(රාජාංගණය - නුවන් කුමාර)
ඉක්මනින් අරක්කු බෝතලයක් බී වාර්තාවක් තැබීමට සූදානම් වූ තරුණයකුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමේ පුවතක් ආරංචිවෙයි.
සිද්ධියේ කතානායක වන තරුණයා අවුරුදු 23ක් පමණ වයසැති දක්ෂ වඩු කාර්මිකයෙකි. මොහුගේ දක්ෂතාව නිසාම තම ගම්මානයේ පමණක් නොව දුර බැහැර ප්‍රදේශවල වැසියන් ද තමතමන්ගේ නිවෙස්වල වඩුවැඩ කරගැනීමට මෙම තරුණයාට ආරාධනා කිරීම සාමාන්‍ය දෙයකි.
බොහෝවිට ඔහු වඩුවැඩවල යෙදෙන්නේ කොන්ත්‍රාත් ක්‍රමයටය. ඒ නිසාම ඔහුට ගෝලයෝ පිරිසක්ද සිටිති.
කොපමණ දක්ෂ වඩු කාර්මිකයෙකු වුවද ඔහු ඇතුළු ගෝලයින්ගෙන් කොටසක් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇත.
කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්තවීම හේතුවෙන් රජය විසින් ඇඳිරි නීතිය පැනවූ සමයේදී සුරාසල් වසාදමා තිබූ නිසා බොහෝ විට මොවුන් ඇතුළු පිරිසට මත්ද්‍රව්‍ය ලබාගැනීමට බාධා පැමිණ තිබුණි..
ඇදිරිනීතිය මදක් ලිහිල්කර සුරාසල් විවෘත කිරීමත් සමග අප්‍රමාණ සතුටක් මියගිය පුද්ගලයාට හා ඔහුගේ මිතුරන්ට දැනෙන්නට විය.
නොච්චියාගම ප්‍රදේශයේ නිවසක වහලයක් ගැසීමට ඔවුනට ආරාධනා ලැබෙන්නේ පසුගිය සතියේය. වැඩ අවසන් කර අරක්කු බෝතල් කිහිපයක් මිලදී ගත් පිරිස ඒවා එකින් එක හිස්කරමින් සිටින අතරතුර අපේ කතානායකයාට අපූරු අදහසක් පහළ වී තිබේ.
තමා මීට පෙර තත්පර 45ක් ඇතුළත අරක්කු බෝතලය කටේ තබාගෙන පානය කොට තැබූ වාර්තාව තමා විසින්ම බිඳහෙළන බවට පුරසාරම් දොඩා මෙවරත් අරක්කු බෝතලය කටේ තබාගෙන පානය කිරීමට සූදානම් වූ විට අරක්කු පිට උගුරේ ගොස් දැඩි ලෙස අසාධ්‍යවී ඇත. මිතුරන් විසින් ඔහු රෝහල් ගත කරනු ලැබුවද අවාසනාවකට ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබේ.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තප්පර 45 කට කලින් බෝතලේ හිස් කරන ඔට්ටුවෙන් එලෝ ගිහින්
Pradeep Thursday, 04 June 2020 05:29 PM
වෘත්තියේ දක්ෂයෙකු වුවත් සුරාවේ ආදීනව වටහා නොගැනීම සහ නොමනා ක්‍රියා සඳහා ඔහුගේ තිබු අධිතක්සේරුව නිසා අකාලයේ අහිමි වූ තරුණ ජිවිතයක්. පාඩමකට ගෙන හැදෙන කෙනෙකුට හැදෙනවානම් හොඳ ප්‍රවෘත්තියක්..