මොරටුව බලා ධාවනය වූ බලවේග කට්ටල දෙකක් සහිත ශීඝ‍්‍රගාමි දුම්රියකි. එය රාගමට ළඟාවන විට උදෑසන හයයි පනස් පහ පමණ විය. තම කාර්යාලවලට රාජකාරි සඳහා ගමන් ගන්නා බොහෝ අයගෙන් මෙම දුම්රිය පිරී තිබිණි. දුම්රිය පසුව හුණුපිටියේ ද, ඊළඟට කැලණියේ ද නවත්වන ලද අතර ඉන් අනතුරුව නැවැත්වූයේ දෙමටගොඩය. බලවේග කට්ටල දෙකකින් යුක්ත වූ නිසා දෙමටගොඩ දුම්රිය ස්ථානයේ දී ඉදිරිපස දුම්රිය මැදිරි දෙකක් පමණ නැවැත්වීමට සිදුවූයේ දුම්රිය වේදිකාවද පසු කරමිනි. එම මැදිරිවල සිටි කාන්තාවන්ට බිමට බැසීමට සිදුවූයේ අන් අයගේ ද උපකාරයෙනි. දුම්රිය නියාමක මහතාගේ සංඥාවෙන් පසු දුම්රිය නැවතත් ධාවනය වන්නට විය. එවිටම වාගේ ඉදිරිපස මැදිරියෙන් ”ටිකට් ටිකට් ටිකට් ටිකට්” යනුවෙන් හඬක් ඇසුණි. එවිටම සෙනඟ පිරී තිබු එම මැදිරියේ සිටි මගියකු දුම්රියෙන් බිමට පැන කඩාගෙන දුවන්නට විය. වාසනාවකට මගියාට අනතුරක් සිදු නොවීය. ”ටිකට්” යන හඬ දෙස බැලූ මගීන්ට දක්නට ලැබුණේ දෙමටගොඩින් දුම්රියට ගොඩවූ ලොතරැයි අලෙවිකරුවකු ලොතරැයි අලෙවි කරමින් ගමන් කරන බවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු නන්දන, වෙන්නප්පුවේ අය යන්නේම ටිකට් නැතුව. (නි)
තව පොඩ්ඩෙන් නොමිලයේම ටිකට් එක හම්බ වෙනවා. (නි)
ඕක ඉතිං සාමාන්‍ය දෙයක්නේ. මේක ලංකාවනේ. (නි)
ඉක්මන් වුණා වැඩියි (ස)
නුවණක්කාරයෙක් නේන්නම්. (නි)
ටිකට් නැතුව කෝච්චිවල යන්න එපා මිනිසුනේ. (නි)
මේක නම් බොරුවක්. (නි)
පනාගොඩ මිලානෝ ගිහින් ඉතාලිය බේරා ගන්න. (නි)
බලන් ගියාම ලංකාවෙ වැඩිම හොරු ඉන්නෙ වෙන්නප්පුවෙද? (නි)
වෙන්නප්පුවේ කට්ටිය ඉතාලිත් යනවා හොරෙන්..(ස)
හොරාට ගියාම කොහොමත් බයෙන් තමයි ඉන්න වෙන්නේ..(ස)
දුම්රියේ ගිය කට්ටියක් විහිලුවට කිවුවද දන්නේ නැහැ. (නි)
පනාගොඩ, ඇත්තටම ජපානෙත් ටිකට් නැතුව යන්නෙම වෙන්නප්පුවේ අයමනේ.මොකද මන්දා? (නි)
ලොතරැයි අලෙවිකරුට එම නම කියලා විකුණන්නෙ තිබුණෙ..!(නු)
සරත් හැමදාම අවදියෙන් තමයි යන්නේ.. හදිසියේ උන දෙයක් මේක..!(නු)
සරා ගොයියා මතක් වුණා. (නි)
මෝඩයෙක්. (නි)
තව ටිකක් එහා මෙහා උනානම් මුළු ජීවිතේටම ටිකට් එක ඇදෙනවා.(ස)
ටිකක් හොඳ කතාවක් (ස)
අයියෝ සල්ලි
ටිකට් කියා කියා ලොතරැයි විකුණන අය මම දැකල නැහැ... එක එක ලොතරැයි වල නම් කියාගෙන යන අය තමයි වැඩිපුර ඉන්නේ (ස)
මෙයා නම් මාරයි කොහොම හරි බේරිල යන්න හිතන්න ඇති (ස)
මොනවා කලත් අවධියෙන් ඉන්න (ස)
ඉතාලියෙනම් ටිකට් නැතුව යන්නෙම වෙන්නප්පුවෙ අය (ස)
හැමදාම හොරෙන් යන කෙනෙක් ටිකට් සෝදිසි කරනවා කියලා හිතලා බයේ දුවන්න ඇති.. මීකිරි කන්න ගෙනා පැනි බෝතලේ පොලිෂ් බෝතලේට මාරු වෙලා වගේ.. (නු)