මීරිගම ප‍්‍රදේශයේ වූ තම ව්‍යාපාරික ආයතනයේම සේවකයකු සමඟ නොගැළපෙන විවාහයක් කර ගැනීම නිසා පියා විසින් මේ දියණිය පවුලෙන් එළවා දමා තිබිණි. ඇයට අනුකම්පා කළේ පියාගේ නංගී වූ නැන්දා පමණි. පසුගියදා නැන්දා ලේලියට කීවේ පියා රිය ගැටුමකට ලක්ව රෝහල් ගතකොට ඇති නිසා ඔහු බැලීමට ගොස් පැරණි අමනාප දුරුකර ගන්නා ලෙසටය. තම බිලිඳු දියණිය සමග තෑගි භෝගද රැගෙන එහි ගිය දියණිය නැන්දා කී ආකාරයට පියාගේ නම කියා රෝහල් වාට්ටුවේ ඇඳ සොයා ගත්තාය. ගෙන ගිය කෑම බීමද එහි තැබුවාය. එහෙත් රෝගියා ඇඳේ නොවීය. අසල වූ අය කීවේ ලෙඩා පවුලේ අයගේ උදවුවෙන් කැසිකිළියට ගොස් ඇති බවකි. මොහොතකින් රෝගියා ඇඳවෙත ආවත් ඇයට දෙවියන් සිහිවූයේ ඒ පියා නොවන හෙයිනි. තොරතුරු විමසීමේදී මේ පියාගේම නම ඇති රෝගියෙකු බවත් පියා ටිකට් කපා පිටව ගොස් ඇති බවත් දැනගත් ඇය තෑගි බෝග එලෙසම තිබියදී ආපසු ගියාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයෙක් හරි මේ උරචක්‍රමාලය දා ගත්තට තාත්තත් යටි හිතෙන් කැමති ඇති. (නි)
සිවකන්ත්, මෙතනට ජාතිවාදය අනවශ්‍යයි. (නි)
මටත් උනා ඔය වගේම වැඩක් (දී)
මොකක් වෙනුවෙන්ද මේ දේවල්. පොඩ්ඩක් හිතන්න (දී)
පව් අසරණය (දී)
පවුලක් තුළ සිදුවූ සාමාන්‍ය සිදුවීමක්. (නි)
මෝඩ කෙල්ල. ලෙඩාව බලන්න යන්න කලින් ඩිංගක් හොයලා බලන්න එපැයි. (නි)
මොහොමඩ්, හරියට මුස්ලිම් අය වගේ. හෙමින්ම පල්ලියක් අටෝ ගන්නවා. ඊට පස්සෙ උදෙත් නැහැ. රෑත් නැහැ. ලවුඩ්ස්පීකර්යක් බැඳගෙන කෑ ගහනවා. ඊට පස්සේ ඒ පළාත එයාලගේ කර ගන්නවා. නියමෙට ගැළපෙනවා. (නි)
මොකද සේවකයන්ට බදින්න හොද නැද්ද? ඒ ගමන්ම ගෙදර ගියානම් ඉවරනේ .පවු කෙල්ල. (නි)
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි " කියලනේ බුදු බණේ තියෙන්නේ.. (ස)
මොන වැරැද්ද කළත් දෙමවුපියන්ට දරුවන්ව වටිනවා. (නි)
උත්සාහය නම් හොඳයි.. (ස)
හිමිහිට ගෙදරට ඇතුල්වෙන්න තමයි ඔය වෑයම. ඊට පස්සේ තාත්තාට බබාව පෙන්නලා බෑණවත් නිවසට ඇතුල්කර ගනියි. ඉන්පස්සේ වෙනදේ දන්නවනේ. බෑණා මාමණ්ඩිව ගෙදරින් එළවලා දානවා. ඒ මනුස්සයා හොද කෙනෙක් වෙන්න ඇති. ඒ හින්ද තමයි දෙවියෝ බේරලා තියෙන්නේ. දෙමාපියන්ට ප්‍රචණ්ඩත්වයක් පෙන්වන අයට දෙවියන්ම හොද පාඩමක් ඉගැන්විය යුතුයි. නැත්නම් අනෙක් මිනිස්සුත් පාරවල් ගානේ නිකං අසරණ වෙනවා. (නි)
බොරුනම් කියන්නේ එපා. මමනම් නෙමෙයි ඒ... (ස)
දෙමව්පියන්ට විරුද්ධව විවාහයක් කර ගැනීම දෙපාර්ශවයටම වේදනා ගෙන දෙන්නක්.. (ස)
සමහර තැන් වල දුවට බබා ලැබුණම දුක හිතී ආපහු අම්මලගේ ගෙදර එන්න කියනවා.ඊට පස්සේ ටික දවසකින් බෑනත් හෙමිහිට එනවා .පුතත් එහෙමයි ටික දවසකින් ලේලිව එක්ක එනවා...(ස)
දියණියගේ හොද වෙලාව තවම ඇවිත් නැහැ වගේ නේද? (නි)
ඉගිලිලා ගොසින් කුරුලු කූඩුවක් තනා නැවත එන්න පියඹලා දුවේ.... (නි)