(තිහගොඩ - උපසේන ලියනගම)
මේ දිනවල ඇගයීමට ලක් කෙරෙන උසස් පෙළ පිළිතුරු පත් අතර බෞද්ධ සංස්කෘතිය පිළිතුරු පත‍්‍රයක සෑම පිළිතුරක් අවසානයේම මිනී පෙට්ටියක් සහ මල් වඩම් දෙකක් ඇඳ තිබීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි.
ප‍්‍රධාන පෙළේ විද්‍යාලයක වූ මෙම මධ්‍යස්ථානයේ පිළිතුරු පත‍්‍රයක වූ මෙම චිත‍්‍රය දැකීමෙන් මවිතයට පත් පරීක්ෂකවරයා එය ප‍්‍රධාන පරීක්ෂකට යොමු කළ විට ජීවිතයේ අනියත භාවය සිහි කිරීමට මෙය අඳින්නට ඇති බවත් මෙය චිත‍්‍ර විෂය නොවන හෙයින් ඊට ලකුණු දීමේ අවශ්‍යතාවක් නැති බවත් පවසා තිබේ.
පිළිතුරු පත‍්‍රවල රහස්‍ය භාවය රැකිය යුතු නිසා ඉන් එහාට මේ ගැන සාකච්ඡුා නොකළ බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැමදා අසන්නට, දකින්නට ලැබෙන දේවල්නේ.හිත කළකිරිලා ඇති. (නි)
ඒක ඇන්දා කියලා ලකුණු කපන්නේ නැහැ නේද? ප්‍රශ්නයට අදාල හරි පිළිතුර තියෙනවා නම් ඒකට ලකුණු දියයුතුයි. අනියතභාවය වෙනම දෙයක්. ලකුණුත් අනියත කරන්න එපා. (නි)
විශ්වවිද්‍යාලයට යන්නත් පෙර ඔය පෙන්නන්නේ වත්මන් තරුණ පරපුරේ අසහනය සහ කලකිරීම මිසක් ජීවිතයේ අනියත භාවය නොවෙයි. ඔය චිත්‍රය ඇන්ද අහිංසක දරුවාව පරිස්සම් කර ගත යුතු වෙනවා . මරණය පිළිබද සංකේතය ඔය තරම් සැහැල්ලුවට ගන්න එපා. වත්මන් තරුණ පරපුරේ මනෝභාවයන් තේරුම් ගන්නන්ට තරම් මනෝවිද්‍යාත්මක බුද්ධියක් නැති අධ්‍යාපන නිලධාරීන් අනාගතයට පිලිලක්. (දී)
අපි සාමාන්‍ය පෙළ ලියන කාලයේ භූගෝලය,ඉතහාසය ප්‍රශ්නපත්‍රවල වරහන් ඇතුලේ උඩින්ම දක්වලා තියෙනවා කටු සටහන් වලට ලකුණු දෙනු ලැබේ කියලා.අපේ පොරක් නැපෝලියන්ගේ රුසියන් ආක්‍රමණයත් චිත්‍රයට නගලා. (දී)
මේ ළමයා කියන දේ හරි. අද තියෙන වල් වැදුණු දේශපාලන තත්වය යටතේ බෞද්ධ සංස්කෘතියට හිමිව ඇති තැනයි ළමයා පෙන්වා දී ඇත්තේ.
මෙතන බරපතල කරුණු විග්‍රහ කරලා තියනවා. නමුත් මේ ළමය එහෙම දේවල් හීනෙන්වත් හිතුවද දන්නේ නෑ(දී)
සෑම පිළිතුරක් අවසානයේ ....එසේනම් බුද්දිමත් දරුවෙක්... නිසිලෙස පිළිතුරු ලියා කාලය කා දැමීමට වඩා බෞද්ද සංස්කෘතිය කෙරේ මීට වඩා අවදානයක් යොමු කරවීමට ගන්නාලද උත්සාහයක් වෙන්නට පුළුවනි. (දී)
මේ ළමයා 100% හරි (දී)
මේවා ළමයින්ගේ විහිලු වැඩ (දී)
දුන්න ලකුණු ටිකත් කැපුවද දැන් නෑ.........(දී)
පාඩම් නොකර විභාග ලියන්න ගියාම ඕව තමයි කරන්නේ (දී)
කාලය ගත කිරිමට ඒකත් නියම විධියක් තමයි....... වෙන මුකුත් අඳින්න දන්නැතුවැති නේ.................... (දී)
ප්‍රසිද්ද වෙන්න ඒකත් ක්‍රමයක් තමයි..... ලබන පාර කරනවනම් ඔන්න තව ටිකක් චිත්‍ර පුරුදු වෙන්න වෙයී ............ (දී)
නලී කියපු කතාවයි මෙතන හරි. මොකද ළමා මනස තේරුම් ගන්න බැරි පරීක්ෂකයො නිසා ඉදිරියේ ඇතිවියහැකි විනාශයක් මගහැර ගැනීමේ අවස්ථාව අහිමි වී ගියබවයි මටනම් පෙනෙන්නෙ. මරණයේ සංකේත මරණයට පෙර බහුලව භාවිතා කරන්නෝ මරණයේ මාවත තෝරාගත්තන් බව මනෝ විශ්ලේෂකයෝ පවසත්.(දී)