මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
විශ්‍රාම සුවයෙන් පසු වූ අයකු මියගිය පසුව වැඩි ගෞරවයක් දැක්වීම සඳහා මෘත දේහය කෙළින් සිටුවා ඇඳුම් ඇන්දවීමට ගොස් මල්ශාලා හිමිකරුවකු දැඩි අපහසුතාවකට පත් වූ පුවතක් ඇතුගල්පුර නගරයට නුදුරින් පිහිටි නගරයකින් අසන්නට ලැබුණි.
ඒ ප්‍රදේශයේ ඇති එකම මල් ශාලාවද මෙය වෙයි. මේ නිසා මිය යන බොහොමයකගේ මෘත දේහයන් සකසන්නේද මොහුය.
ඔහු කාලයක සිට ඒ පිළිබදව මනා දැනුමකින් පසු වුවත්, රාජ්‍ය සේවාවේ ඉහළම තනතුරක් දැරූ මෙවැනි අයකුගේ මෘත දේහයක් බාරගත් පළමු අවස්ථාවද මෙයයි. මෙවැනි අයගේ මෘත දේහයන් මෙරට ප්‍රසිද්ධියක් උසුලන මල් ශාලා වෙතින් සිදු කරන නමුත්, පවුලේ අයගේ ඉල්ලීම මත මෙම කාර්ය මොහුට බාර දී තිබුණි.
“මල්ලී මේ අවසන් කටයුතු කිරීම වෙන මළ ගෙවල්වල වාගේ නෙමෙයි ඉහළම විදියට කරන්න ඕනෑ” පවුලේ අයෙක් ඉල්ලීමක් කළේය.
“හරි හරි එන අය හොල්මන් වෙන්න වැඩේ කරමු” මල් ශාලා හිමිකරු කීවේය.“අන්න හරි.... නම ගිය මල් ශාලාවල වැඩ්ඩන්ට වඩා අපේ ගම් පළාත්වලත් වැඩ කාරයෝ ඉන්නවා කියලා කියන්න පෙන්වන්න එහෙනම් වැඩේ හරියට කරන්න” යැයි පවුලේ අය පැවසු පසුව, එය ටක්කෙටම කර දෙන අදිටනින් යුතුව මිය ගිය තැනැත්තාගේ නිවසේ තිබු මෘත දේහය මල් ශාලා රථයකින් එහි ගෙනාවේය.
සාමාන්‍යයෙන් මිය ගිය පිරිමි අයකුගේ කලිසම හා කමිසය යටින් පලා මෘත දේහයට අන්දවයි.
අපි මචං මේක පලන්නේ නැතිව බොඩියට අන්දවන්න ට්‍රයි කරමු.
ඒ අනුව සේවක පිරිසක් එක්ව මිය ගිය තැනැත්තා කෙළින් කළහ.
තවකෙකු ගෙදරින් එවා තිබුණු කලිසම දැඩි පරිශ්‍රමයක් දරා කකුල් දෙකට දැම්මේය. උඩට ඇද්දේය. එහෙත් ඉණෙන් උඩට එන්නේ නැත. ඒ මියගිය අයකුගේ සිරුර ගලක් මෙන් දරදඬු වී තිබෙන නිසාය. එය එසේ තිබියදී ගෙදරින් එවා තිබු කමිසයද ඇන්දෙව්වේය. දේහය පෙට්ටිය මත තිරස් අතට තබා හැඩ වැඩ බැලුවේය. අත් දිග කමිසයේ කිසිම හැඩයක් නැත. අන්දවපු කලිසම උඩට ගන්නටද බැරිය. සිදු වී ඇති අකරතැබ්බිය මල් ශාලා හිමිකරු ඒ පිළිබදව පරිණත දැනුමක් ඇති අයකුට කීවේය.
අසරණ වෙන මොහොතේ අහක බැලීම මනුෂ්‍යත්වය නොවන බව වටහා ගත් ඔහු, ලහි ලහියේ එහි ළඟා වී කලිසම හා කමිසය අවැසි තැන්වලින් කපා පලා නිසි ලෙසට සකසා දීමෙන් වෙන්නට ගිය අපවාදයෙන් මල් ශාලා හිමිකරුමුදා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd