දකුණු පළාතේ බෙන්තොටට නුදුරු පෞද්ගලික උපකාරක පන්තියකි. මෙහි ගුරුවරයා තම පන්තියට එන සිසුන්ගේ අඩුපාඩුකම් ගැන ඔවුන්ගේ මවුපියන් සමඟ දුරකථනයෙන් හෝ සාකච්ඡා කිරීමද පුරුද්දක් කර ගෙන තිබේ.
මෙම නව වාරයත් සමඟ එම පන්තියට ඇතුළුවී සිටි සිසුවකු දඩබ්බර වූ අතර ඔහු පන්ති පැමිණීමද දුර්වල වී තිබිණි. ඒ ගැන ඔහුගේ මවුපියන් දැනුම්වත් කිරීමට සිතූ ගුරුවරයා එම සිසුවා විසින්ම ලබාදී තිබූ ඔහුගේ පියාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේය. එදිනද එම සිසුවා පන්තියට පැමිණ තිබුණේ නැත.
ඇමතුම ගත් ගුරුවරයා හලෝ.....ඔය (ළමයාගේ නම කියා) ශිෂ්‍යයාගේ ගෙදර ද? යැයි විමසීය.
එවිට ගුරුවරයාට ලැබුනේ ඔය කවුද ? අපිට එහෙම ළමයෙක් නැහැ. මේක මිනී පෙට්ටි කඩයක්. මොකද මිනී පෙට්ටි ඕඩරයක්ද? යන පිළිතුරයි.
අංකය වැරදි ඇතැයි සිතූ ගුරුවරයා යළි සිසුවා පුරවා දුන් පන්තියට ඇතුළත්වීමේ අයදුම්පතේ සඳහන් ඔහුගේ නිවසේ දුරකථන අංක යළි පරීක්‍ෂා කළේය. එහි තිබුණේ ද එම අංකය වූ අතර ගුරුවරයා යළිත් එම අංකයට ඇමතුමක් ගත්තේය. එවරද ලැබුණේ කලින්ම ලැබුණු පිළිතුරමය. එය ප‍්‍රදේශයේ මල්ශාලාවක දුරකථන අංකයයි. සොයා බැලීමේදී හෙළිවූයේ එම මල්ශාලාවේ නාම පුවරුවේ එම අංකය විශාල ප‍්‍රමාණයෙන් සැමගේ නෙත ගැටෙන සේ සඳහන් කර ඇති බවයි. සිසුවා එම අංකය ගුරුවරයාට ලබා දී තිබිණි.
කෙසේ හෝ මේ බව සෙසු ළමයින්ගෙන් දැනගත් දඩබ්බර වූ එම සිසුවා යළි එම පන්තියට පැමිණියේ ද නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කොල්ලෙක්. (නි)
ගුරුවරයාට වඩා ගෝලයාගේ නුවණ වැඩි බව හැගේ. (නි)
ඕවා කොළු කාලේ කරන්නේ නැතුව ආයේ නාකි වුනාම කරන්නද? ඔය වගේ දේවල් තමා කවද හරි කියලා සතුටු වෙන්නත් තියෙන්නේ (ස)
මට හිනා යනවා, කොල්ලෝ ඔහොමතමයි (දී)
නියම කොල්ලෙක්නේ. (නි)
කොල්‍ලෙ කියන්නේ කොල්ලන්ට. (නි)
දිසානායක මහත්තයට කියන්න තියෙනේ ළමයින්ව විනයානුකුලව හදාගතේ නැත්තම් වෙනදේ මොකක්ද කියලා පොඩ්ඩක් වැලිකඩ හරි බෝගම්බරට (ඇතුළු වෙන්නම් පාලන අධිකාරියෙන් අවසර ගන්න ඕනෑ) හරි ගිහිල්ලා බලන් එකයි. ඇත්තටම ඔවුන් කරපු දේවල් වලට අද දුක් වෙන සිරකරුවන් 10 එක්ක කතා කළොත් 9 දෙනෙක්ම වගේ කුඩා කාලයේ වැරදි කරලා කට්ටි පැනපු හරි දෙමාපියන්ගේ වැරදි හෝ අඩු අවදානය නිසා නොමග ගිය අය බව පැහැදිළි වේවි. (නි)
කවුද දන්නේ ඒ ළමයාගේ ඇත්ත තාත්තමද කියලා? (නි)
තාරුකලගේ තාත්තා වගේ ඔක්කොම තාත්තලා හිතන්න ඕනේ.(නදී)
කොල්ලා නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක් වගෙයි. (නි)
රත්නායක මහත්තයා ඉක්මනට ලංකාවට ඇවිත් දෙමවිපියෝ හෙව්වා නම් නරකද?(නදී)
ළමයට ඉගෙනගන්න අවශ්‍ය නැත්නම් ඇයි බලෙන් උගන්වන්නේ? (නි)
කරුණාකරලා ඉක්මනටම ඒ ළමයාගේ දෙමාපියන්ව හොයලා දැනුවත් කරන්න නැතිනම් ලොකු විනාශයක් ඒ ළමයටත් සමාජයටත් සිදවේවි.පුද්ගලික උපකාරක පන්තියේ ගුරුවරයා විනයක් ඇති ගුරුවරයෙක් බව පේනවා එවැනි ගුරුවරු සිටීමත් ජාතියේ වාසනාවක්.කොහොම හරි ළමයාගේ දෙමාපියන් හොයාගෙන දැනුවත් කරලා ඉක්මනින්ම ළමයව යහමග යවන්න ඕනනේ.ඒවගේම ළමයව හොදට නිරීක්ෂණය කරන්න ඕනනේ. එහෙම නොවුනොත් තව ටික දවසකින් තවත් සක්විතෙක් හෝ පාතාල නායකයෙක් වෙලා ලංකාදීප එසැණින් පුවත් වලටත් ඔය ළමයා ඒයි.(නදී)
මට මතකයි අපේ පන්තියේ කොල්ලෙක් දවසක් කුලියට තාත්තා කෙනෙක් එක්කගෙන ආවා. (නි)
නියමයි.. නියමයි..!(නු)
කොල්ලො ඔහොම තමයි.......(නු)
බුද්ධිමතුන් බිහිවෙන්නේ පිටුපස පේලිවලින් කියලා අහලා නැද්ද? දරුවා හිතන්න ඇති මිනිපෙට්ටි සාප්පු හිමිකරුයි ටියුෂන් පන්තිකරුවයි එකයි කියලා.!(නු)
බුද්ධිමතුන් බිහිවෙන්නේ පිටුපස පේලිවලින් කියලා අහලා නැද්ද? දරුවා හිතන්න ඇති මිනී පෙට්ටි හිමියයි ටියුෂන් ගුරුවරයායි එකයි කියලා..!(නු)
කොල්ල දන්නවා කර යුත්තේ මොකද්ද කියන එක (ස)
කොල්ලෝ ඔහොම තමයි (දී)
දැන් කාලේ හැදෙන ළමයින්ගේ හැටි (දී)
අහ්....ඕක මොකක්ද.....? (ස)
දඩබ්බර කොල්ලෙක්කේ තවත් කොලු වැඩක් (ස)
වැරදි වැඩක් උනත් වෙනස් විදිහට කරන දඟ කොල්ලෙක්. (නි)
ඕවා ඔහොම තමයි. (නි)