IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඥාති පුතා​ෙග් නම විකුණා ඇන්ටිගෙ සේසතට විදලා

නැදලගමුව ආර්. ඒ. ප්‍රියංකා රූපසිංහ
වසර දහඅටක් තිස්සේ අසනීපයකින් බැට කමින් සිටින 60 හැවිරිදි කාන්තාවකට තමා සන්තකයේ තිබූ අවසාන සේසත ද කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වෙන්නේ බස්නාහිර දිශාවෙනි. 
 
සිය සැමියා රැකියාව සඳහා පිටත්ව ගිය විට දිවා කලට නිවසේ මෙම කාන්තාව කල් ගෙවන්නේ සිය රෝගී තත්වය නිසා ඇතිවන අපහසුතා මධ්‍යයේ තනිපංගලමේය. සැමියා පාන්දර අවදි වී උයා පිහා රැකියාවට යන්නේ ඇයට වැඩක් පලක් කර ගැනීමට අපහසු නිසාය. 
 
ඇය නිවසේ තනිව වෙසෙන බව දැනගත් වයස 31 ක් පමණ වන නාඳුනන තරුණයකු පැමිණෙන්නේ මෙම කාන්තාවගේ සහෝදරයාගේ පුතා පිටරට සේවය කරන ස්ථානයේ රැකියාව කරන බව පවසමිනි. 
 
ගේට්ටුව ළඟ නතර වන තරුණයා කාන්තාව ඇමතුවේය. ‘ආන්ටි ‘‘මම ඩුබායි ඉඳල ආවේ. ආන්ටිගෙ අයියගෙ පුතා මගෙ යාලුව. ආන්ටිව බලල එන්න කිව්ව නිසයි රට ඉඳල ආපු ගමන් මම මෙහෙ ආවෙයි’’ පැවසීය. 
 
‘‘ආ නාමල් පුතාගෙ යාලූවෙක්ද?’’
 
 ඥාති පුතාගේ නමද කාන්තාවගේ කටින්ම පිටවීම තරුණයාට පහසුවක් විය.
 
‘‘ඔව් ඔව් ආන්ටි එයා තමයි මගෙ යාලුව. අපි දෙන්න එකට පිට රට වැඩ කරන්නෙ. ඉන්නෙ එක කාමරේ’’ කීවේය. කාන්තාවද තරුණයාට නිවසට ඇවිත් වාඩි වෙන්න කියා ආරාධනා කර වංහූං අසන්නට විය. 
 
‘ඔව් ආන්ටි ආන්ටිට අසනීප වුණ බව නාමල් කීව. ආ ආන්ටි මේක තියාගන්න බේත් ගන්න. මෙතන රුපියල් විසිපන් දාහක් තියනවා’ යයි තරුණයා පැවසීය. 
 
‘අනේ එපා පුතා සල්ලි තියනව. බේත් ගන්න පුතාලත් රට රටවල වැඩ කරල මහන්සි වෙලා ගන්න සල්ලිනෙ එපා එපා තියා ගන්න’ කියූ කාන්තාව ‘ඉන්න මං තේ එකක් හදාගන එන්නම්’ කීවාය. 
 
‘ආන්ටි මමත් එන්නම්’ තරුණයා කාන්තාව පසුපස මුලුතැන්ගෙය දෙසට ගියේය. එසැනින් ඔහු නිවසේ නිදන කාමරයට නෙත් යොමා එහි තිබූ කැටයම් අල්මාරිය දැක මෙසේ පැවසීය. 
 
‘‘ආන්ටි මමත් අලුතෙන් ගෙයක් හැදුව අර වගේ අල්මාරියක් මටත් ගත්තනම් හොඳයි. අපි ටිකක් අල්මාරිය බලමු’ ද කියා කාමරය තුළට ඇතුළු විය අල්මාරියේ යතුරු කටේ යතුර තිබෙනවා දැක මෙසේ පැවසීය. ‘ආන්ටි මේක ඇතුළ හොඳට ඉඩ ඇති නේද ටිකක් ඇරල බලමුද?’ 
 
කාන්තාවද අල්මාරිය විවෘත කර ඇතුළ පෙන්වුවාය.  එසැනින් එහි රන් අබරණ පෙට්ටියක් ඇති බව ඔහු දුටුවේය. 
 
‘යමු තේ බොන්න’ යයි පැවසූ කාන්තාව පසුපස ගිය තරුණයා නිවසේ පසුපසට ගොස් වටපිට බැලුවේ අසල නිවසක කවුරුන් හෝ ඇත්දැයි සැක හැර ගනු අටියෙනි. 
 
කිසිවකු නොදුටු තරුණයා නැවත ගෙට ඇතුල් වූයේ ‘ආන්ටි මට කෝපි ටිකක් හදන්න’ යයි පවසමිනි.
 
 ඔහුගේ අරමුණ වූයේ කාන්තාව තේ සෑදීම පමා කිරීමය. නිදන කාමරයට හොර රහසේ ඇතුල් වී රන් භාන්ඩ සියල්ල කලිසම් සාක්කුවේ දමා ගනිමින් ඉස්තෝපුවට පැමිණ ඉඳගත්තේ කාන්තාව කෝපි රැගෙන එන තුරුය. 
 
කෝපි රැගෙන පැමිණි කාන්තාව තරුණයාට එය පිරිනමා නැවත ඥාති පුතාගේ විස්තර අසමින් සිටියේ ඔහු කෝපි කෝප්පය රස බලමින් සිටින අතරවාරයේය. 
 
කෝපි පානය කර අවසන් වූ තරුණයා ‘‘එහෙනම් ආන්ටි මම ගිහින් එන්නම්’ කියා කාන්තාවට දණ ගසා වැඳ ‘ආන්ටි ආයෙ අනිත් සැරේ රට ඉඳල එනකොට ඇවිත් යන්න එන්නම්’ කියා නික්ම ගියේය. 
 
කාන්තාවට සැකයක් මතු වී නිදන කාමරයට එබී බලා අල්මාරියේ දොර තරමක් විවරව තිබෙනු දැක අල්මාරිය ඇර බැලුවාය. සිය රන් ආභරණ නොමැති බව දුටු කාන්තාව කතා කර ගැනීමට පවා නොහැකිව ක්ලාන්ත වූවාය. ලක්ෂ විස්සකට වඩා වැඩි රන් අබරණ සියල්ල අර තරුණයා සොරාගෙන ගොස් තිබිණි. නැවත සිහි එලවාගත් ඇය  හඬමින් සැමියාට දුරකතන ඇමතුමක් දී සිදූවූ සිද්ධිය විස්තර කළාය.
 ඉන්පසු නීතියේ පිහිට පැතූ ඔවුන්ට තවමත් අර තරුණයා ගැන හෝඩුවාවක් ලබාගැනීමට නොහැකි වී ලු.



අදහස් (0)

ඥාති පුතා​ෙග් නම විකුණා ඇන්ටිගෙ සේසතට විදලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 24 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 763 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 773 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1138 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9455 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site