කැබිතිගොල්ලෑව ප්රදේශයේ හේන් යායක එක්තරා පැලක සිදුවූ අපූරු කතා ප්රවෘත්තියක් නොබෝදා දැනගන්නට ලැබුණි.
වඳුරන් සහ රිළවුන් වැනි සතුන් පලවා හැරීම සඳහා ගොවි මහතුන් විසින් පයිප්ප බට යොදා ගනිමින් ජිල් බෝල වැනි යමක් ඇතුළට දමා එම සතුන්ට වෙඩි තබා පලවා හැරීම මේ දිනවල බොහෝ හේන් යායවල දැකගත හැකි සුලභ දසුනකි.
මෙම හේන් යායේ පැල් රකින තරුණ ගොවි මහතකු එම හේන්යායේම වෙනත් පැලක සිටි තරුණ ගෙවිලියක සමග අනියම් ඇසුරක පැටලී සිටියේ සියලු ගොවීන්ට රහසිගතවය. මොවුන් දෙදෙනාම විවාහකයන්ය.
එක දවසක් තරුණ ගොවි මහතාගේ බිරිය හේනේ වැඩපළ කරමින් සිට ගිමන් හැරීම සඳහා සැමියාගේ පැලට ගොඩ වූවාය. සැමියා නිදාගන්නා ලී මැස්ස යට කළු පාට යමක් ගුලි වී තිබෙනු දැක බිරිය විමසිලිමත්ව එය කුමක් දැයි පරීක්ෂා කර බැලුවාය.
‘‘මේ තන පටක්නේ. මේක කොහෙන්ද මෙතෙන්ට ආවෙ” ඇය දහස් වර සිතුවාය. බැරිම තැන ඇය සැමියාගෙන් මේ ගැන විමසුවාය. සැමියාට පිළිතුරු දීමට නොහැකිව ගොත වැටෙන්නට පටන් ගත්තේ මුහුණ දෙපසින් දහඩිය ද වැක්කෙරෙමිනි. ඇයට යක්ෂයා ආරූඪ විය. හේන් යායේ වපුරමින් සිටි පිරිසට හඬ නගා අඬගැසුවාය.
පිරිස මේ මොන කරදරයක් දැයි සිතා වැඩපළ නතර කොට ඔවුන්ගේ පැල සමීපයට රොක් වූහ.
බිරිය සැමියාගේ හපන්කම ගැන ඔවුන්ට පවසා මැස්ස යට තිබූ ‘‘තනපට”ගසක අත්තක එල්ලුවාය.
ඇය වඳුරන් සහ රිළවුන් පලවා හරින පයිප්ප බට තුවක්කුව අතට අරගෙන තනපට ඉලක්ක කොට පයිප්ප බට තුවක්කුවේ කොකා ගැස්සුවාය.
තනපටය වේගයෙන් අහසට විසි වුණේය.
හේන් යායේ පිරිස සැමියාටත් බිරිඳටත් අවවාද කොට එම කලබලය සන්සුන් කර ඔවුන්ගේ වැඩපළ කරා පිටත් වූහ.
එහෙත් මේ වන විට හේන් යාය පුරාම පමණක් නොව ප්රදේශය පුරාම තරුණ ගොවියා දකින විට ‘‘තන පට අහසට” යනුවෙන් නමක් පටබැඳ තිබෙනවාලු .
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd