අගනුවරට ආසන්න උපනගරයක පදිංචි මේ අඹුසැමි යුවළ සේවය කළේ සමුපකාරයට සම්බන්ධ ආයතනයක. පසුගියදා අලූත් අවුරුද්දට ගේ අස්පස් කොට සායම් ගෑ ඔවුහු පාර දිගට වූ තාප්පයෙහි තමාට අයත් කොටස ද පිළිසකර කිරීමට සූදානම් කළහ.
ඔවුන්ට මෙය කළ නොහැකි නිසා දුර බැහැර ජීවත් වූ බිරිඳගේ ඥාතියකු වූ සායම් බාස් කෙනකුට වැඬේ පැවරීය.
”මෙම තාප්ප කෑල්ලෙ සායම් ගාන්න. අපි වැඩට ගිහිං සවස එන්නෙ. තීන්ත මදි වුණොත් කඩෙන් ගෙන්න ගන්න. අපි කඬේට කියල යන්නම්” කී ඔවුහු තීන්ත කඩයේ නම ද කියා වැඩට ගියහ.
සවස ගෙදර ආ ඔවුන්ට දකින්නට ලැබුණේ තමාට අයත් කොටසේ පමණක් නොව ගෙවල් තුනක් දිගට විහිදී තාප්පයේ මුළුමනින්ම තීන්ත ආලේප කර ඇති බවකි.
”එළිය පැත්තෙ නම් දිගටම ගෑවා. ඒත් ඇතුළු පැතිවල ගානවට ගෙවල්වල කට්ටිය එච්චර කැමති වුණේ නැහැ” ඥාතියා කීමෙන් මේ ජෝඩුවට තරු පෙනුනලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු ගෙදර අයියා තීන්ත ගාන්න බාස් කෙනෙක් හොයනවා, ඔය මාමා ඉන්න තැනක් දන්නවා නම් මටත් කියන්න :) (නි)
සෙන්තිල්, ඔයාලගේ අය රටේ තීන්ත ගාන්න ඇවිත් මතක නැද්ද තීන්ත නා ගත්තා? (නි)
අපේ අල්ලපු ගෙදර කට්ටිය තින්ත බාස් කෙනක්ව හොයනවා. ඔය මාමගේ දුරකතන අංකය දෙනවද? (නි)
ඉතින් ඒ අයගෙන් සල්ලි ටිකක් ඉල්ලා ගන්නකො තීන්ට වලට ගිය ව්යදම කියලා.(නදී)
සෙන්තිල් මහ මෝඩයෙක්. (නි)
සෙන්තිල්ද දන්නෙ නැහැ මේ තීන්ත ගාපු කෙනා... (නි)
ඔය මාමා එවන්න බැරිද අපේ අල්ලපු ගෙදර තාප්පේ තීන්ත ගාවගන්න. අපේ ගෙදර තාප්පෙත් පරණ පාටයි. (නි)
තීන්ත ගාන්න නියම එක්කෙනා .... (නි)
සෙන්තිල් නියම මෝඩයෙක් (ස)
සනත් හරියටම හරි. සෙන්තිල්ලා දන්නේ ඔච්චර තමයි (නි)
මේ මාමා හොඳ මාමා. මුනේ දැලි ගෑවේ නැහැනේ... (නි)
සෙන්තිල්ලා දන්නෙ නැති වුණාට මේ රටේ මහා වැව් දාගැබ් කරලා සංස්කෘතියක් ගොඩ නැංවූයේ සිංහල වීරයො තමයි. (නි)
සෙන්තිල්ලා දන්නෙ තමිල්නාඩුවෙන් එන පුස් වීරයින්ගෙ බයිස්කෝප් බලලා විසිල් ගහන්න විතරක් නිසා මේවා දන්නෙ නැහැ. (නි)
ගාන්න ඕනෑ ප්‍රමාණය නොපෙන්වීමේ වරද කාගේද? (නි)
ඕක ඉතින් පුදුමයක් නෙමෙයිනේ. සිංහලයා මොඩයා කැවුම් කන්න ශූරයා.(නදී)
ඔය වගේ එක්කෙනෙක් අපි ලගත් හිටියා. තින්ත ගාන්න කියලා එලියට ගිහින් එනකොට ටයිල් අල්ලපු බිත්ති වලත් තින්ත ගාලා තිබුනා .(නදී)
උබ ලොකු පිනක් කරගෙන තියන්නේ.(නදී)
මාමට දොස් කියලා වැඩක් නැහැ (නි)
අපේ ගෙදර තාාප්පෙත් තීන්ත ගාන්න එක්කෙනෙක් හොයනවා , ඔය මාමා ඉන්න තැනක් දන්නවනම් මටත් කියන්න :) (ස)
නියම කතාව... (නි)
අනේ මන්දා මාමත් බලපුවම එක්තරා වර්ගයක හද මාමෙක් තමයි.(නදී)
වරද කාගේද ? (නි)
මාමගේ ගම කොහෙද දන්නෙ නැහැ නේද? (නි)
දින දෙක තුනකින් ආවා නම් කොහෙන් නතර වෙලා තියේවිද මන්දා. (නි)
අපේ මාමලා ඔක්කොම ඔය වගේ. තීන්ත ගාන්නෙම අනුන්ගේ තාප්ප වල. (නි)