දැඩි නියඟය නිසා ජල හිඟයට මුහුණ පෑ නැගෙනහිර පළාතේ ගම්මානයකි. ළිං සිඳීයාම නිසා ගම්වාසීන් බොහෝදෙනා වතුර සොයා ඈත ප‍්‍රදේශවලට ගියත් ගමේ විසූ පාරම්පරික ප‍්‍රභූ පවුලකට අයත් නිවෙසකට ජල හිඟයක් නොවීය.
අසල්වාසීන්ට ඔහු කීවේ ‘‘අපේ පප්පලා ඔය වගේ නියං කාල එන බව දැනගෙන අපූරු විදියට ළිං හාරලා තියෙන්නේ. රිදී කඳක් වගේ ඒවායේ වතුර පිරිලා’’ කියාය. එසේ වූවත් අසල්වැසි කිසිවකුට වතුර දීමට ඔහු කැමති නොවූ අතර ඒ නිවසේ අයගේ උඩඟුකම දන්නා ගම්වැසියෝද එහි නොගියහ.
පසුගියදා ඒ නිවසට ද වාහනවලින්, වතුර බැරල්වලින් ගෙන එනු දුටු පුද්ගලයකු ඒ ගැන විමසීය. ප‍්‍රභූවරයා කීවේ’’ අපේ ළිඳට මීයෙක් වැටිලා. වතුර ඉහගන්න වෙලාවක් නෑ’’ කියාය. ඒත් කරුණු විමසීමේදී අනාවරණය වී ඇත්තේ ඒ ළිඳ ද අඩියටම සිඳීගොස් ඇතත් පරණ පම්පෝරිය රැුක ගැනීමට මෙසේ බොරු කියන බවලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝබයින්ගේ දේ කූඹි කනවා කියන්නේ කට කහනවාටයෑ . (නි)
ඕකට තමා කියන්නේ "කතාව දෝලාවෙන් ගමන පයින් "කියල. (අ0
ඕකට කියන්නෙ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා (නි)
බොරු මොනවටද ළිඳේ වතුර හිදිලා කියල කියන්ඩ (අ)