ඔහු ගොවිජනපදයක පදිංචි වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ගොවීහු විශාල පිරිසක් ඔහුගේ කඩෙන් ගනුදෙනු කළෝය. සමහරු ණය තුරුස් ගෙව්වේ යල මහ වී අස්වනු නෙළු පසු හෝ මුං, කව්පි, බඩඉරිඟු, එලවළු, කෙසෙල් වැනිදේ විකිණීමෙන් පසුය. මුදලාලී ණයට දීමට මැලි නොවීමත් ගොවීන් ණය නොදී පොලූ නොතැබීමත් නිසා කඩ හිමියාද සාර්ථක වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විය. එක්තරා පුද්ගලයෙක් මේ කඩෙන් ගනුදෙනු කළේ දෙන්නන් කාසියටයි. මේ නිසා ණය පොතේ පිටුවක් ඔහුගේ නමින් වෙන්වී ඉලක්කම්වලින් පිරුණි. රුපියල් තුන්දාහක් පමණ ණය පොතේ ලියවුණි. පුද්ගලයා දෑන් කඬේ පැත්තේ එන්නේ කලාතුරකිනි. ඒත් මුදලාලි ණය ගැන මතක් කළේ නැත. වසරක් පමණ ගතවුණි ණය නොගෙවූ නිසා ඔහුට ණයට බඩු දීම නතර කළේය. එහෙත් හිතවත් කමට හානියක් නොකළේය. මේ පුද්ගලයා පසුගියදා සිය පුතාගේ මංගල උත්සවයට ආරාධනා කළේය. මුදලාලී ඉතා සතුටින් බාර ගත්තේය. නියමිත දින ජැන්ඩියට සැරසී මුදලාලීද හෝටලයේ පැවති මංගල සාදයට එක් වුයේ ඔහුගේ බිරියත් සමගිනි. හොඳහැටි සප්පායම් වූ මුදලාලි ලියුම් කවරයක් තුළට ඇක්සයිස් පොතක පිටුවක් දෙකට තුනට නමා දමා අලවන අයුරු කීප දෙනෙක් දුටුවෝය. මොකද මුදලාලි ජෝඩුවට උපදෙස් ටිකකුත් තෑග්ගත් එක්ක තෑගි කළාද මුදලාලීගේ හිතවතෙක් කනට කර ඇසුවාලූ. මුදලාලි එවිට පිළිතුරු දුන්නේ මෙසේලූ. මනාලයාගෙ තාත්තා මගේ කඬේට රුපියල් තුන්දහක් පොල්ලක් තියලා ඒ පොල්ල තමයි මම කවරේ ඇතුළට දැම්මේ. මුදලාලි ලියුම් කවරේ මනාලයාගේ පියාට දුන්නාලූ. සිද්ධිය දුටුවෝ ආපසු එද්දී නියම වැඬේ කියා බඩවල් අල්ලාගෙන සිනාසුනාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයෙ පෙරේද ලියපුවාට වඩා අද ටිකක් හොදයි වගේ....
ශ්‍යාමිලා කපටිකමක් තවත් කපටිකමකින් යටපත් කිරීමට මම නම් හොද ක්‍රියාවක් ලෙස නොදකිමි.
පුතා තාත්තාගෙන් 3000 ඉල්ලා ගනී .
වැඩේ නම් හොදයි.ජෝඩුවට රුපියල් 3000ක්ම දීලානේ
අපරාදෙ මේක කියවන්න ගිය කාලය....
අකේ මුදලාලි මම ඔයාගෙ ණය සල්ලි නොදෙයි කියලද හිතුවෙ. නැහැ නැහැ ගොවිතැන් ටිකක් පාලුයි. පුතාගෙ මංග්‍යයෙන් එකතුවුණ සල්ලිවලින් ණය ටික ගෙවලා දාන්න හිටියෙ...
අනේ මුදලාලි , එහෙම කළේ ඇයි.. ඔයාගෙ තත්ත්වයටත් බාල්දුයි නේද? මමනම් ඒ වැඩේට කම්පා වෙනවා අත්තමයි...
මුදලාලි ... වැඩේ කැතයි... බාලයි.. මගුල් ගෙදරට ආරාධනා කළේ හොද හිතින්...
රජ වැඩකාරයෙක්නේ.හොද වැඩේ
ඉතා හොද පුවතක්
මෙලෝ රහක් නෑ
අද නම් පොඩ්ඩක් හොදය්, ඔහොම යමු !
පොලු පහර කෑමක් හා පොලු පහර දීමක් වගේ ....
මරු !!
පන්සල් ගිහින් කුරුමානන් අල්ලන්නේ පින් පෙට්ටියටද....
පොල්ලට පොල්ලක්
මෙලෝ රහක් නෑ නේ ?
හහ් හහ් හා... ඔය තියෙන්නෙ ටොප් එකක් අහු වෙලා... හෙට දාන්ඩ ටිකක් සෑර වෑඩි එකක්... ගූඩි ලක්
ලංකාවේ වෙනදේවල්වල හැටියට මේවා නිකම් මදි මදි වගේ ..හ්ම්ම් ...කමක් නැහැ ඔහොම යමු
කමක් නැහැ .....තරමක් දුරට සාර්ථකයි ...ඉදිරියේදී ජනතාවගේ හිතට දැනෙන දෙයක් කරන්න..
මේකත් පරණ සීන් එකක්... කළින් පත්තරේක තිබ්බා...