(මොරගොල්ලාගම සිසිර කැලේගම)
තට්ටු නිවාසයක ඉදිකිරීම් වැඩට කොළොම්පුරයට ගිය පෙදරේරුවන් ඇතුළු කණ්ඩායමකට පෙදරේරු කාර්යය පසෙක තබා කාන්තා යට ඇඳුම් සෝදා දීමට සිදුවීමේ පුවතක් ඓතිහාසික යාපහු පුරවයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
කොළොම්පුරයේ සේවයට ගිය පෙදෙරේරුවකුට කොන්ත්‍රාත්තුවක් ලැබුණේ තට්ටු නිවහනක බාගෙට නැවතී තිබෙන වැඩ කොටස් අවසන් කිරීමටය.
ඒ අනුව එම කාර්යය කරදීම සඳහා අදාල කණ්ඩායමත් රැගෙන පෙදරේරුවා ගියේ එහි නැවතී එය ඉටුකරදීම පිණිසය.
පිරිසක් බදාම අනති. තවත් අය බදාම රැගෙන යති. මේසන් බාස්ලා බිත්ති ගොඩනැගීමේ නියැලෙති. කපරාදු කරති. බිත්තිවල සුද මදිති. සියල්ල කඩිනමින් සිදුවෙයි.
ඔවුන් වැඩ කරන නිවස සමීපයේ තවත් නිවහනකි. එය තාප්පවලින් වෙන්වී තිබේ.
එහි වෙසෙන්නේ කුලියට සිටින කාන්තාවන් පිරිසකි.
ඔවුන් උදෑසන සේවය සඳහා පිටත්ව යන්නේ තම සේදූ ඇඳුම් වේළෙන්නට එළියේ වැලට දැමීමෙන් පසුවය.
බදාම රැගෙන උඩට යාමේදී හා බිත්තිවලට බදාම ගැසීමේදී විසිවෙන බදාම කොටස් යාබද නිවසේ ඒ සීමාවේ වනාතිබෙන ඇඳුම් මත තැවරී ඇත. එය දුටු නිවෙස් හිමි කත සිද්ධිය දැක වැඩෙහි නියැලෙන පෙදරේරුවන්ට පෙන්වා දොස් නගන්නට වූවාය.
සිද්ධිය දුටු පිරිස එයට සමාව අයැද සිටියහ.
“සමාව ගත්තට බෑ. මේ ළමයි මගේ දරුවන් නෙමෙයි. ඒ ඇඳුම් සෝදන්න මට බෑ” නිවෙස් හිමි කත ඔවුන්ට දෙහි කපන්න පටන් ගත්තාය.
එන පොට හොඳ නැති බව දැනගත් බාස්උන්නැහැලා කණ්ඩායම තමන් කරමින් සිටි කාර්යය පසෙක තබා තාප්පයෙන් එම ගෙමිදුලට පැන ඒ රෙදි සියල්ල සෝදා පිරිසුදු කර ඒවා තිබූ තැන්වලම නැවතත් වනන්නට ලහි ලහියේ කටයුතු කළේ එම කාන්තාවන් එහි පැමිණීමට මත්තෙන් ඒවා වියළාදීම සඳහාය.
ඇතැම් රෙදිවල තැවරී තිබුණු බදාම කොටස් ඉවත් කරන්නට ඔවුන්ට එක්වී දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවිය.
ඒවා සියල්ලම කාන්තා ඇඳුම් බවත්, ඉන් බොහොමයක් ඔවුන්ගේ යට ජංගි බවත් දැනගන්නට තිබුණි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තට්ටු ගේ හදන්න ගිය බාස්ලා අල්ලපු ගෙදර ඇත්තන්ගේ ජංගි හෝදලා
ශාන් Monday, 27 January 2020 12:02 PM
මොකද්ද මේ භාෂා භවිතය?