නිවසේ නාන කාමරයේ අලූතින් සවිකළ වැසිකිළි කට්ටලය දෙමසකට පසු ගලවා එය අයිතිකරුවන්ට ආපසු බාරදීමට රජරට නව නගරයක පුද්ගලයකුට සිදුවිය.
මෙම වැසිකිළි කට්ටලය පාවිච්චියට ගෙන තිබිණැයි ද පැවසේ.
සිද්ධිය මෙසේය.
නගරයේ ඉදිකැරෙන නව ගොඩනැගිල්ල සඳහා රුපියල් තුන් ලක්ෂයක් වටිනා උපකරණ එහි අයිතිකරු ගෙනැවිත් තිබුණේය. ඒවා ගොඩනැගිල්ලේ කාමරයක ගොඩ ගසා තැබීය. මේ අතර පිඟන් ගඩොලින් සැකැසූ ඒවා රැසක් විය.
පසුගිය දෙසැම්බර් මාසයේදී දිනෙක මෙම උපකරණ තොගය අතුරුදන්ව ඇති බව අයිතිකරුට දැනගන්නට ලැබිණි. ඔහු ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කළේය.
මෙම සොරකම සම්බන්ධ පිරිසක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ ඒවා විවිධ පුද්ගලයන්ට අඩු මිල ගණන්වලට විකුණා දමා ඇති බවයි.
පොලිසිය සැකකරුවන් සමග ඒ ඒ තැන්වලට ගොස් උපකරණ සියල්ල සොයා ගත්තේය. ඒ අතර වැසිකිළි කට්ටලය ද සොයා ගැනීමට හැකිවිය.
එය මිලට ගෙන තිබූ පුද්ගලයාගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ තමන් මෙම වැසිකිළි කට්ටලය වෙළෙඳ පොළේ පවතින මිලට වඩා බොහෝ අඩු ගණනකට ගත් බවයි. එසේ වුවත් එය වැරැද්දකට කළ උදව්වක් විය හැකි නිසා වැසිකිළි කට්ටලය ආපසු ගලවාගෙන යන ලෙස දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවිච්චි කළ වැසිකිලි බද සවිකරන්නත් ට්කක් ගාන සැරයි.(නදී)
අයිතිකරු ඇහැගහගෙන හිටියත් කොපමණ සැලකුවත් සමහර බාස්ලත්, ගෝලයොත් මේ වගේ ජරා වැඩ කරනවා.(නදී)
ටිකක් ගාන වැඩිවුනාම මොකෝ හයි කරන්නේ එක සැරයයිනේ. ලාබ බඩුවේ හිලක් කියන්නේ ඕකට තමයි.(නදී)
කවුද අකමැති අඩු ගානට බඩු ලබා ගන්න. මේවා සාමාන්‍ය සිදුවීම්...(ස)
හිනායන කතාවක්නේ මේක (දී)
ලාභ බඩුවේ හිලක් (දී)
අනේ සිල්වා, මට හිනායන්නෙ නැහැනේ (නි)
සරත්, ඔයාලා වගේ කවදාවත් හිනා නොවුණු අය කොහොමද මෙහෙම දේවල් වලට හිනාවෙන්නේ? (නි)
අයියෝ! අබුද්දස්ස කාලේ කොමඩුත් හොරකම් කරලා නේද? (නි)
ටිකක් සල්ලි ගියත් කමක් නැහැ මොකද ජිවිත කාලෙටම එකයිනේ (දී)
මේ වගේ වැඩ කරන කොට ලාබය ගැනත් හිතන්න ඕනේ (දී)
මේවා හොද පාඩම් (දී)
ඉෂාර, ඔයා හරි. (නි)
අපෝ සිල්වා කරවෙනවා.(නදී)
කන බොන දෑ පිට කරන්න එම සමාජ තත්ව අනුව මිලක් තිබෙනවා. අඩු වියදමින් වෑඩි සුඛෝපභෝගිත්වයෙන් එය පිට කරන්න යන අයට හොද පාඩම්.(නදී)
මේ වගේ දේවල් සැලසුම් කරන්න හිතන් ඉන්න අයට හොඳ පාඩමක්... (ස)