ආරක්ෂක නිලධාරියා සිය රාජකාරියේ යෙදී සිටියදී කාර්යාලයකට පැමිණියේ තලතුනා මහත්මයෙකි. කාර්යාලයට එන අයගෙන් පැමිණි කාරිය විමසන ලෙසට ආරක්ෂක නිලධාරියාට ඉහළින් ලැබී තිබූ උපදෙස් අනුව ”ගුඞ් මෝනින් සර්” කියමින් හෙතෙම අමුත්තාට ආචාර කළේය. කිසිවක් නොදෙඩූ අමුත්තා ඉදිරියට යන්නට විය.
”එක්ස්කියුස් මී, සර් කොහාටද යන්නේ”? ආරක්ෂක නිලධාරියා විමසුවේ ගරුසරු ඇතිවය. ”තමුසේ කව්ද ඒ ගැන අහන්න. මම යන්න ඕන තැන දන්නවා.” හෙතෙම කෝපයෙන් පැවැසීය. ”එහෙම කියන්න එපා සර්, මේක මගේ රාජකාරියනේ.” ආරක්ෂක නිලධාරියා විනීතව පැවැසීය. ”තමුසේ සෙකියුරිටි නේද. තමුසෙටයි මටයි කතාවක් නැහැ.” පැවැසූ අමුත්තා කාර්යාලයට ඇතුළු විය. ආරක්ෂක නිලධාරියා ඉන්පසු දිව ගියේ අමුත්තා පැමිණි රථයේ රියැදුරා හමුවීමටය. ”දැන් ගිය සර් එක්කද ඔයා ආවේ?” ඔහු විමසීය. ”ඔව් ඇයි ප‍්‍රශ්නයක් වුණාද?” රියැදුරා ඇසීය. ”එයා හරි සවුත්තු මහත්තයෙක්. මම ඔච්චර හොඳට කතා කරලත් මට බැන්නා. අපි නිල ඇඳුම ඇඳලා එක එකාගෙන් බැනුම් අහනවා. මට මේ ජොබ් එක තිත්ත වෙලා තියෙන්නේ.” ඔහු පැවැසීය. එවිට රියැදුරා, ”අයියා ඕවා ගණන් ගන්න එපා. ඔය මනුස්සයාට කොළඹ ගෙවල් දෙකක් තියනවා. ළමයි රට ඉන්නේ. මුල් කසාදේ කටුගාලා දැන් ඉන්නේ වෙන කෙනෙක් එක්කයි. මම වාහනේ එළවද්දී, වාහනේ වමට දකුණට හරවන්න කියලා කියන්නේ ටොක්කක් ඇනලයි. දැන් මට ඒක පුරුදුවෙලා.” රියැදුරා පැවැසීය. ඊළඟ මොහොතේ අමුත්තා රථයට ගොඩවී රියැදුරාට ටොක්කක් අනිනු දුටු ආරක්ෂක නිලධාරියා දිගු සුසුමක් පිට කළේය. මෙය අගනුවරදී සිදුවූවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂකයන්ට තරම් කටුක අත්දෙකීම් වෙන කිසිම රැකියාවක් නැතිව එති මොලේ කොලොප්පන් හාදයෝ ඉන්නවනේ (ම)
පිටිගල,එතකොට ගුටිකාපු අසරණයා පව් නැද්ද? (නි)
පවු! ඒ මිනිසා ලෙඩෙක්. ඒ වුණාට ඒ ලෙඩේට බෙහෙත් ලැබෙයි ළඟදීම. ආරක්ෂක නිලධාරි මහතා දක්ෂ වැදගත් කෙනෙක්. (නි)
"ඇවිදින මල මිනියක්" (ම)
ඔය සීකුරිටි රෙජිස්ටර් කරන්නේ යන එන අය නිකමට නොවේ හදිසි ගින්නක් වුනා කවුද දන්නේ මේ මනුස්සය ගැන (බ)
අනුර ඔයා අදහස් කරන්නේ ඔයා ගැනද නැත්නම් ජාතිය ගැනමද? නිකන් මොට්ට කතා කියන්ඩ එපා.ලෝකෙටම ඉන්න සිංහල ජාතිය අමුතු තමයි එත් සමහර අයවගේ තිරිසන් නෑ (බ)
සමහරුන්ට ගුඩ් මෝනින් කියන කොට තරහ යනවා මන් දැකල තියෙනවා.ආයුබෝවන් !(හේ)
ඔය යකාට ටොකු සීයක් විතර දීලා කාර් එකේ හුලනුත් ඇරලා මගදී දාලා යන්න කෙනෙක් නැති වුනානේ. (හේ)
ඔය මිනිහට ටොකු සීයක් විතර ඇනලා කාර් එකේ හුලනුත් ඇරලා මගදි දයා යන්න කෙනෙක් නැති වුනානේ.(හේ)
මානසික රෝගයක් ඇති අයෙක්. වෙන කියන්න දෙයක් නැහැ. මේ වගේ අයට අද කාලේ සමාජයේ ඉන්න බැහැ. තාම හොඳ හෝටලයකින් කාලා නැහැ කියලායි කියන්න තියෙන්නේ. (නි)
එක ජපන් සචෝ (බොස් )කෙනෙක් හිටිය පාරේ කලර් ලයිට් එකේ රතු වැටුනහම මට බකයාරෝ (මෝඩය )කියල බනිනවා . (ස)
හරිමමන් කෙනෙකුට අහුවෙලා නැහැ තාම. අර දොස්තර චන්ද්‍ර ප්‍රනාන්දු වගේ මිනිහෙක් මෙයා? (ස)
අහිංසක මිනිස්සු රස්සාව කරන්නේ තමාගේ පවුල් රකින්න. මේ මෝඩයාගේ ඔලුවේ අමාරුවක් (නි)
ගිය ආත්මයේ තම්මැට්ටන්, රබාන, ඩොල්කිය වගේ සංගීත උපකරණ වලට තට්ටු දාපු කෙනෙක් වෙන්න ඇති මේ මහත්තයා. (නි)
අපේ රටේ මිනිස්සු හැමදේම මනින්නේ මිල මුදලින්නේ! ඕක තමයි කියන්නේ සල්ලි වලට මනුස්සකම ගන්න බැහැ කියලා. සල්ලි තියෙනවා නම් කාර් එකක් තියෙනවා නම් වඳින පුදන අයට කියන්න තියෙන්නේ මොළේ නැත්නම් උගත්කමක් නැත්නම් මනුස්සකම නොදන්නවා නම් එයාගෙන් කිසිම වැඩක් නැහැ කියලයි (නි)
අපේ සිංහල ජාතිය අමුතුම ජාතියක් (නි)
අමුතු මානසික රෝගයක් (නි)
හික්කඩුවට එවන්න හොඳ හෝටලයකින් කන්න දෙන්නම්... (නි)