තම දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි පියා පොලිසියට පැමිණිලි කරන අතරේදී මිතුරන් දෙදෙනකු සමග සූර්වී ඇය නිවෙසට පැමිණීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.
සොළොස් හැවිරිදි විය ඉක්මවූ තරුණියකි. ඇය එදින නිවෙසින් පිටව ගොස් ඇත්තේ උපකාරක පන්තියකට යන බව පවසාය. නියමිත වේලාවට ඇය නිවෙසට පැමිණ නැත. මේ නිසා ඇගේ පියා කලබලයට පත්වී තමන් දන්නා හඳුනන දේශපාලනඥයකුටද මේ බව දන්වා පොලිසියට ගොස් ඇත්තේ දියණියගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් කරන්නටය.
තම දේශපාලන බලය පොලිසියට පෙන්වූ පියා දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි කියමින් ඇය ඉක්මනින් සොයා දෙන ලෙස පොලිසියට කරදර කරන්නට වී ඇත. පොලිසිය කරුණු විමසද්දී පැහැර ගැනීමකට තුඩු දෙන කිසිදු තොරතුරක් අනාවරණය වී නැති අතර දියණිය එදින උපකාරක පන්තියට ගොස් නැති බවටද තොරතුරු ලැබී තිබේ.
මේ අතර පියාට ගෙදරින් ඇමතුමක් ලැබිණි. දුව ගෙදර ආවා. එම පණිවිඩය දැන ගන්නට ලැබුණු නිසා පොලිස් පිරිසක්ද සමග පියා නිවසට ගියේය.
පන්ති යන බව කියා ගිය දියණිය මිතුරන් දෙදෙනකු සමග ප‍්‍රදේශයේ පාරක් අයිනට වී සිට ඇති බව මේ ගැන පොලිසිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයෙන් තරුණිය වෛද්‍ය ප‍්‍රතිකාරදීම සඳහා රෝහල් ගතකර අදාළ තරුණයන් කැඳවා ඔවුන්ගේද ප‍්‍රකාශ සටහන් කරන්නට පොලිසිය පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා වැඩක් නෑ දැන්.(හේ)
හොඳ මිතුරන් නැතිකම වෙන්න ඇති. (ස)
අයියෝ සිරිසේන, අද කාලේ කොල්ලෝ හොඳයි. කෙල්ලන්ගෙන් ප්‍රෙවේසම් වෙන්න නම් අමාරුයි (නදී)
තවම පුළුවන් මේ ළමයි හදා ගන්න.(හේ)
මේ දුවට සහ බොහෝ දරුවන්ට සෙනෙහස අහිමිවෙලා මේ අය කාමුක ආදරය හොයන්නේ නැහැ. ඒවාට දන්නා නැතුව යොමු වෙනවා. සෙනෙහස දිය හැකි වන්නේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට පමණි. මේ අය තමා දැන් සමාජයේ පිලිලයන්ට වග කියන්න ඕනේ. අපේ පිනට අපිට වාසනාවන්ත දෙමව්පියන් හ ගුරු දෙවි වරුන් ලැබුනා. (හේ)
දැන් ළමයින්ට හැමදේම අතට පයට ලැබෙන නිසයි ඔය ගෑනු ළමයි හැදෙන්නේ නැත්තේ.(හේ)
උපරිම නිදහස ලබා දීමයි, ඕනි දේ ලබා දීමයි, වැරැදි යහලුවන් ආශ්‍රය කරන්න දුන්න එකයි වැරැද්ද.(හේ)
දෙමව්පියන්ගෙත් වැරැදි.(හේ)
දෙමාවුපියන්ගෙත් වැරැදි තමයි.(හේ)
ගියේ දෙකෙන්. ආවේ හතරෙන් ... (නි)
මත්කුඩු ,මත්වතුර නොයෙකුත් කූට උපකම මඟින් පාසල් ළමුන්ට පවා අළෙවිකර කෝටිපතියන් වී මහා දානපතියන් ලෙස මහජන ගෞරවයට මෙන්ම ආශිර්වාදයට ලක්වූ බලවතුන් සේ වැජඹෙන දේශද්‍රෝභීන් සමාජයෙන් තුරන් කරනතෙක් අපේ දරු පරපුර මෙවැනි ඉරණමකට පත්වීම වැළැක්විය නොහැක (නි)
ශලිනි, ඔබේ අදහස මසුරන්. ඒ කාලේ තාත්තලා එහෙම නොසිතුව නිසා තමයි අපේ අම්මලා රත්තරන් අම්මලා වෙලා තියෙන්නේ. (නි)
අනේ පව් කව්රුහරි පොවන්ඩ ඇති. යාලුවෝ විශ්වාස කරන්ඩ බෑ. (බ)
සොළොස් = 16 අනේ ගාමිණී සිංහලයෙක්ද? දැන් ඉන්නේ මෙහෙම ළමයි මතට තිත.(දිල්)
ගාමිණි අවුරුදු 12 ක් නෙමෙයි 16 ක ගැහැණු ළමයෙක්.(දිල්)
අවුරුදු 12 ඔහොම නම් තව අවුරුදු 5 විතර යන කොට කොහොම වෙයිද?(හේ)
මොකද මේ ළමයින්ට දැන් වෙලා තියෙන්නේ.(හේ)
සුරාව, මත්කුඩු, ගණිකාව, සූදුවට රට හැරෙනකොට ඔය වගේ දේවල් ඒතරම් ගණන් ගතයුතු දේවල් නොවේ. මේවාට වගකිවයුත්තේ ජනතාවයි. (නි)
මගේ අදහසට අනුව නමේ මෙවැනි ක්‍රියා ඇතිවුයේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළදීම බවයි පෙනෙන්නේ. අනේ අම්මපා අපේ රටේ තරුණ පරම්පරාවටත් අධ්‍යාපනයටත් ගිය කල! මෙවැනි සිදුවීම් වලට හේතු සාධක මොනවාදැයි කියා බලා ඒ සඳහා ක්‍රියාමාර්ගය ගැනීමේ කාලය එළඹී ඇතිබව අපි සියලු දෙනා වටහාගත යුතුයි (නි)
කෙල්ලෙක් අරක්කු ටිකක් බොන එක මහ ලොකු වැරැද්දක් කියලා මම නම් හිතන්නේ නැහැ. වැරැද්දක් නම් නීතියෙන් තහනම් කරන්න ඕනෑ නේද? (නි)
පරීක්ෂණය කරන්නේ කොපමණ මත් ගතිය තියනවා බලන්නද? (ර)
සේරසිංහ, ඇත්තටම කොල්ලෝ කහ වතුරෙන් නාවල ගෙටගන්න පුළුවන්. සමහර ගැහැණු දරුවන් විශේෂයෙන් නගරාශ්‍රිතව ජිවත්වන අයගේ චරියාවනම් ගන්නම දෙයක් නෑ, අනේ රටකට ගිය කල. (ර)
දැන් මේක සාමන්‍ය දෙයක්.(හේ)
දැන් කාලේ කොල්ලො හොදයි.(හේ)
දැන් ඔය වගේ සිද්ධිය බහුලව දැකිය හැකියි.(හේ)
"බෝයිස් ඕවර් ෆ්ලවර්ස්" (බ)
ඉතින් මේ පුවතේ නැහැනේ ළමයා හතර ගාතෙන් එන්න හේතුව. "පන්ති යන බව කියා ගිය දියණිය මිතුරන් දෙදෙනකු සමග ප‍්‍රදේශයේ පාරක් අයිනට වී සිට ඇති බව මේ ගැන පොලිසිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයෙන් " ???දෙයියෝ සාක්කිම තමයි....(බ)
දරුවා ඉපදුණු දවස් වල තිබුන සැලකිල්ල උපකාරක පන්ති යන වයසට එනවිට ඉබේම අඩු වෙනවා. පොඩි දරුවා අඬන්නේ නැති වුනාමත් කලබල වෙන දෙමව්පියන් , උපකාරක පන්ති ගිහින් ආපු ළමය ගෙදර තියන දෙයක් ඉක්මනට ගිලදමා ,වැඩිය මව්පියන්ට මුහුණ නොදී කාමරේට වදින්නේ ඇයි කියල හිතන්නේ නැහැ. (බ)
උපකාරක පන්ති යන ගෑනු දරුවාව ආරක්ෂා කරන එක අද කාලයේ ලේසි නැහැ. නමුත් හැම දරුවෙක්ම මෙහෙම අමාරුවේ වැටෙන්නෙත් නැහැ. යහපත් පවුල් පරිසරය සහ දෙමව්පියන්ගේ මග පෙන්වීම මත හැදුන, සමහර විට ගෙදරින් පිට මුළු දවසම ගත කරන ළමයින් පවා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නවා මම දැකල තියනවා. (ර)
මේ වගේ සිද්ධි වලින් එකක් විතරයි මේ (දිල්)
දැන් තාත්තට හරිම ආඩම්බර ඇති නේද? (හේ)
දෙයියෝ සාක්කි තීරුව වෙත සිනහව මුසු යමක් බලාපොරොත්තුවෙන් පැමිණියත් මෙම සිදුවීම සිනහවීමට නොව හැඩීමට සිදුවන කාරණයක් වන්නේ මේ හා සම්බන්ද සිදුවීම් විටින් විට අප අසා ඇති නිසාය. නගරයේ පාසල්වලට පමණක් නොව ඈත ගම්බද පස්වලට පවා මත ද්‍රව්‍ය මත කුඩු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව කනගාටුවෙන් වුවත් පිළිගත යුතුව ඇත. කවුරුන් හෝ මෙම පිළිලය අවසන් කමින් ඉන්නවාට වඩා, දයාබර දෙමවුපියනි, ඔබ ඔබේ දරුවා ගැන බොහෝ විමසිලිමත් වන්න.(හේ)