දකුණේ පිටිසර බද විදුහලකට පැමිණි විදුහල්පතිවරයකු තමාගේ කිලිටි ඇඳුම් සේදීම සඳහා පාසල අසල ධනවත් වැවිලිකරුවකුගේ රූමත් දියණියට යැවීමේ පුවතක් දකුණේ එක්තරා ගම්බද විදුහල්කින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
නගරබද විදුහලක සේවය කළ තරුණ අවිවාහක විදුහල්පතිවරයෙක් දේශපාලන හේතූන් මත ගම්බද කුඩා විදුහලකට ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණ ගුරු නිවාසයේම පදිංචි වූයේය. එම විදුහල ආසන්නයේම තිබුණේ රෙදි සෝදන ඩෝබි නිවසකි.
ඉඩම් හිමි වැවිලිකරුට රූමත් දියණියක් සිටි අතර ඇයට ගමේ සියලුදෙනා කීවේ ‘බේබි’ යනුවෙනි. රෙදි සෝදන නිවසට ගැමියන් කීවේ ‘පෙත්තරේ’ යනුවෙනි.
මෙම විදුහල්පතිවරයා තමාගේ කිළිටි ඇඳුම් සෝදා ගැනීමට ක්‍රමයක් ගැන විමසූ විට ගුරුවරුන් පැවසූවේ පාසල ආසන්නයේ පාලම ළඟ ඇති නිවසට පෙත්තරේට (ඩෝබිලයි ගෙදර) යවන ලෙසය.
පසු දිනෙක විදුහල්පතිවරයාගේ කිළිටි ඇඳුම් ටික බෑගයක දමා විදුහලේ දරුවකුට කථාකොට මේ රෙදි ටික ඉරිදාට පෙර සෝදා දෙන ලෙස පවසා ඩෝබිලයි ගෙදරට ගෙනගොස් දෙන ලෙස කීය.
මේ දරුවා ඩෝබි යන්න දන්නේ නැත. දරුවා හිතුවේ පාලම අසල බේබිට ගෙනගොස් දෙන ලෙස විදුහල්පතිතුමා පැවසූ බවයි.
දරුවා රෙදි පොට්ටනිය රැගෙන බේබිලාගේ නිවසට යන විට එළියේ රැඳී සිටියේ ඇයගේ මව පමණි. රෙදි මිටිය ඇයට දී මේ රෙදි ටික බේබිට දෙන ලෙසත් ඉරිදාට ආපසු අවශ්‍ය බව විදුහල්පතිතුමා පැවසූ බවත් කීවේය.
එය ඇසූ බේබිගේ මවට දෙවියන් සිහිවිය. ඇය වෙව්ලමින් දත්මිටි කමින් රෙදි පොදිය ගෙන තාප්පයෙන් එළියට විසි කළේය. මේ සිද්ධිය ගැන පැවසීමට වෙනත් කටයුත්තකට එළියට ගොස් සිටි සැමියාටද පැමිණෙන ලෙස දන්වා සේවකයෙකු යැව්වාය.
පසුව රෙදි පොට්ටනිය සොයාගත් දරුවා අඬමින් ආපසු පාසලට ගොස් සිද්ධිය පැහැදිලි කළේය.
සිද්ධිය ඇසූ විදුහල්පතිවරයාට හීන් දාඩිය දැම්මේය. කර කියාගත හැකි දෙයක් නොමැති වූ විදුහල්පතිවරයා පාසලේ ගුරුවරියන් දෙදෙනකු ද කැටුව එම නිවසට ගොස් සිදුවූ වැරදීම පවසා බේබිලාගේ මවගෙන් හා පවුලේ සැමගෙන් බැගෑපත්ව සමාව ගෙන විදුහලට පැමිණ සැනසුම් සුසුමක් හෙලුවේය.
කෙසේ හෝ මේ ගැන දැනගත් විදුහල්පතිගේ හිතවතුන් බේබිට රෙදිටික යවමුදැයි අසනවිට ඔහු පවසන්නේ ඕන දෙයක් කියාපල්ලා ඕක නං කියන්න එපා යනුවෙනි.
රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ඩෝබි’ වැඬේ බේබිගෙන් ගන්න ගිය විදුහල්පති අමාරුවේ