වා සැකැසූ සුවපහසු කාර්යාලයක ඉහළ වැටුපකට ලිපිකරුවකු වශයෙන් පැමිණි තරුණයකුට එම රැුකියාව සඳහා ටයිපටියක් පැළඳීමට අවස්ථාව නොලැබුණ බැවින් ඊට පහළ වැටුපකට ටයි පටියක් පැළඳ එම ආයතනයේම ඇවිදින රැුකියාවක් තෝරා ගැනීමේ අපූරු පුවතක් මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් වාර්තාවේ.
සිද්ධිය සැකවින් මෙසේයි.
මහනුවර ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලිපිකරු සේවය සඳහා තුරුණු වියේ පුද්ගලයෙක් පැමිණියේය. දින දෙක තුනක් ඔහු එම ආයතනයේ සේවය කරන අතරතුර ඔහු කිසියම් මානසික අසහනයකින් පෙළෙන බව ආයතන ප‍්‍රධානියාට දැනීගියත් ඔහු ඒ පිළිබඳව කිසිවක් නොඅසා සිටීමට වග බලා ගත්තේය.
සතියකට පමණ පසු ඔහු ආයතන ප‍්‍රධානියා හමුවිය. තරුණයාගේ පැනය වූයේ ලිපිකරු රැුකියාව කරන විට ටයි පටියක් පැළඳිය නොහැකිද යන්නයි. ප‍්‍රධානියාගේ පිළිතුර වූයේ ආයතනයේ ලිපිකරුවන් කිසිවකුත් ටයිපටි නොපළඳින බැවින් ඔහු පමණක් ටයි පටියක් පැළඳීම නොගැලපෙන බවයි.
ආයතනයේ ටයිපටි පළඳිනු ලබන්නේ ආයතනයේ ස්ථිර සේවයේ නොමැති ක්ෂේත‍්‍රයේ ඇවිදිමින් රැකියාව කරන ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරීන් පමණක් බවත් අවශ්‍ය නම් එවැනි තනතුරක් ලබාදිය හැකි බවත් ප‍්‍රධානියා තරුණයාට දැනුම් දුන්නේය.
දින දෙක තුනකට පසු අදාළ ආයතනයේ ප‍්‍රධානියා හමුවූ තරුණයා ඔහුට ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරී තනතුරක් හදාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
දැන් ඔහු අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් ටයි පටියක් පැළඳ මහමග ගමන් කරන අයුරු දැකගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙයා දකණු පළාතේ කෙනෙක්.(නදී)
නුවරද ? සුද්ද ගල විද්දේ නැතනම් එයාලා තාම අල කෙළ කකා ඉන්නවා (ස)
එක එක්කෙනාගේ ආශාවල් එකිනෙකට වෙනස්. (නි)
හොදම දේ හොදම විදියට සිදුවෙනවා කියන්නේ මේකට තමයි. (නි)
මේ වගේ දේවල් වලට හිනා වෙන්න එපා...සියලුම මානසික රෝග සුව කරගන්න පුලුවන් තමන්ටම...ඒත් මේ වගෙ දේකට හිනා වෙන එකනම් වැරදියි... (ස)
චන්දනට මොකද රතු සහෝදරයෝ විතරක් මතක් වෙන්නේ? (නි)
බොරු කියන්නේ මොකටද ? මටත් ඔය උණ තිබ්බා ඉස්සර (ස)
පාරවල් වල කටු කන එකේ හමුදාවට බැදිලා රටට සේවයක් කලා නම් ඉවරයිනෙ. (ස)
මමත් ටයි දාගෙන පාරවල් වල ඇවිද්දා මට මතකයි. (නි)
ඒ කොල්ලට තව වෙන මොකුත් හිතුණේ නැද්ද දන්නෙ නැහැ. (නි)
ආසාවනේ.............(ස)
හැමෝටම එක එක අසවල් තියෙනවනේ (දී)
පඩිය අඩු වුණාට මේ රැකියාවල කොමිෂන් එක වැඩියිනේ. (නි)
මමත් දන්න ටයි මානසිකත්වය තියෙන කෙනෙක් ඉන්නවා වයඹ පළාතේ. (නි)
එකත් එකටම කොල්ලා පැංචා කාලේ මොන්ටිසෝරි යනකොට නාස් දියර පිසදාන්න අම්ම ටයි එක වගේ ලේන්සුවක් එල්ලනවානේ... පුංචි කාලෙදි පීනස් දරුවො දිගුකලක් ඕක එල්ලා සිටීමෙන් ලේන්සුව නැතිවම බැරි අංගයක් වෙනවා. ඔය කියන කාමරයත් ඒසී කරලානේ. ඒකනිසා කොල්ලට පරණ පීනස මතුවෙන්න ඇති. ලේන්සුවක් එල්ලගෙන යන්න බැරිනිසා තමා ටයි දාන රැකියාවකට මාරු වෙලා තියෙන්නෙ.පව් අනේ. (නි)
මොන එහෙකටද මේ රස්නේ රටේ ටයි දාන්නේ (ස)
ආයතනයේ ලොක්කා දක්ෂ ලෙස තම සේවකයින්ගේ මානසික මට්ටම තේරුම්ගෙන, ඔවුන්ගේ සේවය තම ආයතනය වෙනුවෙන් දක්ෂ ලෙස ලබාගෙන තිබෙනවා. (නි)
පුදුම ආසාවක්..(ස)
එයා කරල තියෙන්නේ මෝඩ වැඩක්.(නදී)
පවට පින දෙන්න බැහැ කියනවානේ..!(නු)
පෙරේරා, ප්‍රවෘත්තිය හරියට කියවන්න. මෙයා පේරාදෙණියෙ කෙනෙක්. පේරාදෙණියෙ දකුණෙ අය නැහැනේ. දකුණත් එක්ක තියෙන ඉරිසියාවට මොට්ට කතා කියන්න එපා. (නි)
මෙයා ගත්තු තීරණය හරි. හොදට ඉදිරිය පේන බුද්ධිමත් මනුස්සයෙක්. තව වසර පහක් විතර යනකොට ආයතනයේ සියළු දෙනා සර් කියන තැනට එනවා. මෙයාට පිස්සු කියන අය ඉන්නකමි මේ රට ගොඩගන්න බැහැ.(නදී)
අනේ මන්දා, ඕක නම් මානසික ලෙඩක්. (නි)
ව්‍යාපාර ලෝකයේ හිණිපෙත්තටම කවදා හෝ නගින්නේ මේ සුලු සේවකයෝ තමයි. (නි)
පුදුම මිනිස්සු සහ පුදුම ආශාවල් (දී)
සමහර ටයි දාන ලොකු ලොක්කන්ගේ කතා ශත පහකටවත් වටින්නෙ නැති බව දන්නවා නම් කවුරුවත් ටයි දාන එකක් නැහැ. (නි)
පව් ඒ කොල්ලට ටයි පටිය මරු වැලක් වේවිද දන්නේ නෑ . අද රටේ වෙන දේවල් වල හැටියට (ස)
අපේ මෙහෙමත් මිනිස්සු... (නු)
මටත් හරි ආසයි ටයි දාන්න. මට ඒත් ටයි ගැටේ දාන්න බැහැ. (නි)
දුක නැහැ ඒ අය ඔහොම තමයි.(නදී)
ඔතන වෙන්න ඇත්තෙ ඕක නෙවෙයි,එයා අර ප්‍රවර්ධන රැකියාවට යන්නැත්තෙ වැඩි මුදලක් කොමිශන් විදිහට ගන්න හිතා ගෙන. (ස)
කට්ට කෑවොත් විතරයි ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ. නැත්නම් එතනම තමයි. (නි)
මෙහෙම මිනිස්සුත් ඉන්නවද අප්පේ අපේ රටේ? (නි)
අපේ රතු සහෝදරයින්ට අනුව නම් මොහු අධිරාජ්‍යවාදී ගැත්තෙක්. (නි)
මේ වගේ කට්ටියත් අපි අතර ඉන්නවානේ. (නි)
මානසික රෝගියෙක්, නොම්මර එකේ. (නි)
ෂුවර් එකටම රක්ෂණ ආයතනයක කෙනෙක් වෙන්න ඇති. (නි)
ආයතනවල මේ වගේ කොච්චර ඉන්නවද ? (ස)
මේක දෙවියන්ගේ කැමැත්ත නොව මේ ලිපිකරුවාගේ කැමැත්තයි. (නි)
අමතක කරන්න එපා සුද්දා ගියේ කළු සුද්දෝ ගොඩක් හදලා (ස)
කවුරු හරි වත් කියලා දුන්නේ නැද්ද ඒ කල වැඩේ අපරාධය (දී)
මාර පළාතක් නේ (ස)
පුදුම මානසික තත්ත්ව වල මිනිස්සු ඉන්නවා නේද (දී)
මානසික රෝගියෙක් වුණත් කමක් නෑ රැකියාව හරියට අවංකව කරනවානම් (ස)
ඔහුගේ ආශාව ඉටු කළ ආයතනයේ ප්‍රධානියාට මගේ ප්‍රණාමය! (නි)
මේ වගේ දේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ. අනේ මෙහෙමත් මිනිස්සු........ (නි)
ඇත්තටම ආයතනයක ලිපිකරුවෙකුට වඩා ආදායමක් අලෙවි ප්‍රවර්ධකයෙකු ලබා ගන්නවා. සමාජයේ පිළිගැනීමක් නැතත් රෙපා යනුවෙන් හදුන්වා දුන්නත්, වැඩි වැටුපක් හා උසස්වීම් ලැබෙන්නේ අලෙවි නිලධාරින්ට. මොවුන් කළමනාකාරිත්වය දක්වා උසස්වීම් ලබනවා. ලිපිකරුවෙකු සැමදා ලිපිකරුවෙකු පමණි. (නි)
මොනවා කියන්නද මන්දා (ස)
පව් මන්ද මානසික කොලුවෙක් (ස)
මෙයා අනංගයෙක්ද දන්නේ නෑ (ස)
ලිපිකරු කියන්නේ මොන තරම් හොද රස්සවක්ද (දී)
ඒක මහා මොඩ වැඩක් (දී)
මේ කොලුවට ටයි මේනියාවද කොහොද (ස)
අසරණ මිනිස්සුන්ගේ ආසාවල් තමයි ඒ (දී)
මේක ටයි මායා රෝගය (ස)
මෙහෙමත් ආශාවන් මිනිස්සුන්ගේ (දී)
කෝ මෙයාගේ නම? ගම? ලිපිනය? (නි)
කවුද දන්නෙ තව ටික දවසකින් මෙයා වාහන වලට ආසාවෙන් රියදුරෙක් වෙයිද කියලා? (නි)
ඔය වගේ කෙනෙක් ඉන්නවා මාතරත්. ගෙදරටත් ඉන්නේ ටයි දාගෙන. (නි)