(වියලුව වාර්තාකරු)
කොරෝනා අවදානම හේතුවෙන් අසරණව සිටින තම බලප්රදේශයේ ජනතාව අතර බෙදාදීම සඳහා මහජන නියෝජිතයකු ලබාදුන් එළවළු තොගයක් නගරයේ සති පොළක තබා අලෙවි කර සවස් යාමයේ දී ඉතිරි වූ කොටස තම අසල්වැසියන් අතර බෙදා දුන් දේශපාලන ආධාරකරුවකු පිළිබඳ පුවතක් ‘ලංකාදීප’යට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ජනතාවට කිසියම් අපහසුතාවක් ඇති වූ අවස්ථාවලදී ඔවුන්ට පිහිටවීමට ඉදිරිපත් වන හෙතෙම පළාතේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙකි.
මේ වනවිට පැතිර යමින් පවත්නා කොරෝනා ආසාදන තත්ත්වය නිසා අසරණව සිටින තම බලප්රදේශයේ ජනතාව වෙනුවෙන් එළවළු බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කළ හෙතෙම, එය පහසු කරගැනීම පිණිස තම ආධාරකරුවන් කීප දෙනකුගේ සහාය ලබා ගත්තේ එම කටයුත්ත සඳහා ඔවුන්ගේ නොමසුරු සහයෝගය ද ඉල්ලා සිටිමිනි.
ඒ අනුව අවශ්‍ය එළවළු තොග මෙන්ම ප්‍රවාහන පහසුකම් ද සැපයිණි.
වර්ග පහකින් පමණ සමන්විත එළවළු තොගය තම ගම් ප්‍රදේශයේ ජනතාව අතර බෙදාදීම බාරගත් එක් ආධාරකරුවකු එම කටයුත්ත පසෙක තබා එළවළු තොගය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල තබාගෙන අලෙවි කරන්නට වූවේ තම මඩිය තරකර ගැනීමේ අදහසිනි.
සවස් වෙද්දී එළවළු තොගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අලෙවි කළ හෙතෙම, කිසිදු වෙහෙස මහන්සියකින් තොරවම ඉන් සැලකිය යුතු මුදලක් සාක්කුවේ දමාගෙන නිවෙස වෙත පැමිණියේ දේශපාලකයාට හිතින් පින් අනුමෝදන් කරමිනි.
කෙසේ වෙතත් සවස් බාගයේ ඉතුරු වූ එළවළු තොගය ගම් ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් නොවීම නිසා එය අසල්වැසි නිවෙස් කීපයක් වෙත බෙදාදීමට කටයුතු කළේ එය තමුන් විසින්ම කරන පින් කටයුත්තක් බව ඔවුන්ට ඒත්තු ගන්වමිනි.
එහෙත් දින කීපයක් ගතවෙද්දී සිද්ධිය ගම්වාසීන් අතර පමණක් නොව පෙර කී දේශපාලනඥයාට ද දැනගන්නට ලැබී තිබිණි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනතාවට බෙදා දෙන්න දේශපාලකයා දුන් එළවළු මලු ගෝලයා පොළේ තියාගෙන විකුණලා
ravi Friday, 01 May 2020 08:35 AM
ලැබෙන්න තියන එළවලු , බ්ලැක් මර්කෙට් විකුණගෙන කනවා ... සහනාදාර ලැබිය යුත්තන් වෙනුවට ... පක්ෂපාතී අයට පමණක් ලැබෙනවා ... කවද්ද අපේරටේ යම්කිසි දෙයක් නියම විදිහට ක්‍රියාත්මක වෙන්නේ ?