හරිම උජාරුවට ඩෙනිම් කලිසමක් ඇඳගෙන ලස්සන කමිසයකින් උඩුකය සරසාගෙන හොඳ හැටි සුවඳ විලවුන් තවරාගෙන තම පෙම්වතිය බලන්නට හෙල්මටයක් නොපැළඳ යතුරුපැදියේ නැගී ගිය සරසවි ශිෂ්‍යයෙකි.
ඔහුගේ ගම ගාල්ලේය. විශ්වවිද්‍යාලයට ආවේ හොඳින් ඉගෙන ගන්නටය. ඒත් හැමදේටම වඩා යතුරුපැදියක අවශ්‍යතාව ඔහුට දැනිණි. දස අතේ වැඳ වැටී පහසු ගෙවීමේ ක‍්‍රමයට යතුරු පැදියක් මිලදී ගත්තේ මේ නිසාය.
දැන් ඔහුට ”සරු” යැයි ඔහු දුටු යහළු යෙහෙළියෝ සිතූහ. එහෙත් ඇත්ත දන්නේ ඔහු පමණි. අතේ තඹ දොයිතුවක් නැත. ඔහුගේ අසරණකම කොතරම්ද කියනවා නම් ඉන්ධන ගැනීමට ද මුදල් ලබාගන්නේ දස අතේ ණය වෙලාය. බෝඩිමෙන් සරසවියටත් සරසවියෙන් බෝඩිමටත් යතුරුපැදියෙන් යෑම ඔහුගේ සිරිත විය.
මේ අකරතැබ්බය වූයේ මේ අතරතුරය.
”උඹ ගෙදර ඉඳන් දැන් ද ආවේ?” ඒ ඇහුවේ ඔහුගේ අඹ යාළුවාය.
”ඔව් මචං. දැන් මම හොස්ටල් යනවා. පස්සෙ හම්බ වෙමු.”
ඉයර් ෆෝනය කනේය. ඔහු යතුරුපැදියේ නැගුනේ සිනමාවේ වීරයකු සේය.
”ටේරී මේරී මේරී ථේරී....
පේ‍්‍රම් කහානි හු මිසුදිල්...”
ගීතය තාලයට මුමුණමින් ඇක්ෂන් ද දමන්නට වීය.
”මළා” ඔහුට ඉබේටම කියවිණි. ඉදිරියෙන් එන්නේ ”ට‍්‍රැෆික්” පොලිසිය නේද? ඔහුට හීන් දාඩිය දැමීය. පිටිපස්සේ සිටි සාජන්ට් මහත්තයා යතුරු පැදිය නවතන මෙන් අත උස්සා අණ කෙළේය. එහෙත් ඔහු එය ගණන් ගත්තේ නැත. යතුරු පැදියේ වේගය වැඩි කළේය. අතුරු පාරකට යතුරු පැදිය දමා විනාඩි 20ක් පමණ නවතා තබා පසුව මගදී හමුවූ යහළුවකු ද යතුරුපැදියේ නංවා ගත්තේය.
”උඹ දන්නෑනෙ මම අද දීපු ගේම”
යනුවෙන් කතාව පටන්ගෙන තමා කළ වික‍්‍රමය එකින් එක සිනහවෙමින් පවසන්නට වීය. එලෙස පවසමින් බෝඩිම දෙසට යතුරුපැදිය දැම්මා පමණි.
”දෙයියෝ සාක්කි. අරුන් දෙන්නා නේද?” ඔහුට දවල් තරු පෙනිණි.
”කෝ ගන්නවා ලයිසන්.”
”මොකුත් නෑ සර්.” වීරයාට කටඋත්තර නැතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුග දවසකින් චන්දා ඇවිත්. අහා !!ප්‍රීතියි ප්‍රීතියි !!!දකුණට ආ වඩාගෙනම ඇවිත්. ගණන් ගන්න එපා කොල්ලෝ ,ඕවා ඔහොම තමයි ,හිතට දුකයි තමයි. නමුත් ඕවා ඔහොම තමයි (නි)
දෙයියෝ සාක්කි සමග රන්දී ගේ පම්පෝරිය.(නදී)
අනේ මට නම් කිසි වරදක් පෙනෙන්න නැහැ. කැම්පස් ගිය කොල්ලෙක්. (නි)
මෝඩකමට බෙහෙත් නැහැනේ පුතා (නි)
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියනවනේ. කැම්පස් ගියත් ඔලුව නැහැ වගේ. දැන් ඉතින් ඔය කැම්පස් වල ඉන්න ගොඩක් අයගේ වැඩ බැලුවහම ඔලුවක් තියෙනවද කියලා හිතෙනවා. හෙල්මට් නැතුව යන්නේ ඔලුවක් නැති නිසානේ පරිස්සන් කරගන්න. (නි)
ඇත්තම කියලා රාළහාමිගෙන් ඇහුවා නම් අයියේ අයියත් තරුණ කාලේ අක්ක බලන්න යන කොටත් මේ වගේ ගැටකාර වැඩ කරලා ඇති නේ. අදට මට සේප් පාරක් දෙන්නකෝ කියන්න තිබුන නේ.(නදී)
අද ජංගම දුරකතනයක් නැති කෙනෙක් හොයාගන්ට පුලුවන්ද ?(අ)
මට හිතෙන්නේ නුවන් ප්‍රේමලාල් ටත් මේ කොල්ල ලයින් දාපු කෙල්ල ගැන අදහසක් තියෙනවා වගෙයි .ඉරිසියාවට මේ ප්‍රවෘත්තිය දාන්න ඇත්තේ .(අ)
මටත් ඔහොම වැඩ වෙලා තිබෙනවා (නි)
එතකොට රට විනාස කරන්නේ නිරිත දිග අය වෙන්ට ඇති.(නදී)
දකුණේ මිනිස්සු තමයි රට බේරා ගත්තේ. (නි)
ගාල්ලේ ,කොල්ලනේ ,කෙල්ලනේ මෙන්න ඡන්ද කියනවා අපිට වැඩ බහැ කියා. කෝ මේ අපේ හේරත් මල්ලියා. අපි ඡන්දට බර වැඩක් දෙමුද ගාල්ලේ කොටුව වටේ දන ගාන්න කියලා.(නදී)
නියම කතාව "වැඩ බැරි උනත් ගම ගාල්ලේ" ටිකක් වෙනස් කරලා කියන්න හිතුනේ කැම්පස් කොල්ලෙක් වෙලත් ස්ථානෝචිත ප්‍රඥාව නැති නිසයි. (නදී)
මිනිහෙක්ට දැනුම දුන්නට ප්‍රඤව දෙන්න බෑ කියන්නේ ඕකයි.(නදී)
කැම්පස් කොල්ලෙක් වෙලත් ස්ථානෝචිත ප්‍රඥාව නැහැ. (නි)
අපිත් ඔය කාලේ අතේ සතේ නැතුව කුලි කාර් අරං කෙල්ලෝ බලන්න ගිහින් තියෙනවා, ගෙදරට මාටියා ගහලා. ඕව සාමාන්‍ය දේවල්. (අ)
මේකත් දෙයියෝ සාක්කිද?(නදී)
කොල්ලෙක් උනාම ඕවගේ දේවල් වෙන්න ඕන, අනික කොල්ලෝ හීනෙන් ඇවිදින, මිනිස්සුන්ට සමහර දේවල් අමතක වෙලා රටේම ජනාදරය පත්වෙන ආස්චර්ය්මත්, මේක අහිංසක කොලුකමක්, (දී)
වැඩ බැරිනම් ගම ගාල්ලේ. (දී)
ගාල්ලේ අයියල කලොත් ඔයවගේ වැඩක් තමයි.(නදී)
අනේ පව් අහිංසක මනමාල කොල්ලට වුන අකරතැබ්බය. පගාවක්වත් දීලා මාරු වෙන්න පොකට් එකේ සල්ලි නැතුව ඇති. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කිව්වලු (නි)
සරත් මල්ලි, එතකොට අලුතෙන් මෝටර් බයිසිකලයක් ගත්තද ? පරණ කැඩිච්චි බයිසිකලේ ? ආ දවසක් අර කොහිල වලේ දමලා දිව්වේ හරි හරි. ආරංචි උනා සීන් එක.(නදී)
අපේ අයත් අනුරාධ පුරේ පැත්තේ ඉදන් ඔය වගේ ජැන්ඩි වැඩ පෙන්වනවා. ලස්සන කෙල්ලෝ එතකොට එයා දිහා බලයි කියල හිතාගෙන, අපිනම් පැත්තවත් බලන් නැහැ.(නදී)
ගණන් ගන්න එපා මල්ලි.ඔයිට වැඩිය කටු කාපු මිනිස්සු අද ලස්සනට ජීවත් වෙනවා (නි)
අපේ රටේ මිනිස්සුන්ගේ බාහිර ඔපයත් කැපී පෙනීමේ දැඩි මානසිකත්වයත් නිසා, එදාට වඩා අපරාධ වැඩියි. දුප්පත්කමත් තමන් වෙලා ගන්නවට වැඩියෙන් තරුණ පරපුර අපරාද කරනවා. තමන්ට අවශ්‍යදේ කොහොම හරි හොයා ගැනීමේ පරමාර්ථයෙන්. අපේ කාලේ අපිට උවමනාදේ අපි යහළුවන් අතරේ හුවමාරු කර ගැනීමෙන් අපේ අවශ්‍ය දේවල් එදා සම්පුර්ණ වුනා, ඒත් අද සමාජය එහෙම නැහැ. ඒ අයට ඒක මදිකමක් විදියට දකින්නේ. මම පාසල් යනකාලේ මට අවශ්‍යදේ එමටයි ඒත් අම්මට කරදර කරදර කලේ නැහැ. මම දන්නවා අම්මට කරදර කරලා මගේ උවමනාවන් සම්පුර්ර්ණ කරලා ඊට වඩා ගෙදර දොර අවශ්‍ය දේවල් අපිට තිබුනා. ඇදුම් දෙක තුනයි පන්තිවලට අදින්න තිබුනේ. එකම සුදු ගවුමයි පාසල් ඇන්දේ , ඉස්කෝලේ ඇරිලා මම ඉස්සරවෙන්න දුවන් එනවා කෙල්ලෝ කොල්ලෝ වැට පැනලා වැව බොර කරන්න පෙර සුදුගවුම හෝද ගන්න. හද එළියේ පාඩම් කලා, පිළුණු වෙච්ච හීල් බත් කලා පාසල් ගියා. අපිට කිසිම වරදක් උනේ නැහැ දෙවියන්ගේ පිහිටයි. හොදට ඉගනගත්තා, ගුරුගෝල භක්තිය දේව භක්තිය වගේ අපේ හදවත්වල තිබුනා. ඒත් අපි ආව මාවතේ කනගාටුවෙනවානම් ඒ දෙමාපියන් සමග එකට බත්වෙලක් කෑමට ඔවුන් ජීවතුන් අතර නොමතිවීමයි. අපි ඒ විදි දුප්පත් ජීවිතේ අද සිහිකරද්දී පුදුමම සතුටක් දැනෙන්නේ. අපි ජීවිතේ ඉගන ගත්තා කියල සතුටුයි. අද අපි තවෙකෙකුට උදව් කරලා සතුටුවෙනවා. ඒ දුප්පත් ජීවිතේ මතක් වෙද්දී හරිම සුවදක් දැනෙනවා අද. ඒත් අද කාලේ පරපුරට වර්තමානේ ඔවුන් කරන විදින දේ? යම් දවසක සිහිකලාම ඔවුන්ට හිර ගෙදරක අමිහිරි හපුටු ගදක් මතකෙට නැගෙයි... පසුතැවීමක් සමග.(නදී)
මට මැවිලා පෙනුනේ සාමාන්‍ය කොලු උණක් තියෙන තරුණයෙක්ව. එතකොට දුකක් ඇතිවුණා (නි)
මල්ලි, බයවෙන්න එපා. ඔයා හොද උත්සාහවන්තයෙක් (නි)
මේ දරුවා ඉතාම අහිංසක පෙම්වතෙක්. මෝරපු 'අංකූරෙක්' නෙමෙයි. ඇත්තම කියනවා නම් මට ලොකු දුකක් ඇතිවුනේ මේ කතාවෙන්. මමත් ළඟ හිටියා නම් සරත් වගේ හිස අතගාලා ඔය වගේම වචනයකින් එයාගේ හිත සනසනවා. (නි)
මටත් ඒකාලේ ඔය උණම තිබුණා. ඒත් පස්සේ හොදටම හොද උනා. ගණන් ගන්න එපා මල්ලී. පස්සේ කාලෙක කියන්න ඉතුරු වෙන්නෙත් ඔය සුන්දර මතකයන් විතරයි.(නදී)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ මල්ලිලා කොහොමත් නාගන්නවා! (නි)
මොනවද මේ විහිළු?(නදී)