52 හැවිරිදි, ටියුෂන් ගුරුවරයකු තම ගෝලයකුවන 19 හැවිරිදි සිසුවියක, පාළු නිවෙසකට නිතර නිතර රැගෙන යාමේ පුරුද්ද නතර කිරීමට, උඩුගහපත්තුව ප‍්‍රදේශයේ පොලිසියකින් පියවර ගත් බව වාර්තා වේ.
මෙම ගුරුවරයාට අයත් පාළු නිවෙසකට තම වාහනයෙන්, බාල වයස්කාර දැරියන් රැුගෙන එන බවට ප‍්‍රදේශය පුරා කසුකුසුවක් පැවතිණි.
ප‍්‍රදේශවාසීන් මෙය කොටුකර ගැනීමට කිහිප විටක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වී තිබිණි. එහෙත් පසුගියදා ටියුෂන් පන්ති යන බව පවසා ගිය උසස් පෙළ සිසුවිය, මෙම ගුරුවරයා සමග අදාළ නිවෙසට පැමිණ ඇත.
පසුව මේ බව (119) අංකයට දැනුම්දීමෙන් පසු ක‍්‍රියාත්මක වූ පොලිසිය වහාම නිවෙසට යන විටත් යුවළ පෙම් සුව විඳිමින් නිවෙස තුළ සිට ඇත. පසුව මොවුන් දෙදෙනා පොලිසියට රැුගෙන විත්, කළ ප‍්‍රශ්නකිරීම් වලදී පවසා ඇත්තේ, මෙය දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවන්නක් බවයි.
මෙම පුද්ගලයා ටියුෂන් ගුරුවරයකු නිසාත්, දැරිය පාසල් සිසුවියක නිසාත් මොවුන් දෙදෙනාට තරයේ අවවාද කොට නිදහස් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි. ප‍්‍රදේශවාසීන් නම් පවසන්නේ මෙම සිසුවියට අමතරව විවිධ මාදිලියේ කාන්තාවන් අදාළ ගුරුවරයා මෙම නිවෙසට නිතර නිතර රැුගෙන එන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයාගේ දෙමව්පියෝ ඉන්නේ මොන ලෝකෙද ? (කෞ)
අනේ කාලේ, වනේ වාසේ! (නි)
අපෙ රටේ දැන් වෙන දේවල් ගැන අහන කොට, බලනකොට,ඕක ඉතින් එතරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි.(ම)
නිලූ ආදරයට වයස සීමාවක් නැනේද එක නිසා තමයි අද ගොඩක් ගෑනු ළමයි නන්නත්තාර වෙන්නේ අනිතිමට එ්කට කරගහන්න වෙන්නේ අහිංසක කෙනෙක්ට ඔයත් එහෙම කෙනෙක්ද ආදරේ කියන්නේ අපේ කාලේ විදියටනම් පාක් එකකට ගිහින් කතා කරන එක නැත්නම් ෆිල්ම් එකක් බලන්න යන එක නැතුව නොහොබිනා අයත් එක්ක නොහොබිනා වැඩ කරලා දෙමව්පියන්ගේ මුහුණෙත් දැලි ගැන එක නෙමෙයි (බ)
කාලය වෙනස් ලෝකය වෙනස් මේවට පොලිසි උසාවි ගානේ යාම ප්‍රශ්නය තවත් දික් ගැස්සවීමක් පිළිතුර ඇත්තේ කාලයට අනුව සමාජ විපර්යාස වලට අනුව ඒ සුදුසු අධ්‍යාපනය ප්‍රතිව්‍යුහ ගත කිරීම කියලයි මගේ අදහස ලිංගික අධ්‍යාපනයට ආසියාතික රටවල ඇත්තේ ඉතා අඩු නැඹුරුතාවක් බලධරයිනි දෙමවුපියනි මෙන්න මේවට සුදුසු විසදුම් සොයන්න .... එසේ නැතුව මානුෂීය හැගීම් පොලිස් පොතෙන් හෝ උසාවියෙන් ගුටිබැට දීමෙන් වළක්වන්න බැරිබව කරුණාවෙන් සලකන්න (බ)
සමන්ති වාගේ ගැහැනුන්ට මඩු වලිගෙත් මදිවෙයි වාගේ පිටේ හම අරින්න.අනේ අපේ ධර්මදීපයට වෙලා තිබෙන සන්තැසිය.....? (බ)
මේකට කියන්නේ ආදරේද ? (බ)
දෙදෙනාම වැඩිහිටියන් නම් , සිද්ධිය සිදුවන්නේ දෙදෙනාගේම කැමැත්තෙන් නම් , නීතියට පටහැනි නොවේ , මේවා දියුණු රටවල සාමාන්‍ය සිද්ධීන් (බ)
නිලූ,මෙතන ගුරුවරයා එක්කෙනෙකුට නොවෙයි ආදරය කරලා තියෙන්නේ.ආදරයේ නාමයෙන් බාල වයසේ ළමුන් තමන්ගේ ආශාවන් සන්තර්පණය කර ගැනීමට උපයෝගී කරගෙන තියෙන්නේ.(කෞ)
තමාගේ ගෙදරට කාන්තාවක් ගෙන ඒමට අයිතියක් නැද්ද? (නි)
ඉස්සර 2500 පවුලක් ජීවත්වෙන්න පුළුවන් කියපු තුමා ටියුෂන් දෙන කාලේ ගැහැණු ළමයි දෙතුන් දෙනෙක් සමග ඔය වැඩේ කොලා. අපි නම් නම් ගම හිටන් දන්නවා .(කෞ)
මිනිහ හරිම වාසනාවන්තයෙක් (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ බාලවයස්කාර දැරියක් නෙමෙයිනේ. ඒගොල්ලන්ගේ පුද්ගලික ජීවිතයනේ (නි)
අනේ මෙහෙමත් දිසාපාමොක්ලා? (නි)
රස්සාවකට සම්මුඛ පරීක්ෂණයකට ගියොත් ඉස්සෙලම අහන්නේ අධ්‍යාපන සුදුසුකම් නමුත් ඊටත් වැඩියේ වටිනවා පෙර සේවා දැනුම. දැන් විවාහයත් ඒ වගේ තමයි පෙර සේවා දැනුම නැතුව විවාහ වුණොත් අනාථ තමයි. බැඳපු මිහිහට මළමිනියක් බැඳන් වගේ තමයි ඉන්න වෙන්නේ. මේ ගුරුවරයා කරලා තියෙන්නේ ප්‍රැක්ටිකල් දැනුම ලබා දෙන එක. බලපුවාම වරදකුත් නැහැ. (බ)
ලැජ්ජයි මේ සමාජය ගැන.(හේ)
පුදුම රටක් තමයි (හේ)
සරසි ඔයා හරි 19ක් කියන්නේ පොඩි වයසක් නොවෙයි ඉන්නේ පිරිමියාට බැනලා වැඩක් නැහැ මේ වයසට ඉගෙන ගන්න දේට හිත යොමු කරන්න ඕනෑ (ම)
අද ඉන්න ටියුෂන් ගුරුවරුන්ගෙන් බොහෝ දෙනෙකු විවිධ හොර ජාවාරම් සහ අපචාර වලට සම්බන්ධය , ටියුෂන් පන්ති තහනම් කිරීමට කාලය පැමිණ ඇත (බ)
දැන් කාලේ ළමයි, ටියුෂන් යනවා කියලා හනිමූන් යනවා වාගෙයි.මේකෙන්ම පේනවා අද කාලේ සදාචාරය කෙතරම් පිරිහිලා තිබෙනවාද කියලා.වයසක ගුරුවරයා මෙතරම් දෙයක් කරනකම් දෙමව්පියන් මක් කළාද...?ළමයිගෙනුත් කැමැත්තෙන් වුණ දේවල් නිසා ගෙවල් වලට ගිහින් කියන්නේ නැතුව ඇති.මෙවැනි ගැහැණු ළමයිව කසාද බැඳ ගන්නා පිරිමින්ට ඉතින් දෙයියන්ගේම පිහිටයි.! (බ)
සිල්වා, මහදැන මුත්තා වගේ බොහෝ දෙනෙකු හොර ජාවාරම් සහ අපචාර වලට සම්බන්ධ වුනහම එකී ක්ෂේත්‍රය තහනම් කරනවා නම් එහෙනම් දියවන්නාවත් තහනම් කරන්න වේවි. (බ)
රාගය ඉහ වහා ගිහිල්ලා, නෑදෑ, මිතුරුකම්, වයස් බේදයක් නැති තරම්. බොහොම පරිස්සමින් ජීවත් විය යුතුය. දැන් මිනිස්සුන්ට කර්මඵල ගැන විශ්වාසයක් නැති තරම්, අවසානයේදී අපායෙන් තමා අවසන් වෙන්නේ. (කෞ)
මේ සිසුවියගේ වැඩිහිටියන්ට තමයි අර මඩුවලිගයෙන් තලන්න ඕන. බහුතරයක් අම්මලා හිතන්නේ අත දිග ඇරලා උපකාරක පන්ති වලට වියදම් කළාම ළමයාගේ අනාගතේ සුරක්ෂිතයි කියලා. අවුරුදු පහේ දැරියගේ සිට වයස 80 ආච්චිටවත් ආරක්ෂාවක් නැති රටේ , තමන්ගේ දැරිවිට තිබෙන අමතර ගමන් බිමන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනබව දැනගෙන ඉඳලා නැහැ. ඒ මදිවාට ගුරුවරයාට සිසුවිය උගන්වන්න බාර දෙන්න කලින් ඔහු ගැන කිසිම පෙර විපරමක් කරලාත් නැහැ . එහෙම නම් මේ ගෑනු පලහිලව් ගැන කලින්ම ආරංචි වෙනවානේ. (අ)
අවුරුදු 18ට වැඩි කාන්තාවක් සමග ඇයගේ කැමැත්ත තිබේ නම් ඕනෑම දෙයක් ලංකාවේ නීතිය අනුව කළ හැකියි. මෙහිදී පොලිසිය කර ඇත්තේ වරදක් අපහාස කිරීම යටතේ පොලිසියට විරුද්ධව පියවර ගත හැක (බ)
අසල්වාසීන් වැඩකරන්නේ හරියට මේ දෙන්නා ඔවුන්ගේ දෙයක් පාවිච්චි කරනවා වගේනේ. (බ)
ගෝලය කැමැත්තෙන්ම ආපු පාඩමක් නිසා හොඳින් ඉගෙනගන්න ඇති. මුලින්ම මේ පාඩම ඉගෙනගෙන ,පස්සේ ජීවිතය ගැන පාඩම නිකම්ම තේරේවි ඉතින් අපේ මොකෝ , ඇත්තෝ කති බොති නැත්තෝ හූල්ලති ගෝලයට මොලේ නැතුව නෙවි (බ)
කාන්තා පක්ෂයත් කැමැත්තෙන් එනවා නම් ඉතින් මෙතන පිරිමියාට විතරක් චෝදනා කරන්න බැහැනේ. ඔන්න බාලවයස්කාරියක් නම් හිතන්න පුළුවන් එතන නීතිමය වරදක් ඇති නිසා. (නි)
ආදරයට වයස් සීමාවක් නැ කුහක වෙන්න එපා විඳින අයට විඳින්න දෙන්න (අ)
බටහිර රටවල ලිංගික ඇසුර පුද්ගලික අයිතියක් . තමා අැසුරු කරන පුද්ගලයන් ගණන විවාහයට බාදාවක් නොවේ. විවාහවූ පසු තවදුරටත් එසේ කළොත් කැමැතෙන් වෙන් විය හැක (බ)
අනේ මේ ගමේ යට වෙන වැඩ නැහැනේ,, 119 කියන්නේ වැදගත් දෙයක් ලොකු අපරාදයක් කියන්න තියන තැනක්...මේ දෙන්නට පාඩුවේ වැඩ කරගන්න දෙන නැත්තේ හරියට ගමේ අයගේ පොදු දේපලක් වගේනේ.(අ)
ආදරයට වයස් සිමාවේ විතරක් නෙවෙයි ගැහැණු සංඛ්‍යාෙවත් සීමාවක් නැති වුණ එකනේ ප්‍රශ්නය නිලූ! (අ)
මෙය නිලුගේ දුවෙකුට හෝ සහෝදරියකට වුණානම් ඔයා මොකද කියන්නේ ??? (බ)
බන්දුල උගුරට හොරා බෙහෙත් බොන්න එපා.බොහෝ දෙනෙනෙකුගේ පහස ලබපු මහිලාවක් නොවෙයි, තමන් කසාද බඳින දවසේ බොහෝ පිරිමින්,විවාහ වෙන්නට බලාපොරොත්තු වන්නේ,පිරිමියෙකුගේ ඇඟිලි තුඩක් වත් නොවැදුන,පිරිසිදු නිර්මල කන්‍යාවක්.මෙයයි ඇත්ත තත්වය.තමන්ගේ මොනවා හරි අඩු පාඩුවක් තිබුනොත් වරදට සමාව කියලත් කියයි. (බ)
මෙන්න තවත් සිංහ ලේ වැඩක්. (බ)
ගත්තනම් අර කියන මඩු වලිගෙ.(බ)