කාර්යාලයෙන් කාර්යාලයට යමින් ලිපි ලියමින් තෙමසක් තිස්සේ සොයමින් සිටි ජාතික හැඳුනුම්පත නිවසේ මේසයක් මත තිබී හමුවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. රජයේ රැුකියාවක නිරත අයෙකි. ජාතික හැදුනුම්පත අපහැදිලිවීම නිසා අලූතින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලැබුයේ මාස තුන හතරකට පෙරදීය. ඒ අනුව සියලූ කටයුතුකර ඉල්ලූම් පත‍්‍රය ග‍්‍රාම නිලධාරී මගින් යවනු ලැබීය.
මසකින් පමණ නව හැදුනුම්පත තැපෑලෙන් ලැබෙනු ඇති බව ප‍්‍රකාශ වුවත් මේ අයට එය ලැබුණේ නැත. ග‍්‍රාම නිලධාරීන්ගෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරනු ලැබුවේ ඒ නිසාය.
ඉල්ලූම්කර දින කිහිපයක් ඇතුළත නව හැදුනුම්පත නිකුත් කර එය අදාළ ලිපිනයට තැපැල් කර ඇති බව අන්තිමේ දැන ගන්නට ලැබිණි. ඒ සමගම චෝදනාව එල්ලවූයේ තැපැල් දෙපාර්තමේන්තුවටය. එය තැපෑලේදී අවස්ථානගත වෙන්නට ඇතැයි සැකයක් ඇතිවිය. හැඳුනුම්පත තැපැල් කළ දිනය ඇතුළු විස්තර ලබාගෙන කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ නියමිත දිනවලදීම එය නිවසේ අයෙකුට බාරදී ඇති බවය.
නිවසේ සිටි ඥාතියා හැඳුනුම්පත අඩංගු ලිපිය බාරගෙන එය මේසයක් මත තැබූ බව සිහිපත් කිරීමෙන් පසු කීය. ඒ අනුව පරීක්ෂා කිරීමේදී එය තිබූ තැනම තිබී හමුවීමෙන් මාස තුනක් තිස්සේ පැවති ගැටලූවක් අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකට ගෙදර ඥාතියාත් වැඩ කරන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක වෙන්න ඇති. කවදාවත් වැදගත් ලියකියවිල්ලක් ඒගොල්ලන්ට ඉල්ලපු සැණින් සොයල දෙන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒවා තියපු තැන මතකත් නැහැ. අපි ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරවා ගන්න ගිහින් පුදුම කට්ටක් නේ කන්නේ. (බ)
එකත් එකට ගෙදර ඥාතියාත් වැඩකරන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක වෙන්න ඇති. කවදාවත් වැදගත් ලියවිල්ලක් ඒගොල්ලන්ට ඉල්ලපු සැනින් සොයලා දෙන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඒවා තියපු තැන මතකත් නැහැ. අපි ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරවාගන්න ගිහින් පුදුම කට්ටක්නේ කන්නේ. (නි)
ගොඩක් චෝදනා එහෙම තමයි හැමෝම ලේසියට බනින්නේ තැපැල් දෙපාර්තමේන්තුවට නමුත් බොහෝවිට ඔවුන් හරියට වැඩ කරනවා (බ)
ඒ කියන්නේ මේ ගෙදර මිනිස්සු ඉඳලා නැද්ද? නැත්නම් ගෙදර මෙසේ උඩ තියෙන දේ දැක්කේ නැත්තේ කොහොමද අප්පා? (නි)
මම කියන්නේ ඥාතියා වැඩ කරන්නෙත් තැපෑලේ නැත්නම් ආණ්ඩුවේ කන්තෝරුවක වෙන්න ඇති. ලිපිලේඛන පිළිබඳ මෙලෝ සිහියක් නැති ඒවා නිතර අස්ථානගත වෙන පරිසරයක් තිබෙන්නේ එවැනි කට්ටිය වැඩකරන තැන් වල තමයි. (නි)
මොන සිහියකින්ද ඉන්නේ? (නි)
මේකට හේතුව පිළිවෙලක් නැතිකම. ගෙදරට තැපෑලෙන් එන සියලුම ලිපිලේඛන කියවා බැලු පසු හෝ නොකියවා දමන්න කාඩිබෝඩ් පෙට්ටියක් තබාගන්න. සතියකට වතාවක් එම පෙට්ටියේ ඇති ලිපි ලේඛන පරිස්සමෙන් කියවා බලා අවශ්‍ය දේවල් වෙන වෙනම ලිපිගොනුවල අසුරන්න (නි)