නම් බොරුවට නිදි.කව්රුවත් ඒ අසරණයාගේ පැත්තට කතා කරන්ඩ ඉඳලා නැහැනේ.(ම)
දිනපතා බස් වල ගමන් ගන්නා අය මේ ගැන හොදට දන්නවා කොහොම වුණත් ගොඩක් පිරිමි හරියට බස් එකක යන්න නම් දන්නේ නෑ(ම)
රූපවති අක්කේ, ඒ මහත්තයාට වැරදීමක් වෙලා වෙන්න ඇති.අර නෝනා වගේම වෙන්න බැරිද එයාගේ බිරිඳත්? ආදරේට පිට අතගාන්න ඇති. (නි)
මමත් දවසක් ඔය වගේ දෙයක් දැක්කා. නුවර-කටුගස්තොට බස් එකේ ගැහැණු කෙනෙක් හිටගෙන හිටියා. එයා ළඟම එයාට පිටිපස්සේ ගොඩක් වයසක සීයා කෙනෙක් හිටගෙන හිටියා.එකපාරටම මේ ගැහැණු කෙනා අර සීයාට මහ හයියෙන් කෑගහන්න වුණා. ඒ සීයා මේ ගැහැණු කෙනාගේ ඇගේ ඇතිල්ලෙනවාලු. එයා "හිටපන් මම උඹට හොඳ වැඩක් කරන්නම්" කියලා ජංගම දුරකථනය අරගෙන එයාගේ සැමියාට කෝල් කරලා කිව්වා " මේ බස් එකේ ඉන්න ජරා මිනිහෙක් මගේ ඇග මිරිකනවා, ඉක්මනට බස් එකට එන්න, දැන් බස් එක යන්නේ මහයියාව හරියෙන්" කියලා. මමත් දැන් බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. හරියටම බස් හෝල්ට් තුනක් යන්න වුණේ නැහැ. කලුපාට හැඩිදැඩි මිනිහෙක් ත්‍රීවීල් එකකින් ඇවිත් බස් එකට නැග්ගා. නැගලා ඇහුවා '' කෝ අර මිනිහා?" කියලා. කාන්තාව අර වයසක සීයාව පෙන්නුවා විතරයි අර මිනිහා සීයාට දිගට හරහට පහරදෙන්න වුණා. එ් සීයා වැඳලා කිව්වා ''අනේ..මම මුකුත් කළේ නෑ..මට ගහන්න එපා" කියලා. ඒත් අර මිනිහා දිගටම ගැහුවා. එයා ඇත්ත මොකද්ද කියලා හොයා බැලුවේ නැහැ. මට හොඳටම විශ්වාසයි එ් සීයා මොකුත් කළේ නැහැ කියලා.මට මේ සිදුවීම කවදාවත් අමතක නොවන තරම් පිළිකුල් සිදුවීමක් (නි)
ඔබ වැරදියි අක්කේ (නි)
මට තාමත් හිතාගන්න බැරි ෆුල් සීට් තිබෙන ගාල්ල-කොළඹ බස් එකක මේක ඔහු කොහොම කළාද කියලා (නි)
ඉමේෂ් කියල අදහස් දක්වන්නේ එන්ජීඕ පිටුපස සිටින බවලතෙක් වගේ (බ)
කාන්තා හිංසනය පිටු දකිමු !! (බ)
කොන්දොස්තරගේ වැරැද්ද. සීට් ගානට මගීන් ගත්තනම් මිනිස්සු හිටගෙන යන්නේ නැහැනේ (බ) .
රුපවති ඔයා හරි. මොකද පිටු පස සීට් එකේ ඉන්න කෙනා කොහොමද අත දාල පිට අත ගාන්නේ.අනිත් අයට පේනවානේ.ඒ කාන්තාවගේ පිට සීට් එකේ ඇතිල්ලෙනකොට හිතෙන්න ඇති පිටිපස්සේ කෙනා පිට අත ගානවා කියල. (බ)
රුපවති අක්කේ සමහර ගැහැණු උදවිය නහින දෙහින කාලෙත් හිතන්නේ ගැටිස්සියෝ කියල. (බ)
රූපවතී ඔබ හරියටම හරි. (ම)
පව් අපේ රටේ වාහන පාරේ යන හැටියට බ්රේක් ගහන හැටියට ඉදගෙන ඉන්න මනුස්සයොත් ගිහින් හැප්පෙනවා වට පිටාවේ ඉන්න අයගේ, ඉතින් එහෙම දෙයක් වුනාවෙන්න බැරිද? පව් අසරණ මිනිසුන් අපහසුවට පත්කරන කාන්තාවෝත් එමටයි...!දැන් ඔහු සමාජයත් සමග වෛර බදිනු ඇත. ස්ත්‍රී වර්ගයා යක්ෂයෝ මෙන් දකිනු ඇත...? සමාජයයේ හැසිරෙද්දී බුද්ධිමත් දැක්මක් ඇති කරගත යුතුයි අපි හැමෝම. (බ)