IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ටී-බනිස් පගාව අතේ මාට්ටු වෙලා

සුජිත් හේවාජුලිගේ

රථවාහන වරදකට අල්ලාගත් ත්‍රිරෝද රථ රියැදුරකුට දඩ කොළයක් ලියා නොදීමට නම්, බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන් ටී දෙකක් ඉල්ලා ලබාගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ත්‍රිරෝද රියේ නීතිඥවරියක සිටීමෙන් කලබලයට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඒ ආහාර පවා ගැනීම ප්‍රතික්ෂේප කර ත්‍රිරෝද රිය ද වහාම මුදාහැර ඒ ස්ථානයෙන් පිටව යෑමේ සිද්ධියක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

නීතිඥවරියක් කුලී ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටියාය. පොලිස් නිලධාරීන් දෙදෙනකු මරදාන ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රිය නැවැත්තුවේ රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ කොළයක් ලියා දීමටය. රියැදුරා පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේය.

“හරි එහෙනම් තමුසෙට අපි විසඳුමක් දෙන්නම්. ඔය ළඟ තියෙන කඩේට ගිහිල්ලා බනිස් ගෙඩි දෙකකුයි ප්ලේන් ටී දෙකකුයි අරගෙන එනවා. ඒවා ගෙනත් දුන්නට පස්සේ තමුසෙට යන්න පුළුවන්.” පොලිස් නිලධාරියෙක් ත්‍රිරෝද රථ රියැදුරාට කීවේය.

ඒ අනුව රියැදුරා, ළඟ තිබූ කඩයකට පයින්ම දිව ගියේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නියෝගය පිළිපැදීමටය.

රියැදුරුගේ ප්‍රමාදය නිසා ත්‍රිරෝද රථයේ සිටි නීතිඥවරිය බිමට බැස්සාය. ත්‍රිරෝද රියෙන් නීතිඥවරියක බිමට බැස සිටින බව ඇඳ සිටි සාරියෙන් හඳුනාගත් පොලිස් නිලධාරියෙක් වහාම ඇය සිටින ස්ථානයට ගොස් ඇය කවුදැයි විමසා සිටියේය.

ඇය තමා කවුදැයි මෙහිදී පොලිස් නිලධාරියාට හඳුන්වා දුන් අතර, ඒ ප්‍රකාශයෙන් පොලිස් නිලධාරීන්ගේ ඉහ මොළ රත්වී ගියේය.

මෙහිදී කටහඬ අවදි කළ පොලිස් නිලධාරියකු “දැන් ඔබතුමිය යන්නේ කොහොම ද? අන්න අර මිනිහා අර පැත්තට දුවනවා දැක්කා.” යනුවෙන් පැවැසුවේ තරමක් කලබලයෙනි. ඒ ප්‍රකාශය කර ලොකු වේලාවක් ගත වූයේ නැත.

ත්‍රිරෝද රථ රියැදුරා බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන් ටී දෙකක් රැගෙන ඒ ස්ථානයට පැමිණෙමින් සිටියේය. එහිදී කලබලයට පත් පොලිස් නිලධාරියා, “ඕවා මොනවාට ද අයිසෙ අපට. මේ නෝනා අරගෙන යනවා.” යනුවෙන් පැවැසුවේ ඇති වූ ලැජ්ජාව යටපත් කරගනිමිනි.

“ඇයි සර්... මම මේවා ගෙනාවෙ සර්ලා කිව්ව නිසානේ”

ත්‍රිරෝද රථ රියැදුරාගේ උත්තරයෙන් පොලිස් නිලධාරීහු තවත් ලැජ්ජාවට පත්වූහ.

මේ අවස්ථාවේදී රියැදුරා “හරි හරි කමක් නෑ මේවා ගන්නකෝ..” යනුවෙන් පවසා බනිස් ගෙඩි දෙක සහ ප්ලේන් ටී දෙක පොලිස් නිලධාරීන් පැමිණ සිටි මෝටර් රිය ඇතුළට දමා ත්‍රිරෝද රිය පණ ගන්වාගෙන පිටව ගියේ වේගයෙනි.

එසේ යන අවස්ථාවේදී සිදු වූ සියල්ල නීතිඥවරියට සැලකර සිටීමට ද ත්‍රිරෝද රථ රියැදුරා අමතක නොකළේය.



අදහස් (2)

ටී-බනිස් පගාව අතේ මාට්ටු වෙලා

ganegoda Monday, 20 February 2023 04:17 PM

පව්, පොලිසිය වුණත් අහිංසක මිනිස්සු...!

:       1       7

Adrian Ferth Monday, 20 February 2023 07:00 PM

ඕකෙ ඇති විශේෂත්වයක් නෑ. ඔය හැම තරාතිරමකම පොලොස් කොට්ටෝරු හිඟන්නන් 90%ක්ම බනිසේ, ප්ලේන්ටියේ ඉඳලා මිලියන ගාණක් වනතුරු ජරාවෙන් තමයි හැමදාම යැපෙන්නේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 339 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 372 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 615 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 642 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1083 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 909 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site