තරුණ යුවළක් දෑත් පටලවාගෙන පෙම්බස් දොඩමින් නුගේගොඩ නගරයේ පදික වේදිකාව දිගේ ඉදිරියට එමින් සිටියහ. ‘‘හර්ෂ... අපේ තාත්තා අයියෝ...’’ තරුණිය භිරාන්තවී හැඬුම් බර ස්වරයෙන් කීවාය. ‘‘කෝ... කෝ?’’ තරුණයා කලබල වෙමින් ඇසීය. ‘‘අර ඈත... මේ පැත්තෙට එනවා.’’ ඇය පෙන්වූවාය. තරුණයාට ගණ දෙවි නුවණ පහළ විය. හේ ඇගේ අතින් අල්ලාගෙන එම සුවිසල් ගොඩනැගිල්ලේ පිය ගැට පෙළ නැංගේය. උඩු මහලේ තිබූ අවන් හලට ඇතුළු වූ ඔවුහු එහි අසුන්ගෙන සිසිල් බීමක් ඇණවුම් කළහ. තරුණිය තවමත් බයෙන් ගැහෙයි. වේටර් සිසිල් බීම වීදුරු දෙකක් ගේනාවේය. දෙදෙනා ඒවා තොල ගාන්නට වූහ. ‘‘හත් දෙයියනේ හර්ෂ අපේ ලොකු අයියා’’ ඊළඟ මොහොතේ තරුණිය බයේ ගැහෙමින් තෙපළාය. ‘‘කෝ... කෝ...’’ තරුණයා ඇය බලා සිටි දෙස බලමින් ඇසීය. ‘‘අර කොනේ මේසෙ වාඩි වෙලා මෙහාට පිටුපාලා ඉන්නේ අපේ ලොකු අයියා.’’ ඇය හැඬුම්බර ස්වරයෙන් කීවාය. එකනෙහිම එම තරුණයා පිටුපස හැරී බැලීය. තම නැගණිය හඳුනාගත් හේ කෝපයෙන් නැගිට එතැනට දිව ආවේය. ‘‘චූටි නංගි... උඹ අද පන්ති යනවා කියලා නේද ආවේ?’’ එසේ අසමින් ඔහු ඇයට කනේ පාරක් ගැසීය. ඇය මහ හඬින් හඬා වැටෙද්දී ඔහු සමග එකට බීර බොමින් සිටි මිතුරා වහා දිව විත් ඔහු වළකා ගත්තේය. කෝපවී සිටි ඔහු තම නැගණියගේ පෙම්වතාට පහර පිට පහර දෙන්නට විය. මිතුරා ඔහු පාලනය කර ගැනීමට සමත් විය. ‘‘තෝ මට මීට පස්සෙ අහු වුණොත් මම තෝ මකනවා පල යන්න මෙතැනින් ‘‘කෝපයෙන් ගිගිරූ හේ ඔහුට පා පහරක් ද ගැසීය. ඔහු යන්නට ගියේය. ඔහුට සුළු තුවාල ද සිදුව තිබිණි. ‘‘තෝ හිටපිය මාත් එක්ක යන්න කියමින් හේ තම නැගණිය නවතා ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බොහොමයක් ළමයින් පන්ති යන මුවාවෙන් සිදුවෙන්නේ මෙයයි. මෙම ප්‍රථිපල හෙට දවසට දැඩි ලෙස බලපානු ඇත. එවිට එය නිවැරදි කිරිමට නොහැකි තැනකට පැමිණෙනු ඇත. දරුවන්ගේ භාර කරුවන් හැටියට මව් පියන් හා වැඩිහිටි අය අධ්‍යාපනය ලබන බාල වයෙස් සෙහෝදර සෙහාදරින් ගැන මීට වාඩා සෙවිල්ලෙන් හා සමීපව කටයුතු කළ යුතුය. අද කාලේ සමාජය නොමග යන දේ බෝහෝ ඇත.
අයියා 'පොරක්ද' කොහෙද මම හිතන්නේ
ලංකාවේ මිනිස්සු බොනවා තමයි.ඒත් ආදරේ අදුරන්නේ නැති පඹයෝ නෙමෙයි
කට ඇරලා මානව හිමිකම් ගැන කතා කරන අයට මේවා පේන්නේ නැද්ද
තරුණ දරුවෝ අද මේ රටේ වල්මත් වෙලා වගෙයි හැසිරෙන්නේ. තමන් වැරදි කරන ගමන් තවත් කෙනෙකුගේ වැරැද්ද හොයන්න තමයි කවුරුත් කටයුතු කරන්නේ. මේ ගති ලක්ෂණය මේ කතාවේ අයියට පමණක් නෙවෙයි. හැම තැතකදීම දකින්න තිබෙන ලක්ෂණයක්. මෙයින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නිතරම තමන්ගේ වැරැද්ද අනුන්ගේ වැරැද්ද මඟින් වසා ගැනීමට වෑයම් කිරීම. ආදරය කිරීම වරදක් නෙවෙයි. ඒත් නොදන්නා කමින් වුනත් තරුණියක් තරුණයෙකු සමඟ හෝටල් ගානේ රිංගීම නම් වරදක්. මෙහිදී ඒ දෙදෙනා වරදක් කරලා නොමැති වුනත් දකින අය නංගී ගැන හිතන්නේ වැරදි අදහසක්.මම හිතන්නේ අයියට කේන්ති යන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. මම එහෙම කියන්නේ මටත් ඉන්නේ නංගි කෙනෙක් හින්දා වෙන්න ඇති. නමුත් මගේ නංගී වෛද්‍යවරියක්. එයා එහෙම කෙනෙක් නෙවෙයි. මමත් අයියා කෙනෙක් නිසා ඒ පුද්ගලයගේ හැඟීම මටත් දැනෙනවා කියලා කියන්නයි මම එහෙම ලියුවේ. අනික පවුලක වැඩිමලා විදිහට තාත්තා කෙනෙක් වගේ පවුලේ බාල සහෝදර සහෝදරියන්ගේ වගකීම තියෙන්නේ අයියට.ඒ නිසා අයියා ඒ විදිහට හැසිරීමත් එක්තරා දෘෂ්ටි කෝෂණයකින් බැලුවම සාධාරණයි.ඒත් තවත් පුද්ගලයෙකුට තදබල විදිහට පහරදීම නම් මට අනුමත කරන්න බැහැ.පොලිසියට ගිහින් පැමිණිලි කිරීම වෙනම දෙයක්. තමන් නීතිය අතට අරගෙන සිවිල් මිනිස්සුන්ට පහරදීම වරදක්.වරදක් කළ අයෙකුට වුවත් අප කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කර අදාළ වරදකට දඬුවම් ලබාදීම මිසක් අප නීතිය අතට අරගෙන අපට අවශ්‍ය විදිහට කටයුතු කිරීම නෙවෙයි.අද අපේ රටේ තීතිය ක්‍රියාත්මක වෙන්නේ පාලක පිරිසට එක විදිහකටත් සාමාන්‍ය ජනතාවට තවත් විදිහකටත් බව මේ රටේ සාමාන්‍ය ජනතාව දන්නා නිසා සුළු සිදුවීමදී වුවත් මිනිස්සු නීතිය අතට අරගෙන ලොකු විනාශකාරී දේවල්වල නිරතවන බව අපට පුවත්පත්වලින් වාර්තාවන සිදුවීම් අනුව අහන්න දකින්න ලැබෙනවා.මේකත් ඒ වගේ එක්තරා සිදුවීමක් බවයි මගේ පුද්ගලික අදහස නම්
බුද්ධිමත්ව සිතුවොත් මේ කාගේවත් ක්‍රියාකලාපය අනුමක කරන්න බෑ.සියල්ලන්ම වැරදියි
දුර දිග නොහිතා අයියා කළ වැඩෙන් වෙන්නේ තවත් ප්‍රශ්නය අවුල් වෙන එකයි
දවසක අයියත් මේ වගේම පෙම්වතියක් එක්ක යනවා නංගිට අහුවුන දවසක නංගිගෙන් අයියගේ පෙම්වතියට හොඳ කම්මුල් පාරක් තමයි කන්න වෙන්නේ මේ විදිහට අයියා කරන්න ගියොතින් නම් ඊට නරකද දෙන්නම එක්කහු වෙලා මේ වගේ ප්‍රශ්න ගොඩින් බේරගන්න බැලුවා නම් මේ විදිහට ඇගේ හයියෙන් විසඳන්න යන්නේ නැතිව
මරු අයියලා නංගිලා. කවුරු කවුරුත් ගැලපෙන තොප්පි දා ගන්න (ස)
අයියට පොඩ්ඩක් හිතන්න තිබුණා
ආදරේ නිසා කොල්ලන් හට දුක් දෙන්න එපා
ජගත් 2012-05-10 18:43:15 බීර වීදුරුවේ රස දන්න ආදරයේ රස නොදන්න මෝඩ අයියා කෙනෙක්............. ඒ කතාවට මමත් එකගයි
ඕකනේ කියන්නේ.දෙන්නත් එක්ක ගෙදර ගියානම් ඔය කාටවත් අහු වෙන්නේ නෑනේ
මම නම් දන්න තරමින් බියර් බොන්න තියෙන්නේ බාර් වල මිසක් ස්නැක්බාර් වල නෙවෙයි. මේ කොල්ලා කෙල්ලවත් අරගෙන ගිහිල්ලා තියෙන්නේ බාර් එකකට නේ. තමන් ආදරය කරන කෙල්ලවත් අරගෙන බාර් එකකට යන කොල්ලා කවුද.
නංගිටත් තිබුණේ බීර විදුරුවක් බොන්නනේ
අයියෙක් නොවෙයි හරකෙක්
ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න ඕන. දෙමාපියන් මහන්සියෙන් හම්බකරන සල්ලි වලට වටිනාකමක් දෙන්න දරුවො දැනගන්න ඕන.
අයියාට තරහා යන්න ඇත්තේ නංගීව බාර් එකේදී දැකපු නිසා වෙන්න ඇති
අයියා මෛත්‍රී භාවනාව වැඩුවනම් හොඳයි නේද අනාගතය ගැන හිතල.මේව ඔඵව පාවිච්චි කරල විසඳ ගන්න ඔනි දේවල්
මම හිතන්නේ අද ගෑණු ළමයි මීට වැඩිය බුද්ධිමත් වෙන්න ඕනේ. අයියත් දැන ගන්න ඕනේ ප්‍රශ්නයක් බුද්ධිමත්ව විසඳන්න.
සා ...පයක් අප්පා .................???~~
සා ...පයක් අප්පා .................???~~
ඇත්තටඅයියගේ වැඩෙ කැතයි.අයියාට තව ඉවසන්න තිබුනා.
ගෙදරට පන්ති යනවා කියලා ගිය තමන්ගේ නංගී කොල්ලෙක් එක්ක ඉද්දී දකින ඕන අයියා කෙනෙකුට මේ වගේ තරහ එන එක පුදුමයක් නෙවෙයි.
ගෙදෙට්ට බොරු කියපු එක කැතයි නේද නංගියා
මටත් ඔය වැඩේම උනා. තාත්තටයි අහුවුනේ.තාත්ත යකා නැටුවෙ නැහැ. අපි දෙන්නම කාර් එකේ දාගෙන, එයාවත් ගෙදරින් බස්සලා, ගෙදර ගියා. ගෙදර ආවට පස්සේ මට හොඳ ලෙක්චර් එකක් දුන්න, ලුණු ඇඹුල් ඇතිව.එතකොට මම ඇඩ්වාන්ස් ලෙවෙල්. ඊට අවරුදු හයකට පස්සේ අපි විවාහ වුණා.
අනේ මෙයාටත් බීර විදුරුවක් දුන්නනම් ඉවරනේ. අයියගේ වැඩෙ කැතයි
මේ රටට පිස්සුද මන්දා....
චතුගේ අදහස හරියටම හරි....
මමත් ආදරය කරන කෙනෙක්, නමුත් මම කැමති නැහැ ගැහැණු ළමයි, පිරිමි ළමුන් සමග හෝටල් ගානේ රස්තියාදු වෙනවාට
හැම දේටම කාලයක් වෙලාවක් තියෙනවනේ.එතකල් ඉන්න
තමන්ටම කෙනෙක් හොයා ගන්න නොදී පස්සේ මනමාලයො හොය හොය ඉදලා ගෙදරටම නාකි වුණාම හරි ඇති
ගහෙන් වැටුන මිණිහට ගොනා ඇන්නා වාගෙයි කියනනේ මෙකටතමා.
ඔයවගේ පිස්සු කට්ටිය තමයි අද රටේ වෙන ළද බොළද වැඩ කරන්නේ
නුවන්, සමහර විට ඔයාට මේ අත්දැකීම ලැබුණා නම් තේරෙයි
ඇයි මේ විදියට නංගිට අවනම්බු කරන්නේ? තරුණ වයසට ආදරේ කරන එක වැරැද්දක්ද?
මේක සුළු සිදුවීමක්.අපි නුවණ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනි
අයියන්ඩිය මට සමාව දුන මෑන ආදරයේ සුව දෑනුනු දිනේ
ආදරේ කරන එක වැරැද්දක්ද?
නොම්මර එකේ මෝඩයෙක් වෙන්න ඇති
කතාවක් නෑ ආයි. ශිෂ්ඨත්වයක් නැති කම
ඉතිං අයියා බියර් බොනවා නංගිට අහු වුණානේ
ආදරේ කරනවා කියන්නේ පන්ති යනගමන් අතන මෙතන රවුම් ගහන එක නෙමේ. පන්ති යන්න ආවානම් පන්තිය යන්න තිබුණා. අයියා නංගිව තමන්ගාව තියාගත්තේ නංගිට තියන ආදරේ නිසා. නියම නංගි අයියා කෙනෙක්.
පිස්සු නේ???
අයියාට බීර බොන්න හොද නම්, නංගි ආදරේ කරන්න එක වරදක් ද? නංගිට වඩා හොර වැඩක් නේ අයිය කරලා තියෙන්නේ
මේ වගේ පොඩි දේවල් වලට ගහමරාගන්න යන්නෙ නූගත් මෝඩයො. අයියගෙ නම්බර් එක හිතාගන්න පුලුවන්.
ඔය වගේ පවුල් වලට සම්බන්ද නොවන එක තමි හොඳමදි
කොහොම උණත් ඒ අයියගේ ආදරේ නිසා වෙන්න ඇති මෙහෙම කරන්න ඇත්තේ
බීර වීදුරුවේ රස දන්න ආදරයේ රස නොදන්න මෝඩ අයියා කෙනෙක්
මේකේ ඇති වැරැද්ද මොකක්ද? අන්තිමට කොහොමත් වෙන්නේ ඔය ටිකමනේ
ආදරේ කරනවා කියන්නේ පන්ති යනගමන් අතන මෙතන රවුම් ගහන එක නෙමේ තමයි. පන්ති යන්න ආවානම් පන්තිය යන්න තිබුණා. අයියා නංගිව තමන්ගාව තියාගත්තේ නංගිට තියන ආදරේ නිසාමයි. නියම අයියා කෙනෙක්ම තමයි.
නියම අයියෙක්.ඒත් කොල්ලට ගහපු එක නම් එච්චර හොද මදි
අයියා නංගී වාගේ-නංගී අයියා වාගේ
ඒ අයියා නම් වෘෂභ රාජයෙක්.
හොද වෙලාවට තාත්තා බියර් බොන්න ආවේ නැත්තේ
මම අද තමයි දන්නේ බේබද්දොත් නංගිලාට ආදරෙයි කියලා.කොහෙද දන්නේ නෑ මේ අයගේ ගම?
මේක මොකක් හරි චන්ඩි අයියා කෙනෙක් ඉන්න ටෙලිනාට්‍යයක කෑල්ලක්ද?
මේ අයියට නම් පිස්සු.තරුණ වයසට එන ආදර හැගීම් තේරුම් නොගෙන තමන්ගේ නංගිට ලැජ්ජා කළ එක වැරදියි
ආදරේ කරාට කමක් නෑ...පන්ති යනවා කියලා බොරු කියලා ඇවිදින එකනම් හොඳ නෑ.....