අගනුවර බැංකු රැකියාවකට ගිය ලොකු පුතා මාතර පිහිටි සිය නිවසට ආවේ මාස ගණනකට පසුවය. උදේ පාන්දර පත්තරකාරයා යන මොහොතේ අක්කාගේ පොඩි දුව ‘විජය’ පත්තරයක් අරගෙන දෙන්නැයි කියනවා ඔහුට ඇසිණි. ගෙදර අයගේ අවධානයක් නොවුවත් ළිඳ ළඟ රැවුල බාමින් සිටි ඔහු පියාට කීවේ මේසය මත ඇති තම පොකැට්ටුවෙන් මුදල් ගෙන ඇයට පත්තරයක් මිලදී ගෙන දෙන ලෙසය. මුදල් ගැනීමට පොකැට්ටුව විවෘත කළ පියාට දෙවියන් සිහිවූයේ එහි ප්ලාස්ටික් වැස්ම තුළ රූමත් කාන්තාවකගේ සිනාමුසු පින්තූරයක් වීම නිසාය. මිනිබිරියට මුදල් දෙන ගමන් ඔහු තම බිරියට අඬගසා මේ රූපය පෙන්වා ‘‘හෙමිජ්ජ වගේ හිටියට ලොකු පුතත් එක්කෙනෙක් තෝරගෙන’’ කීවේ සිනා සෙමිනි. පින්තූරයට එබී බැලූ බිරියට හිනා ගියේ මේ ලොකු පුතා පි‍්‍රයකරන ටෙලිනාට්‍ය නිළියකගේ පිංතූරයක් හෙයිනි. ඒත් මේ කතාව මවගෙන් පුතාටත් පුතාගෙන් කාර්යාල මිතුරන්ටත් යාම නිසා දැන් පියාට නිකම් මොකද්ද වගේ ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපසේන මහත්තයෝ ලියන්න දෙයක් ඇත්තෙම නැත්නම් නොලියා ඉන්න......ලොකු උදව්වක්. (දී)
දුමින්ද කිව වගේ එක මතක නැ වගේ හිටියම හරි (දී)
නිළියන් කොහේ අදුරන්නද ? එක නාට්‍යක රගපාපු ගමන් එයාලා යන්නේ අහසෙන්නේ (දී)
ඔය නිලියගේ නම කියන්න බැරිද?මම අඳුනන කෙනෙක්ද කියලා බලන්න (දී)
මට නිකං කැරකිල්ල වගේ....(නු)
කොල්ල හොයනවා ෆොටෝ එක.. ඒක බැලින්නම් තාත්තාගේ පර්ස්එකේ..!!(නු)
ඔය කවුරුත් හදුනන කෙනෙක්ගෙ ඡායාරෑපයක්- දෙනවක හාමිනේගෙ..(නු)
නිකං කැත කතා කියන්න එපා ඒ තාත්තට....!!(නු)
තිහගොඩ උපසේන ලියනගම වෙන වැඩක් නැද්ද (අ)
ආචාරියතුමාගේ මොලේ තරම හිතාගන්න පුළුවං.. ඇත්තටම බුද්ධිමත් කෙනෙක් කියලා සමහර අදහස්වලින් අපි හිතාගෙන හිටියා.. නමට ඉස්සරහිං පට්ටම් දාගත්තට බුද්ධිමතෙක් වෙන්නෙ නැහැ.. (නු)
ෂා............වැදගත් ප්‍රවෘත්තියක්. (නි)
තාත්තට මොනවද වුණේ? අපිට නම් ලංකාවේ ටෙලි නිළියකගේ පින්තුරයක් දැක්ක පළියට එහෙම වෙන්නේ නැහැ. (නි)
මේක ලියපු කෙනාට නිකන් මොකක්දෝ මොකක්දෝ වගේ හිතෙන්නේ නැද්ද දන්නේ නැ ... (දී)
ආචාර්ය පට්ටම් තිබුණටම ආචාර්යතුමා වැඩක් නැහැ (දී)
මම ලංකාදීපයට ගොඩක් කැමතියි. ඒත් මේ වගේ මොන්ටිසෝරි කතන්දරවලින් ලංකාදීපයේ අභිමානය නැතිකර ගන්නවා. (දී)
කවුද අනේ ඒ නිළිය ???(ස)
විදේශවල ලේඛකයෝ ඕන තරම් ලියලා තියෙනවා. (අ)
නොවැදගත් දෙයට ඇයි මේ තරම් අදහස් ගලාගෙන එන්නේ ??? (නි)
නම ලියනගම වුණාට ලියන්නේ ලාබ ප්‍රවෘත්ති. ජගත් මහතා කියන දේවල් හරි (අ)
නිළියගේ ෆොටෝ එක දැක්කහම තාත්තට මොකද දන්නේ නැහැ වුණේ? (නි)
දැන් ගොඩාක් කොල්ලෝන්ගේ පර්ස්වල තියෙන්නේ මගේ ෆොටෝ කියලා ලඟදී දවසක කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා.මම දැන් ගොඩාක් ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය නිසා පිරිමි ළමයින්ගෙන් හරියට යෝජනා එනවා.පාරේ බැහැලා වත් යන්න බැහැ.පස්සෙන් එනවා ආදරය ඉල්ලගෙන. (නි)
පිස්සු නැත්තම් ෂෝක් නේද? (නි)
මේවටත් අදහස් දානවනේ..!!(නු)
නියම කතාව (දී)
මේක අහල අපිටත් මොකද්ද වගේ....(ස)
මේක සාමාන්‍ය සිදුවීමක් නේ.....(ස)
කිචි කිචි වගේ....අපිටත් නිකන් මොකක්ද වගේ මෙයා....නිලිය කවුද අනේ මෙයා.....(ස)
තාත්තට නිළිය නලියනවා වගේ පෙනුනද දන්නේ නෑ.....(ස)
මොකක්ද මේකේ වැදගත්කම,,,, .(ස)
නිළිය දැකල මෙහෙමනම් රූ රැජිනව දැක්කනම් කොහොම වේවිද ???.(ස)
නොවී තියෙයිද (දී)
අනේ අපිටත් පෙන්නන්නකෝ. (නි)
ටෙලි නිළියකගේ රූපයක් දාගත්තේ මොකද ??.(ස)
ඒ අපේ ආච්චිගේ ෆොටෝ එකද ? (ස)
'දැන් පියාට මොක්කද වගේලු...." (දී)
අනේ මටත් ආසයි නිළියකගේ පින්තූරයක් පොකට් එකේ දාලා තියාගන්න. (නි)
"දැන් පියාට නිකම් මොකද්ද වගේ ලූ." අනේ ඉතින් මොකක්වගේද ??????
අල්ලපු රටේ නිළියක්ද ??(ස)
පියා සිතන දේ කොහොමද දන්නේ..? අනික, ටෙලිනාට්‍ය නිළියන්ට පිස්සු වැටුනු කොල්ලො ලංකාවේ නෑ දැන්.. (නි)
පියා සිතනදේ කොහොමද දන්නේ.. අනික.. ටෙලිනාට්‍ය නිළියන්ට පිස්සු වැටුනු කොල්ලෝ ලංකාවේ නෑ දැන්.. (ස)
වෙන ප්‍රවෘත්තියක් දාන්නකෝ. (නි)
කවුද කියලා කියන්න බැරිද? (නි)
මොකද දන්නේ නැහැ මොකක්ද වගේ වෙලා තියෙන්නේ. (නි)
මට මොකක්ද.....මොකක්ද ..වගේ ,,,,, (දී)
මේක අහල දැන්නම් මටත් මොකක්ද වගේ . (දී)
අද කලේ නිළියන්ව කව්ද අදුරන්නේ (දී)
මට මහා මොකද්ද වගේ (දී)