IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


තාත්තගෙ නොම්මරේ කියා ටියුෂන් සර්ට මිනි පෙට්ටි කඩේ අංකය දීලා

දකුණු පළාතේ බෙන්තොටට නුදුරු පෞද්ගලික උපකාරක පන්තියකි. මෙහි ගුරුවරයා තම පන්තියට එන සිසුන්ගේ අඩුපාඩුකම් ගැන ඔවුන්ගේ මවුපියන් සමඟ දුරකථනයෙන් හෝ සාකච්ඡා කිරීමද පුරුද්දක් කර ගෙන තිබේ.
මෙම නව වාරයත් සමඟ එම පන්තියට ඇතුළුවී සිටි සිසුවකු දඩබ්බර වූ අතර ඔහු පන්ති පැමිණීමද දුර්වල වී තිබිණි. ඒ ගැන ඔහුගේ මවුපියන් දැනුම්වත් කිරීමට සිතූ ගුරුවරයා එම සිසුවා විසින්ම ලබාදී තිබූ ඔහුගේ පියාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේය. එදිනද එම සිසුවා පන්තියට පැමිණ තිබුණේ නැත.
ඇමතුම ගත් ගුරුවරයා හලෝ.....ඔය (ළමයාගේ නම කියා) ශිෂ්‍යයාගේ ගෙදර ද? යැයි විමසීය.
එවිට ගුරුවරයාට ලැබුනේ ඔය කවුද ? අපිට එහෙම ළමයෙක් නැහැ. මේක මිනී පෙට්ටි කඩයක්. මොකද මිනී පෙට්ටි  ඕඩරයක්ද? යන පිළිතුරයි.
අංකය වැරදි ඇතැයි සිතූ ගුරුවරයා යළි සිසුවා පුරවා දුන් පන්තියට ඇතුළත්වීමේ අයදුම්පතේ සඳහන් ඔහුගේ නිවසේ දුරකථන අංක යළි පරීක්‍ෂා කළේය. එහි තිබුණේ ද එම අංකය වූ අතර ගුරුවරයා යළිත් එම අංකයට ඇමතුමක් ගත්තේය. එවරද ලැබුණේ කලින්ම ලැබුණු පිළිතුරමය. එය ප‍්‍රදේශයේ මල්ශාලාවක දුරකථන අංකයයි. සොයා බැලීමේදී හෙළිවූයේ එම මල්ශාලාවේ නාම පුවරුවේ එම අංකය විශාල ප‍්‍රමාණයෙන් සැමගේ නෙත ගැටෙන සේ සඳහන් කර ඇති බවයි. සිසුවා එම අංකය ගුරුවරයාට ලබා දී තිබිණි.
කෙසේ හෝ මේ බව සෙසු ළමයින්ගෙන් දැනගත් දඩබ්බර වූ එම සිසුවා යළි එම පන්තියට පැමිණියේ ද නැත.



අදහස් (0)

තාත්තගෙ නොම්මරේ කියා ටියුෂන් සර්ට මිනි පෙට්ටි කඩේ අංකය දීලා

පැතුම් Tuesday, 05 March 2013 10:54 AM

දඩබ්බර කොල්ලෙක්කේ තවත් කොලු වැඩක් (ස)

:       0       0

රූපාවතී Tuesday, 05 March 2013 03:57 PM

කොල්ල දන්නවා කර යුත්තේ මොකද්ද කියන එක (ස)

:       0       0

රත්නායක චිචාගෝ සිට Tuesday, 05 March 2013 10:12 PM

කරුණාකරලා ඉක්මනටම ඒ ළමයාගේ දෙමාපියන්ව හොයලා දැනුවත් කරන්න නැතිනම් ලොකු විනාශයක් ඒ ළමයටත් සමාජයටත් සිදවේවි.පුද්ගලික උපකාරක පන්තියේ ගුරුවරයා විනයක් ඇති ගුරුවරයෙක් බව පේනවා එවැනි ගුරුවරු සිටීමත් ජාතියේ වාසනාවක්.කොහොම හරි ළමයාගේ දෙමාපියන් හොයාගෙන දැනුවත් කරලා ඉක්මනින්ම ළමයව යහමග යවන්න ඕනනේ.ඒවගේම ළමයව හොදට නිරීක්ෂණය කරන්න ඕනනේ. එහෙම නොවුනොත් තව ටික දවසකින් තවත් සක්විතෙක් හෝ පාතාල නායකයෙක් වෙලා ලංකාදීප එසැණින් පුවත් වලටත් ඔය ළමයා ඒයි.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 07 March 2013 05:39 AM

කොල්‍ලෙ කියන්නේ කොල්ලන්ට. (නි)

:       0       0

මහේෂ් Wednesday, 06 March 2013 04:56 PM

කවුද දන්නේ ඒ ළමයාගේ ඇත්ත තාත්තමද කියලා? (නි)

:       0       0

රත්නායක චිචාගෝ සිට Wednesday, 06 March 2013 05:16 PM

දිසානායක මහත්තයට කියන්න තියෙනේ ළමයින්ව විනයානුකුලව හදාගතේ නැත්තම් වෙනදේ මොකක්ද කියලා පොඩ්ඩක් වැලිකඩ හරි බෝගම්බරට (ඇතුළු වෙන්නම් පාලන අධිකාරියෙන් අවසර ගන්න ඕනෑ) හරි ගිහිල්ලා බලන් එකයි. ඇත්තටම ඔවුන් කරපු දේවල් වලට අද දුක් වෙන සිරකරුවන් 10 එක්ක කතා කළොත් 9 දෙනෙක්ම වගේ කුඩා කාලයේ වැරදි කරලා කට්ටි පැනපු හරි දෙමාපියන්ගේ වැරදි හෝ අඩු අවදානය නිසා නොමග ගිය අය බව පැහැදිළි වේවි. (නි)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 11:16 AM

රත්නායක මහත්තයා ඉක්මනට ලංකාවට ඇවිත් දෙමවිපියෝ හෙව්වා නම් නරකද?(නදී)

:       0       0

ශ්‍රීනාත්‍ Tuesday, 05 March 2013 01:01 PM

අහ්....ඕක මොකක්ද.....? (ස)

:       0       0

මහින්ද Wednesday, 06 March 2013 11:13 AM

කොල්ලා නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක් වගෙයි. (නි)

:       0       0

රිෂාන් Thursday, 07 March 2013 03:38 PM

ඕවා කොළු කාලේ කරන්නේ නැතුව ආයේ නාකි වුනාම කරන්නද? ඔය වගේ දේවල් තමා කවද හරි කියලා සතුටු වෙන්නත් තියෙන්නේ (ස)

:       0       0

වරුණ Tuesday, 05 March 2013 08:26 AM

මට මතකයි අපේ පන්තියේ කොල්ලෙක් දවසක් කුලියට තාත්තා කෙනෙක් එක්කගෙන ආවා. (නි)

:       0       0

දිසානායක Tuesday, 05 March 2013 07:07 PM

බුද්ධිමතුන් බිහිවෙන්නේ පිටුපස පේලිවලින් කියලා අහලා නැද්ද? දරුවා හිතන්න ඇති මිනී පෙට්ටි හිමියයි ටියුෂන් ගුරුවරයායි එකයි කියලා..!(නු)

:       0       0

දසනායක Tuesday, 05 March 2013 07:03 PM

බුද්ධිමතුන් බිහිවෙන්නේ පිටුපස පේලිවලින් කියලා අහලා නැද්ද? දරුවා හිතන්න ඇති මිනිපෙට්ටි සාප්පු හිමිකරුයි ටියුෂන් පන්තිකරුවයි එකයි කියලා.!(නු)

:       0       0

අසිරු Tuesday, 05 March 2013 07:13 PM

කොල්ලො ඔහොම තමයි.......(නු)

:       0       0

සහන් Thursday, 07 March 2013 11:06 AM

නියම කොල්ලෙක්නේ. (නි)

:       0       0

තාරුක Wednesday, 06 March 2013 07:56 AM

ළමයට ඉගෙනගන්න අවශ්‍ය නැත්නම් ඇයි බලෙන් උගන්වන්නේ? (නි)

:       0       0

අමිල Wednesday, 06 March 2013 01:45 PM

තාරුකලගේ තාත්තා වගේ ඔක්කොම තාත්තලා හිතන්න ඕනේ.(නදී)

:       0       0

සරත් Tuesday, 05 March 2013 09:29 AM

ඕවා ඔහොම තමයි. (නි)

:       0       0

නර්මදා Tuesday, 05 March 2013 02:30 PM

දැන් කාලේ හැදෙන ළමයින්ගේ හැටි (දී)

:       0       0

අනුර Tuesday, 05 March 2013 08:05 PM

නියමයි.. නියමයි..!(නු)

:       0       0

එස්.එල්.ටී.කේ. Tuesday, 05 March 2013 09:53 AM

වැරදි වැඩක් උනත් වෙනස් විදිහට කරන දඟ කොල්ලෙක්. (නි)

:       0       0

ලාල් Tuesday, 05 March 2013 03:02 PM

කොල්ලෝ ඔහොම තමයි (දී)

:       0       0

ග්රේස් Thursday, 07 March 2013 08:04 PM

ගුරුවරයාට වඩා ගෝලයාගේ නුවණ වැඩි බව හැගේ. (නි)

:       0       0

ජයා Tuesday, 05 March 2013 08:58 PM

නියම කොල්ලෙක්. (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 07 March 2013 01:00 PM

මට හිනා යනවා, කොල්ලෝ ඔහොමතමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 313 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 500 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site