ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා පැවති උත්සවයක් අවසානයේදී සිදුකළ මධුවිත සාදයකදී මත්පැන් වෙනුවට වෙනත් බීමක් ගත් මැම්බර් මහත්වරුන් දෙදෙනකු සහ තවත් පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
ජනපතිවරණය නිමවී දින කිහිපයක් ගතවීමෙන් පසුව ඡන්ද ව්‍යාපාරය සඳහා සහාය දැක්වූ හිතවතුන්ට සහ ගම්වාසීන්ට ස්තුති කිරීමේ උත්සවයක් සංවිධාන කර තිබුණි. සැන්දෑ කාලය එළඹෙන විට උත්සවය නිමවූ අතර රාත්‍රී කාලයේ එම ස්ථානයේ සහ තවත් ස්ථාන කිහිපයක මධුවිත සාද සංවිධානය කර තිබුණි.
මැම්බර් මහත්වරු දෙදෙනාගෙන් අයෙකු උත්සවය පැවති ස්ථානයේ සහ අනෙකා වෙනත් තැනක මිතුරන් සමග පදමට මධුවිත සප්පායම් වීම සිදුකර ඇති අතර ජ්‍යෙෂ්ඨ මැම්බර් මහතා සිටි ස්ථානයේ තිබූ මධුවිත අවසන් වීම නිසා සිය ගජමිතුරු මැම්බර් සගයාට දුරකථන ඇමතුමක් දී බෝතලයක් ද රැගෙන එන ලෙස පවසා තිබේ. සිය ජ්‍යෙෂ්ඨයාගේ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සාදය පැවැත්වූ ස්ථානයේ මේසය යට තිබූ බෝතලයක්ද රැගෙන නවක මැම්බර් මහතා ඉක්මනින්ම සිය ජ්‍යෙෂ්ඨයා සිටින ස්ථානයට ගියේය. අඩ අඳුරේ පදමට සප්පායම් වී සිටි පිරිසට ලැබුණු බෝතලය දැක සතුටින් ඉපිල ගිය අතර ජ්‍යෙෂ්ඨ මැම්බර් මහතා බෝතලය විවෘත කොට අඳුරේම කටේ හලාගත් අතර ගෝලයාද එයට දෙවැනි නොවීය. පිරිසට බෝතලය හිස් කිරීමට විනාඩි පහක්වක් ගත නොවූ බවද පැවසේ.
බෝතලය හිස්කර විනාඩි දහයක් පමණ ගතවන විට එක් අයෙක් දෙදෙනෙක් වමනය කිරීම සහ වැසිකිළි යාම ආරම්භ කර ඇති අතර එය සියලු දෙනා අතර පැතිර යාමට වැඩි කාලයක් නොවීය. සියලුම දෙනා වමනය දැමීම සහ වැසිකිළියාම පිළිබඳව සැක සිතූ එක් අයෙක් සිය ජංගම දුරකථනයේ ආලෝකයෙන් වමනය පරික්ෂාකර ඇති අතර ඒවා දිලිසෙමින් ඝණ ද්‍රව්‍යයක ස්වරූපයෙන් යුක්ත නිසා විමසිලිමත්ව බැලීමේදී කාරණය අවබෝධ වී ඇත. නවක මැම්බර් මහතා හදිසියේ රැගෙන විත් ඇත්තේ උත්සවයේ පහන දැල්වීම සඳහා ගෙනැවිත් තිබූ මේසය යට තිබූ පොල් තෙල් බෝතලය බව පසුව පැහැදිලි වී ඇති අතර පිරිස සිද්ධිය වසන් කර ගැනීමට විවිධ ප්රයත්න දැරුවද පසුදින වන විට සිද්ධිය ප්‍රදේශය පුරා පැතිරීගිය රස කතාවක් බවට පත්වීම වැළැක්විය නොහැකි විය.
(හක්මන විශේෂ -දෙනගම යසන්ත ආරියසේන)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජයපැන් සාදයේ ‘අමුතු සුදියෙන්’ මැම්බර්ලා වැසිකිළියේ